දෑත් නොමැති අයට කාර් සෑදූ අරාබි කත
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
13

දෑත් නොමැති අයට කාර් සෑදූ අරාබි කත

දෑත් නොමැති අයට කාර් සෑදූ අරාබි කත

ඇරේබියන් බිස්නස්’ අරාබි සඟරාව 2018 වසරේ දී අරාබි ලොව කැලැඹූ කාන්තාවන් 50 දෙනකු නම් කළ අතර එක්සත් අරාබි එමිරේට්ස් රාජ්යය ලොව දක්ෂ බුද්ධිමතුන් 100 දෙනකු හඳුන්වනු ලැබීය.

 

පුරුෂාධිපත්ය පතුරුවන අරාබියේ ඉහත කී කතුන් අතරට පත් කාන්තාව 29 හැවිරිදි රීම් අල් මර්සුකී. ඇය ඉංජිනේරුවරියක් හා නව නිපැයුම්කාරියකි. එක්සත් අරාබි එමිරේට්ස් විශ්වවිද්යාලයේ ඉංජිනේරු විද්යා උපාධිධාරිනියක් වූ ඇය සිය අධ්යාපනය අතර තුරම අබුඩාබි සහ ඩුබායි යන නගරවල ඉංජිනේරු උපදේශන සේවා සැපැයුම් සමාගම් කිහිපයක් සමඟ එක් වී කටයුතු කළාය. මේ අතර ඇය මෝටර් රථ කාර්මික ශිල්පිනියක් ලෙසත්, වඩු කාර්මික ශිල්පිනියක් ලෙසත් සිය දැනුම වර්ධනය කරගැනීමට සමත්විය. ඇය එක්සත් අරාබි එමිරේට්ස් රාජ්යයේ ජාතික වඩු කාර්මික තරගාවලියට ඉදිරිපත් වෙමින් එරට ඉතිහාසයේ එම තරගාවලියට නිපැයුම් ඉදිරිපත් කළ පළමු කාන්තාව බවටද පත්විය.

 

උපතින්ම දෙපා අහිමි වුවත් සිය පාදවලින් සැහැල්ලු ගුවන්යානයක් පියාසර කරන ජෙසිකා කොක්ස් පිළිබඳ මර්සුකී දැනගන්නේ වාර්තා වැඩසටහනකිනි. ජෙසිකාට තම පාදවලින්, සුක්කානම හසුරුවමින්, මෝටර් රථ පැදවිය හැකි නමුත් ඇයට සාමාන්ය මෝටරථ පැදවීමට නීත්යානුකූල අවසරයක් නොමැති බව එහිදී ජෙසිකා පවසනවා. ජෙසිකාගේ මෙම තත්වය දැනගැනීමෙන් පසු මර්සුකීට නව අදහසක් පහළ වන්නේ දෑත් අහිමි වූවන් සඳහා පාදවලින් හැසිරවිය හැකි පාලක පද්ධතියක් සහිත විශේෂිත කුඩා මෝටර් රථයක් නිර්මාණය කිරීමටයි. ඒ අනුව නිර්මාණය කළ එම පද්ධතිය කිසිඳු අනුකරණයක් නොවූ අතර එය නව නිර්මාණයකි. අල් මර්සුකීගේ මෙම නව නිර්මාණය හැඳින්වෙන්නේ ‘ලෝවර් එක්ස්ටර්මිටි වෙහිකල් නැවිගේෂන් සිස්ටම්’ ලෙසයි. එහි පාදවලින් හැසිරවිය හැකි සුක්කානමක්, තිරිංග ලිවරයක් සහ වේගය පාලනය කරන ඇක්සලේටරයක් ඇතුලත් වේ. එබැවින් මෙම පද්ධතිය සහිත මොටර් රථය කෙනෙකුගේ සිරුරේ පහළ කොටසින් පමණක් ධාවනය කළ හැක.

 

 

ඇයගේ මෙම නව නිර්මාණය සඳහා විවිධ රටවල නව නිර්මාණ සඳහා වූ තරඟවලින් ජය ලැබුණු අතර මහා බ්රිතාන්යයේ ‘නව නිපැයුම් 100’ යන නමින් පැවැත්වූ ප්රදර්ශනයට ඉදිරිපත් කෙරුණු ඇගේ මෙම කුඩා මෝටරථය නිසා හොඳම නව නිර්මාණකාරිය ලෙස සම්මානයට පාත්රවීමට ඇයට හැකිවිය. මෙම නිර්මාණය වෙනුවෙන් ඇමෙරිකාවෙන් රීම් අල් මර්සුකී ට පේටන්ට් බලපත්රයක් පිරිනැමූ අතර එය එක්සත් අරාබි එමීර් ජාතිකයකු ඇමරිකාවේ ලද පළමු පේටන්ට් බලපත්රයයි. ඉන්පසු ලොව පුරා විවිධ මෝටරථ සමාගම් ජපානය චීනය හා වෙනත් යුරෝපා රටවල් රාශියක් මර්සුකීගේ තාක්ෂණය ලබා ගැනීමට කැමැත්ත පලකර තිබේ.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

562 Views

Comments

arrow-up