ඉතාලියේ ග්ලැසියරයක් රෝසපැහැ වීමේ අවදානමක්

ඉතාලියේ ග්ලැසියරයක් රෝස පැහැයට හැරීමේ පුවතක් පිළිබඳව වාර්තා වෙනවා. මෙලෙස උතුරු ඉතාලියේ ප්‍රෙසෙන ග්ලැසියරය රෝස පැහැවී ඇති බව ඉතාලියේ ජාතික පර්යේෂණ කවුන්සිලය ධ්‍රැවීය විද්‍යායතනය පර්යේෂක බියාජියෝ ඩී මවුරෝ පසුගිය සදුදා CNN වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. විමර්ශන සඳහා දීම මවුරෝ සෙනසුරාදා මෙම ග්ලැසියරය වෙත ගිය විට දර්ශනය වී ඇත්තේ යම් ඇල්ගී විශේෂයක් නිසා මෙලෙස හිම රෝස පැහැයෙන් දක්නට ලැබෙන බවයි.
වර්ණය වෙනස් වීමට බලපෑ ඇල්ගී වර්ගය ලෙස හඳුනාගෙන ඇත්තේ ක්ලැමිඩොමොනාස් නිවාලිස් නම් ඇල්ගී විශේෂය බවයි. මෙම වසන්ත හා ගිම්හානයේ අඩු හිමපතනයක් සහ ඉහළ වායුගෝලීය උෂ්ණත්වයක් දක්නට ලැබෙන බව මවුරෝ පවසා තිබෙනවා. මෙය ඇල්ගී වර්ධනයට සුදුසු පරිසරයක් නිර්මාණය කරන බැවින් මෙලෙස සුවිශේෂී පාරිසරික වෙනස් කමක් ඇති වීමට හේතුව වී ඇති බව වාර්තා වෙනවා. මෙලෙස ඇල්ගී විශේෂ ව්‍යාප්ත වීයාම ග්ලැසියරයට එතරම් හිතකර නොවන්නේ ග්ලැසියරයේ හිම ශක්තිය ඇල්ගී විසින් අවශෝෂණය කිරීම නිසයි. මෙම සංසිද්ධිය මේ වසරේදී සුලබ වී ඇති අතර ඇල්ගී ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු චන්ද්‍රිකා දත්ත භාවිතා කරමින් ඒවා සිතියම් ගත කිරීම සඳහා වඩාත් විස්තරාත්මක අධ්‍යනයක් සැලසුම් කර ඇති බව වීම තවදුරටත් ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
ඇන්ටාක්ටිකාවේ මෙවැනි යෝධ ග්ලැසියර දිය වෙමින් පවතින අතර එමගින් මුහුදු මට්ටම අඩි 5කින් ඉහළ යා හැකි බව විද්‍යාඥයන් පවසනවා. ඩී මවුරෝ මීට පෙර ස්විස්ටර්ලන්තයේ මෝර්ටෙරෙට්ෂ් ග්ලැසියරය පිළිබඳ අධ්‍යනය කර ඇති අතර එහිදී මෙවැනිම ඇල්ගී විශේෂය නිසා එහි හිම දම් පැහැ බවට හැරුණු බව වාර්තා වෙනවා. මෙම ඇල්ගී නිරිතදිග ග්‍රීන්ලන්තයෙන් මෙන්ම ඇන්ඩීස් සහ හිමාල ප්‍රදේශ ආශ්‍රිතව ද සොයා ගත හැකි බව වාර්තා වෙනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරා ග්ලැසියර දියවෙමින් පවතින අතර වසර පහක් තුළ ස්විස්ටර්ලන්තයේ ග්ලැසියර් සියයට 10කින් අඩු වී තිබෙනවා. 10 ඇන්ටාක්ටිකාවේ යෝධ ඩෙන්මන් ග්ලැසියරය පසුගිය වසර 22 තුල සැතපුම් තුනකට ආසන්න දුරක් අඩුවී ඇති බව ඇතිබව බව පසුගිය මාර්තු මාසයේ ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයකින් අනාවරණය වෙනවා. එය මුළුමනින්ම දිය වුවහොත් මුහුදු මට්ටම ආසන්න වශයෙන් අඩි 5 කින් පමණ ඉහළ යනු ඇතැයි පර්යේෂකයන් වැඩිදුර විස්තර පවසනවා. වෙනස් වන දේශගුණික තත්ව හමුවේ දියවෙමින් පවතින් ග්ලැසියර නිසා සහ ඊට සිදුවන මෙවැනි ආපදා නිසා ඉදිරියේදී මිනිසාට තවත් අභියෝග වලට මුහුණදීමට සිදුවනු ඇත.
by Dilki Shamani
Source : edition.cnn.com
864 Views
Comments