නාසා හි ප්‍රථම කළු ජාතික ඉංජිනේරුවරියට සාධාරණය

ඇමරිකාවේ නාසා ආයතනයේ ප්‍රථම කළු ජාතික ඉංජිනේරුවරිය බවට පත්වෙමින් වාර්ගික සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ බාධා බිඳ දැමීමට සමත් ප්‍රථම කාන්තාව ලෙස සැලකෙන්නේ මේරී ජැක්සන්. මේරී ජැක්සන් 1958දී නාසාහි ප්‍රථම කළු ජාතික ගුවන් අභ්‍යවකාශ ඉංජිනේරුවරිය ලෙස ඉතිහාසයට එක් වුනා. නාසා හි බොහෝ ව්‍යාපෘති වෙනුවෙන් මේරී ජැක්සන් වෙහෙස මහන්සි වී වැඩ කළත් 2016දී සැඟවුණු සංඛ්‍යාලේඛන පොත ඔස්සේ ඔස්කාර් සම්මානලාභී චිත්‍රපටයක්ම එම නමින් එළි දක්වන තෙක් ඇගේ කතාව ලොවට රහසක්ව පැවතියා. මෙම හෙළිදරව් කිරීමෙන් පසුව 2020 ජූනි මාසයේදී නැවත මේරී ජැක්සන්ට ඇගේ සැබෑ උරුමය සහ ගෞරවය හිමි වන්නේ වොෂින්ටන් ඩී සී හි නාසා මූලස්ථානය නැවත ඇගේ නමින් නම් කිරීමත් සමගයි. මේ
රී ජැක්සන් 1921 දී උපත ලබන්නේ වර්ජිනියාවේදී. වර්ජිනියාවේ හැම්ප්ටන් හිදී හැදී වැඩුණු ඇය පාසලේ දක්ෂ ශිෂ්‍යාවක් වන අතර 1942 දී හැම්ප්ටන් ආයතනයෙන් ගණිතය හා භෞතික විද්‍යාව පිළිබඳ ද්විත්ව උපාධියක් ලබා ගන්නවා. එම යුගයේදී අප්‍රිකානු ඇමරිකානු කාන්තාවක් වීම යන්නෙන් අදහස් කළේ ඒ තැනැත්තියගේ අභිලාෂයන් ලඟා කරගැනීමට අපමණ බාධා පැමිණෙන බවයි. නමුත් ඇය ජීවිතයේ ගැටලු තිබියදී ඉහළ වෘත්තිය අභිලාෂයන් ඇතිව ජීවත් වූවා. ඇය සිය පාසල් අධ්‍යාපනයෙන් පසුව පළමු රැකියාව ලෙස මේරිලන්ඩ් කැල්වර්ට් ප්‍රාන්තයේ ගණිත ගුරුවරියක් ලෙස සේවය කරන අතර ලෙවී ජැක්සන් නම් තම සැමියා සමග පවුල් ජීවිතය ගත කරමින් දරුවන් දෙදෙනෙකුට මවක් වෙනවා. 1951 දී මේරි ජැක්සන්ව නාසා ආයතනයේ විසින් කාර්යයන් සඳහා බඳවා ගන්නා අතර ඇය මානව පරිගණකය ලෙස හැඳින්වීමට තරම් දක්ෂ කාන්තාවක් බවට පත් වෙනවා.
ඇමරිකාවේ පවතින වර්ණභේදවාදය නිසා නාසා ආයතනයේ තිරය පිටුපස සේවය කළ මේරී ජැක්සන් පිළිබඳ සත්‍ය තොරතුරු අනාවරණය කිරීම සඳහා මෑතකදී මේ පිළිබඳ එළිදැක්වූ චිත්‍රපටය වඩාත් ඉවහල් වී තියෙනවා. මේරී ජැක්සන්ට අමතරව මෙලෙස නාසා ආයතනයේ පර්යේෂණ සඳහා අසාහය දායකත්වයක් දැක්වූ තවත් කළු ජාතික කාන්තාවන් හතර දෙනෙකු සිටිනවා. කැතරින් ජෝන්ස් සහ ඩොරති වෝගන් පිළිබඳ තොරතුරු ද මේ චිත්‍රපටියේ වැඩිදුර විස්තර අනාවරණය කරනවා. නාසා ආයතනය වෙනුවෙන් අපරිමිත සේවයක් සිදු කළ මේ සැඟව ගිය චරිතය පිළිබඳ නැවත යළි ගෞරවය ලබා දෙමින් 2020 ජූනි මුනි මාසයේදී නාසා ආයතනයෙන් මූලස්ථාන ගොඩනැගිල්ල මේරි ජැක්සන් නමින් නම් කිරීමට කටයුතු සිදු කරනවා. මෙලෙස ලෝකයට අපරිමිත සේවයක් සිදු කළ මේරි ජැක්සන් අභාවප්‍රාප්ත වන්නේ 2005 වසරේදී.
by Dilki Shamani
Photo source : Internet
579 Views
Comments