තොරතුරු නොදැන සිටීමේ අයිතිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
12

තොරතුරු නොදැන සිටීමේ අයිතිය

තොරතුරු නොදැන සිටීමේ අයිතිය

ලෝකයේ තොරතුරු දැනගැනීමේ අයිතිය වගේම තොරතුරු නොදැන සිටීමේ අයිතිය අයිතියකුත් තියෙන බව ඔබ දන්නවාද? කිසියම් තොරතුරක් පිළිබඳ දැනීම පෞද්ගලිකව ප්‍රතික්ෂේප කිරීම ඕනෑම රටකට ඕනෑම පුරවැසියෙකුට ඇති යුතුකමක්. එය පෞද්ගලික කාරණයක් වන අතර ඕනෑම පුද්ගලයකුට ස්වකැමැත්ත මත තොරතුරක් පිළිබඳ දැනගැනීමට දැන ගැනීමට ඇති අවස්ථාව ප්‍රතික්ෂේප කිරීමේ ස්වාධීන අයිතියක් හිමි වෙනවා. තොරතුරු දැනගැනීමේ අයිතිය ගැනම කතා කරන වර්තමාන ලෝකය තොරතුරු නොදැනීමේ අයිතිය පිළිබඳ කතා කරනවා ඉතාම විරලයි. මේ ඒ පිළිබඳ සටහනක්.

ඇතැම් තොරතුරු නොදැන සිටීම වර්තමාන සමාජයේ ප්‍රගමනයට අත්‍යවශ්‍ය කාරණයක් වන නමුත් එකී අයිතිවාසිකම පිළිබඳ සමාජයේ වශයෙන් පවතින කතිකාවත ඉතාම පුළුල් වන්නේ නැහැ. පසුගිය දශක කිහිපයක් සිටම තර්ක විතර්ක වලට භාජනය වෙමින් අභියෝගයට ලක් වූ මේ සංකල්පය අද වන විට ඉතාම ප්‍රායෝගික බව අනාවරණය වෙලා තියෙනවා. කොහොම නමුත් තොරතුරු නොදැන සිටීමේ අයිතිය කොටස් දෙකක් යටතේ දක්වන්න පුළුවන්. ස්වයං පාලනය මගින් තොරතුරු නොදැන සිටීමේ අයිතිය එක් කොටසක් වන අතර ජනතාවට අනවශ්‍ය අනර්ථකාරී සහ අනාරක්ෂිත තොරතුරු ලැබීමෙන් රජය විසින් පොදු ජනතාව ආරක්ෂා කර තැබීම සඳහා සිතාමතාම තොරතුරු සඟවා තැබීම දෙවැනි කාරණයයි.

 

 

 


යම් තොරතුරක් සමාජගත කිරීමෙන් එය රටේ මෙන්ම පොදු මහජනතාවගේ ආරක්ෂාවට සහ පැවැත්මට හානිදායක වන්නේ නම් එවැනි තොරතුරු සමාජගත කිරීමෙන් වැලකී සිටීමට රජයට අයිතියක් තියෙනවා. ඒ තොරතුරු වෙත ප්‍රවේශ වීම සිය අවශ්‍යතාවය යැයි සමාජයේ ජනතාවගේ තර්කය වුණත් ඒ තොරතුරු ප්‍රසිද්ධ නොකර සිටීමට රජයට නෛතික මෙන්ම සමාජයීය වශයෙන් ද බලාධිකාරයක් තියෙනවා. එයට හේතු වන්නේ අදාළ තොරතුරු සමාජගත කිරීම නිසා සිදුවිය හැකි හානිය සමාජගත නොකර සිටීමෙන් සිදුවන හානියට වඩා ප්‍රබල වීමයි. මේ ආකාරයට පුද්ගල කැමැත්තට හෝ රාජ්‍ය මට්ටමින් තොරතුරු වසන් කර තැබීම සිදුකර හැකි ඇති අතර එහිදී එය සමාජයීය අයිතිවාසිකමක් ලෙස සැලකෙනවා. ඒඅනුව මානව ජානමය තොරතුරු අන්තර්ජාතික සම්බන්ධතා සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු රජයේ අභ්‍යන්තර රහස් සාකච්ඡා පිළිබඳ තොරතුරු බුද්ධිමය දේපළ නීතිය යටතේ වන බුද්ධිමය තොරතුරු රජය විසින් හෙළි නොකර සිටීමට අයිතියක් තියෙනවා. එසේම වර්තමාන ලෝකයේ යම් යම් රාජ්‍යයන් විසින් තොරතුරු නොදැන සිටීමේ අයිතිය තහවුරු කර තියෙනවා. එක්සත් රාජධානිය ඒ සදහා හොදම උදාහරණයක්. ඉතින් තොරතුරු දැනගැනීමේ අයිතිය වගේම තොරතුරු නොදැන සිටීමේ අයිතිය ගැනත් දැනගන්න.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

539 Views

Comments

arrow-up