වැඩවසම් ක්‍රමය ගැන දැනුවත් වෙමු

වැඩවසම් ක්‍රමය යනු රජුගේ සිට පහළම මට්ටමේ ඉඩම් හිමියා දක්වා සියලු දෙනාම ඉඩම් භුක්තිය වෙනුවෙන් ඉටුකරන වගකීම් සමුදායක් එකට බැඳී පවතින සම්පූර්ණ සමාජ සංවිධානයකි. වැඩවසම් ක්‍රමය විවිධ රටවල විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වී ඇත. එහෙයින් එයට නිශ්චිත අර්ථකථනයක් දීම අපහසුයි. නමුත් සෑම රටකම පාහේ ක්‍රියාත්මක වූ වැඩවසම් ක්‍රමයේ පොදු ලක්ෂණ ඇත. ඒ අනුව වැඩවසම් ක්‍රමය යනු ඉඩම් භුක්තිය සහ ඒ වෙනුවෙන් සේවා සැපයීම පදනම් කරගත් දේශපාලන සමාජ ආර්ථික මෙන්ම සංස්කෘතික සංවිධාන ක්‍රමයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවනි. ඉඩම් හිමියා සහ ප්‍රවේණි දාසයා අතර ඇති සබඳතාව, පුද්ගලබද්ධ පාලන ක්‍රමය, ඉඩම් භුක්ති විඳීම වෙනුවට සේවය සැපයීම, ප්‍රාදේශීය පාලකයන් සතු පෞද්ගලික හමුදාව, ප්‍රවේණි දාසයා වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් රැසක් ඉඩම් හිමියා සතු වීම වැඩවසම් ක්‍රමයේ පොදු ලක්ෂණ කිහිපයකි.
ක්‍රිස්තුවර්ෂ නව වන සියවස පමණ වන විට බටහිර රෝම අධිරාජ්‍යයේ ඉතා සශ්‍රීකව තිබූ කැරොලින්ජියන් අධිරාජ්‍ය පරිහානියට පත් වෙද්දී එයට විදේශ ආක්‍රමණ එල්ල විය. එනම් උතුරු දෙසින් වයිකිංවරු ද, නැගෙනහිරින් හන්වරු සහ දකුණු දෙසින් මුස්ලිම්වරුන් වශයෙනි. මේ කාලය වන විට රජවරු මෙම ආක්‍රමණ වලට මුහුණ දීමට තරම් බලවත් ව නොසිටි බැවින් ඒ වනවිට සමාජයේ ඉහළ තලයේ සිටි වංශාධිපතිවරුන්ගෙන් ආධාර අපේක්ෂා කළේය. මුස්ලිම් ව්‍යාප්තිය සහ viking ආක්‍රමණ නිසා යුරෝපය බාහිර රටවල් සමඟ ගෙනගිය වෙළඳ කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිටීම නිසා රජුගේ ආදායම් මාර්ගද පහත වැටුණි. රජු වංශාධිපති වරුන්ගේ ආධාර ලබාගැනීමේදී ඔහුගේ එකම ආදායම් මාර්ගය වූ ඉඩම් විශාල වශයෙන් වංශාධිපතිවරු වෙත පවරන ලදී. ඒ සමගම ඒ ප්‍රදේශවල ජීවත් වූවන් සම්බන්ධ අධිකරණ බලතලද ඔවුන් වෙත පැවරිණි. ඊට අමතරව රට වැසියන් වෙනුවෙන් ආරක්ෂාව සැපයීම ද වංශාධිපතිවරුන්ට භාරවිය.
සාමාන්‍ය ජනතාවද ඔවුන් සතුව තිබූ නිදහස් ඉඩම් විදේශ ආක්‍රමණ හමුවේ රජයේ ආරක්ෂාව නොලැබීම හේතුවෙන් ධනවත් වංශාධිපතියෙකු ට භාර දී ඒ වෙනුවෙන් තමන්ට ආරක්ෂාව පැතූහ. එසේ වංශාධිපතියාට හිමි වූ ඉඩම් භුක්ති විඳීම හේතුවෙන් ඔහුට සේවය කරන ගැත්තන් බවට මේ පුද්ගලයන් පත් වූහ. මේ ජනතාවට ආරක්ෂාව සැපයීම ඉඩම් හිමි කරගත් වංශාධිපතිගේ වගකීම විය. රජු සහ වංශාධිපති, වැසියන් සහ වංශාධිපති අතර ඇතිවූ මේ ගනුදෙනු ලිඛිත නීති අනුව සිදුවූවක් නොවේ. වැසියන්ද ඈත සිටින රජතුමාට වඩා ළඟ සිටින වංශාධිපතිවරු වෙත සමීප වූහ. ඒ අනුව රජු සහ වැසියන් අතර සබඳතා බිඳවැටී වංශාධිපතිවරුන් සහ වැසියන් අතර සබඳතා ගොඩ නැගුණි. කෙසේ හෝ පස්වන සියවසේ සිට වරින්වර බටහිර යුරෝපයට ගෝත්‍රික ආක්‍රමණ එල්ල වෙද්දී එම අභියෝගයට මුහුණ දිය හැකි දේශපාලන ඔහු ආර්ථික හෝ සංවිධානයක් නොවූ බැවින් ඊට අනුකූලව යුරෝපයේ සමාජය සකස් වීමෙන් වැඩවසම් ක්‍රමය බිහිවිය.
කුරුස යුද්ධ වෙළදාමේ දියුණුව වසංගත ආදී හේතු මත ප්‍රවේණි ක්‍රමය බිඳ වැටුණි. ක්‍රිස්තු භක්තිකයන් සහ ඉස්ලාම් භක්තිකයන් අතර ඇති වූ යුද්ධ මාලාව නම් කුරුස යුද්ධ සහ ක්‍රිස්තු භක්තික වංශාධිපතිවරු සහ දාසයන් යුද්ධ භූමි වෙත ඇදී ආහ. යුද්ධය අවසන් කර ආපසු ගම්බිම් කරා පැමිණීමේ දී බොහෝ දාසයන් තම බැම්මෙන් නිදහස් කරන ලදී. යුද්ධයේදී මිය ගිය ඇතැම් දාසයන් ඉඩම් නිදහස් කිරීම සහ ඇතැම් දාසයන් කුලියට වැඩ කර උපයා ගත් මුදලින් ඉඩම් මිලදී ගැනීමද සිදු විය. ඒ වගේම වංශාධිපතීන්ද වැටුප් ගෙවා තම ඉඩම් වල වැඩ කරවා ගැනීමට පුරුදු වූහ.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
16186 Views
Comments