උපන්දිනේ සමරන වයස් ගතම ගෝල්ඩන් රිට්‍රිවර්

සුනඛයන් මිනිසාගේ සමීපතම සුරතලුන් බවට පත්ව ඇත්තේ අද ඊයෙක සිට නොවේ. මේ සූදානම් වන්නේ ලොව වැඩිම ආයු කාලයක් හිමි ගෝල්ඩන් ට්‍රිවර් සුනඛයා පිළිබඳ විස්තර ඔබට කියන්න.
සාමාන්‍යයෙන් ගෝල්ඩන් රිට්‍රිවර් සුනඛයෙකුගේ ආයු කාලය වයස අවුරුදු 10 ත් 12 ත් අතර වන අතර කලාතුරකින් ඇතැම් සත්වයෙකු අවුරුදු 17 - 18 කාලයක් ජීවත් වෙනවා. ඔගී නමින් හදුන්වන මේ ගෝල්ඩන් රිට්‍රිවර් සුනඛයා මෑතකදී සිය විසි වෙනි උපන් දිනය සැමරූ බව වාර්තා වෙනවා. වයස අවුරුදු විස්සක් කියන්නේ ගෝල්ඩන් රිට්‍රිවර් සුනඛයකුගේ අපේක්ෂිත ආයු කාලය දෙගුණයක් පමණ වන අතර ඔගීට මෙලෙස දීර්ඝ කාලයක් නිරෝගීව ජීවත් වීම සඳහා උපකාරී වී ඇත්තේ ඇගේ ජාන වල නිරෝගී බව පමණක් නොවන බවයි ඔගීගේ පශු වෛද්‍යවරයා පවසන්නේ. ඔහු වැඩිදුර පෙන්වා දෙන්නේ ඇගේ හිමිකරුවා වන ජෙනිෆර් විසින් ඇයව හොඳින් රැක බලා ගෙන ඇති බවයි. පසුගිය අප්‍රේල් 24 වැනිදා ඇගේ විසි වෙනි වෙනි උපන් දිනය සමරා ඇත්තේ ඔගීව වයස අවුරුදු දාහතරේ සිට රැකබලාගත් ඕක්ලන්ඩ් ප්‍රදේශයේ ජෙනිෆර් සහ ස්ටීවන් යුවල සමඟයි.
ඔගී උපත ලබා ඇත්තේ 2000 අප්‍රේල් 24 වැනිදා වන අතර සාමාන්‍යයෙන් වැඩිහිටි සුනඛයන්ව මිනිසුන් විසින් රැක බලා ගැනීම ප්‍රතික්ෂේප කරන බව එම ප්‍රදේශයේ සුනඛයන් පිළිබඳ භාරව කටයුතු කරන නිලධාරියා විසින් ප්‍රකාශ කර සිටිනවා. එවැනි අවස්ථාවකදී වයස අවුරුදු 14 සිට ඔගීව රැකබලා ගැනීම සිදුකර ඇති ජෙනිෆර් සහ ස්ටීව් යුවල විශ්වාස කරන්නේ සියලු දෙනාම ආදරය ලැබීමට සුදුසු බවත් වයස් භේදයක් නොමැති බවයි.
ඕක්ලන්ඩ් හිදී ඔගී තමන්ගේ විසි වෙනි උපන් දිනය සමරා ඇත්තේ සුනඛ හිතකාමි කැරට් කේක් එකක් සහ තමන්ගේ තවත් සහෝදර සහෝදරියන් වූ වූ ගෝල්ඩන් රිට්‍රිවර් සුනඛ සුරතලුන් තිදෙනෙක් සමඟ සාදයක් පැවැත්වීමෙන් බව වාර්තා වෙනවා. ඔගීගේ හිමිකරුවන් පවසන්නේ ඇය තවමත් නිරෝගී සුනඛයෙකු වන අතර අවුරුදු දාහතරේදී ඇයව ලබා ගන්නා විට ඇය වකුගඩු රෝගයකින් පෙළුණු අතර ඒ සඳහා ඔගීට විශේෂ ආහාර වේලක් ලබාදී එය සුව අතට පත් කළ බවයි. ඔගී ගේ පශු වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ ඕනෑම ගෝල්ඩන් රිට්‍රිවර් සුනඛ ඔගී මෙන් දීර්ඝායුෂ ලැබීමට නම් අදාල පශු වෛද්‍යවරුන් විසින් පෙන්වා දෙන නිර්දේශයන් අනුගමනය කළ යුතු අතර ඔහුට ආහාර හා පෝෂණය පිළිබඳ සැලකිල්ලක් නිසි ප්‍රමාණවත් ව්‍යායාම අවශ්‍ය වන අතර ඒ සියල්ලටම වඩා කාරුණික හදවතක් හිමි හිමිකරුවකු ඊට මුල්ම හේතුව වන බවයි.
by Dilki Shamani
Source : animalchannel.co
647 Views
Comments