සියදිවි හානි කරගත් බොලිවුඩයේ සුපිරි තරු

පහුගිය දිනවල මාධ්‍ය කලඹමින් සියළු දෙනාගේම හිතට ශෝකයක් ගෙන දෙන ආන්දෝලාත්මක මරණයක් පිළිබඳව බොහෝ සෙයින් කථාබහට ලක් වුණා. ඒ බොලිවුඩයේ වයස අවුරුදු 34 ක් වූ සුශාන්ත් සිං රාජ්පුත් නම් වූ රංගන ශිල්පියාගේ මරණයයි.
බැන්ඩ්රා වල ඔහුගේ නිවසේදී සිය ගෙළ වැළ ලා ගමින් ජීවිතය නැතිකරගෙන ඇති බව මාධ්‍ය තුළින් ප්රවෘත්ති පළ කළා. එහෙත් ඔහුගේ මරණය මාසයක පමණ කාලයක් තුළ සිදුවූ දෙවෙනි සිදුවීමයි.
ඒ පළවෙනි සිදුවීම වූයේ ප්රෙක්ශා මෙහෙතා නම් වූ නිළිය ඇගේ නිවස තුළ සිය දිවි හානි කරගැනීමයි.
ඇය විශාදයෙන් පෙළුණු අතර, ඇගේ වෘත්තීය මෙන්ම ජීවිතයේ ඇතිවූ කලකිරීම් පිළිබඳව ඇය විසින් ලියූ අවසාන ලිපියේ සටහන් වේ.
එහෙත් එම මරණ දෙක පමණක් ම නොව අද අප ඔබට පසුගිය වසර කිහිපය තුළ බොලිවුඩයේ සුපිරි තරු කිහිපයක්ම තම ජීවිතය නැතිකරගත් අවස්ථා පිළිබඳව මෙසේ දිග හැර දක්වමු.
- කුශාල් පුන්ජාබි
2019 දෙසැම්බර් 26 වන දින මෙම රංගන ශිල්පියා මුම්බායි හී තම නිවසේදී සියදිවි හානිකර ගෙන තිබුණි.
ඔහුගේ සියළු දේපල ඔහුගේ දෙමාපියනටත්, පුතාටත් ඔහුගේ අවසාන ලිපියේ ලියා තිබුණි.
කුශාල් රංගන ශිල්පියෙකු මෙන්ම නිරූපණ ශිල්පියෙකු ද වූවා. "ලාක්ශ්ය", "සලාමේ ඉශ්ක් " කාල්" වැනි ජනප්‍රිය චිත්‍රපට රැසකට ඔහු රගපෑමෙන් දායක වුණා.
- නිතින් කපූර්
2017 මාර්තු 14 වන දින ඔහු සියදිවි හානි කරගත්තේ ගොඩනැගිල්ලකින් බිමට පැනීමෙනි.
ඔහුගේ බිරිඳ වූ රංගන ශිල්පීනී ජයසුදා පවසන ආකාරයට ඔහු ඉතා දරුණු ලෙස මානසික ආතතියකින් පෙළුණු බවයි.
- ප්රත්යුශා බැනර්ජී
ඇය "බලිකා වදූ" නම් ටෙලිනාට්‍යයේ " ආනන්දි" චරිතය තුළින් ප්‍රසිද්ධ විය. "බිග් බොස් 7" රියැලටි වැඩසටහනෙහි තරගකාරිනියක් ද විය.
2016 අප්‍රේල් 1 වන දින ඇය මුම්බායි හී තම නිවසේදී සියදිවි හානි කරගත්තා.
- සායි ප්‍රශාන්ත්
දමිළ රංගන ශිල්පියෙකු වන මොහු 2016 මාර්තු 13 මත්පැන් සමග වස කලවම් කරමින් පානයට ගෙන තම නිවසේදී සියදිවි හානි කරගත්තා ය.
තනිකම හා විශාදය මොහුගේ මරණයට හේතුව බව පොලීසිය පවසයි.
- ජියා ඛාන්
2013 ජූනි 3 සියදිවි හානි කරගත් ඇය, 2007 රාම් ගෝපාල් වර්මා විසින් නිශ්පාදනය කළ " නිශ්ශ්බ්ද්" චිත්‍රපටය තුළින් කරළියට අවතීර්ණ වුණා.
එම රංගනයට ඇයට හොදම නැගී එන නිළිය සම්මානය ෆිල්ම් ෆෙයාර් හීදී හිමි වූ අතර, ආමිර් ඛාන් නිශ්පාදනය කළ " ගජිනි" චිත්‍රපටයටද ඇය කැපී පෙනෙන රංගනයක් ඉදිරිපත් කළා.
ඇය මුම්බායි හී තම නිවසේ එල්ලී සියදිවි හානි කරගෙන ඇත.
මේ 2013 වසර දක්වා ආපසු හැරී බැලීමේදී සිදු වූ සිදුවීම් කිහිපයක් පමණි. තවත් බොහෝ සුප්‍රසිද්ධ රංගන ශිල්පීන් තම ජීවිතයෙන් මේ ආකාරයෙන්ම සමුගෙන ගොස් අවසානය.
by Kaushalya De Silva
Photo source : Internet
744 Views
Comments