ඔබගේ දරුවාගේ ධාරණ ශක්තිය හීන වෙලාද

බොහොමයක් දෙමව්පියන් විසින් මැසිවිලි නගන්නේ තමාගේ දරුවාට පාඩම් කළ කිසිදෙයක් මතක නැති බව පවසමිනි. සෑම දරුවෙක්ම අධ්‍යාපනයට එකසේ දක්ෂයන් නොවේ. බොහෝවිට මෙවන් පිරිස සමාජගත වන්නේ අදක්ෂයන් ලෙසිනි. කුඩාකල ඉගෙනීමට අති දක්ෂයන් ඉහළ ශ්‍රේණිවල දී කිසිදු හේතුවකින් තොරව දුර්වල වීමත්, කුඩාකල අදක්ෂයන් ඉහළ ශ්‍රේණිවල දී ඉතා විශිෂ්ට ලෙස අධ්‍යාපන කටයුතු සිදු කරන අයුරු ඔබ දැක ඇති. බුද්ධිමත්කම නමැති සාධනීය කරුණ හැරුණු කොට ගෙන සියලු දරුවන් අඥානයන් නොවන බව දෙමව්පියන් විසින් තේරුම් ගැනීම ඉතාමත් වැදගත්. ඔබටත් එවැනි දරුවෙක් සිටී නම් කළ යුතු දේ මොනවාද යන්න පිළිබඳව පහතින් දැනුවත් වන්න.
දරුවාට පමණට ආහාර ගැනීමටත් වැඩිපුර ජලය පානය කිරීමට හුරුකිරීමත් දෙමව්පියන් වග බලා ගත යුතුයි. එහිදී රතුලූනු, ගොටුකොළ, එළඟිතෙල්, මැංගුස්, රට ඉඳි යන ආහාර දරුවාට ලබාදීම ඉතාම වැදගත්. තවද දරුවාට පාඩම් කිරීමට ලැබෙන කාලය හොඳින් කළමනාකරණය කිරීමත් මෙහිදී වැදගත් වේ. තමාට තිබෙන වෙලාව ගැලපෙන පරිදි භාවිතා කිරීම උචිතයි. කාල සටහනකට කොටු වෙනවාට වඩා එය ඉතා ප්‍රායෝගිකයි. උදෑසන පාඩම් කටයුතු සඳහා යොදා ගැනීමත් රාත්‍රී කාලයේ තර්කන කටයුතු සඳහා යොදා ගැනීමත් ඉතා උචිතයි. අධ්‍යාපන කටයුතු සිදුකිරීමේදී උතුරු හෝ නැගෙනහිර දිශාව බලා අසුන් ගෙන කටයුතු කරන්නේ නම් ඉතා සුබවනු ඇත. අන්‍ය වූ දිශාවන්ට සාපේක්ෂව මෙකී දිශා යුග්මයේ ස්වභාවධර්මයනට සම්බන්ධතා ලබා දී ඇත්තේ ඒ නිසාවෙනි. ශ්‍රී ගණ සහ සරස්වතී දෙවියන් වෙනුවෙන් වන්දනා කිරීම, බාරහාර වීම මෙන්ම සරස්වතී හෝ ගණපති යන්ත්‍ර පැළඳීමද ඉතාම යෝග්‍ය වේ. සෑම පාඩම් කිරීමකටම පෙර ගණපති මූල මන්ත්‍රය තෙවරක් කීමත්, සරස්වති ස්ත්‍රෝත්‍ර ගායනයත් ඉතාමත් ප්‍රයෝජනවත් වේ. තවද උපදේශනය මගින්ද මානසික වශයෙන් සැලකිය යුතු වෙනසක් සිදු කළ හැකි හැකියි. ඉතා විශාල වූ මතක ශක්තියක් ලබා ගැනීමට නම් මතක කාඩ් පත භාවිතා කළ යුතුයි. මෙය විභාග වලට පිළිතුරු ලිවීමේදී ඉතා ප්‍රයෝජනවත් වන අතර අධ්‍යාපනය ලබන ළමයින් වැඩිහිටියන් මෙන්ම සියලු දෙනාටම එක සේ ප්‍රයෝජනවත් වන භාවනාවක් වැනි ක්‍රියාදාමයකි. උදෑසන අවදි වූ විගසත් රාත්‍රි නින්දට යාමට ආසන්න වත් දිනකට දෙවරක් මෙම කාඩ්පත බලා එහි සඳහන් විධානය ක්‍රියාත්මක කළ යුතුයි.
එලෙස අවම වශයෙන් මාස තුනක්වත් නොකඩවා සිදු කළහොත් ඉන් ලැබෙන ප්‍රතිඵලය අතිවිශිෂ්ට වනු ඇත. තවද භාවනාමය පැතිකඩ තුළින් ද ඔබගේ දරුවාගේ ධාරණ ශක්තිය වැඩි කර ගැනීමට හැකියාවක් පවතින බව ඔබ දන්නවාද. මේ සඳහා සුදුසුම භාවනා ක්‍රමය වන්නේ ආනාපානාසති භාවනාවයි. එමගින් සිතේ එකඟතාව ඉතා ඉක්මනින් සිදුවන අතර මානසික ශක්තිය ද ඉතා ඉහළ තලයට නංවාලිය හැකියි. මෙලෙස දරුවෙකුට ක්‍රමානුකූලව පිළිවෙත් ඉටු කොට ක්‍රියා කරවන්නේ නම් එම දරුවා විශිෂ්ටයෙකු කිරීම අසීරු නොවනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
872 Views
Comments