ෆේස්බුක් සමාගමේ මුදල් ඒකකය - ලිබ්රා ක්‍රිප්ටොකරන්සි

ඩිජිටල් කේත වශයෙන් සන්නිවේදන ජාල ඔස්සේ යම් වත්කමක් හෝ මූල්‍යමය වටිනාකමක් හුවමාරු කෙරෙන විට ඒවා හඳුන්වන්නේ cryptocurrency ලෙස. බිට්කොයින්ස් කියන්නේ ලොව පළමු සහ ප්‍රකට cryptocurrency මුදල් ඒකකය වුවත් එයට රාජ්‍ය අවසරයක් හිමිවී නැහැ.
එසේ නොව රාජ්‍ය අවසරයක් ඇතිව රාජ්‍ය අතර සාමාන්‍ය මුදල් පරිහරණය කරන රෙගුලාසි වලට යටත්ව ඩිජිටල් මුදල් හෙවත් cryptocurrency ඒකකයක් ඉදිරිපත් කිරීමට දැන් ෆේස්බුක් සමාගම කටයුතු කරමින් සිටිනවා. මෙය හඳුන්වන්නේ ලිබ්‍රා යනුවෙන්. ලිබ්‍රා මුදල් ඒකකය භාවිතා කරමින් smart phone ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට පුළුවන්. ෆේස්බුක් සමාගමට අයත් වට්ස්ඇප් මැසෙන්ජර් සේවා ඔස්සේ පණිවිඩ හුවමාරු කරගන්නා සේ ලිබ්‍රා මුදල් හුවමාරු කරගන්න හැකියාව ලැබෙනවා. මේ ලිබ්‍රා මුදල් ක්‍රමය පාලනය කරනු ලබන්නේ ලිබ්‍රා ඇසෝසියේෂන් නමින් හඳුන්වනවා ආයතනය විසින්. එය ලිබ්‍රා මහ බැංකුව වැනියි. දැනට පිහිටුවා ඇති මෙම ආයතනයට ලිබ්‍රා මුදල් හුවමාරුව දුරකථන සන්නිවේදනය අන්තර්ජාල තාක්ෂණය ආයතනය ඔන්ලයින් වෙළඳ ආයතන ආදී වශයෙන් ඩිජිටල් මුදල් ඒකකයක් භාවිතා කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සපයන්න ආයතන 21ක දායකත්වය ලැබී තිබෙනවා.
අමෙරිකානු රජයේ මුදල් හුවමාරු නීතිවලට යටත්ව ක්‍රියාත්මක වන පිණිස ඇමරිකානු ඩොලර් කෝටියක් මෙහි ස්ථාවර වත්කම වශයෙන් වෙන්කර තිබෙනවා. ඉන් සියයට පනහක් ඇමරිකානු ඩොලර් යූරෝ ප්‍රතිශතය ඉන් සියයට 18ක් වන අතර ජපන් යෙන් ප්‍රතිශතය 14%ක් වෙනවා. ස්ටර්ලින් පවුම් 11% ක් හා සිංගප්පූරු ඩොලර් ප්‍රතිශතය 7%ක් වෙනවා. ඒ වත්කම රිසර්ව් බාස්කට් ලෙස හඳුන්වනවා.
යම් කෙනෙක්ගේ ලිබ්‍රා මුදල් තැන්පත් කොට තිබෙන ඩිජිටල් පසුම්බිය කැලිබ්‍රා ලෙස හඳුන්වන අතර එය smart phone එකේ install කර තබා ගන්න පුළුවන් ඇප් එකක්. ජාතික හැදුනුම්පත් අංක යොදා කැලිබ්‍රා වෙත පිවිසිය හැකියි. ඉන්පසු තමන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් ලිබ්‍රා බවට හරවා කැලිබ්‍රාහි තැන්පත් කළ හැකියි.
එතැන් සිට වට්ස්ඇප් මැසෙන්ජර් එක ඔස්සේ එම මුදල් හුවමාරු කළ හැකි සේම ලිබ්‍රා මුදල් භාරගන්නා ඕනෑම තැනකදී ඒවා භාවිතා කළ හැකි වෙනවා. facebook සමාගම විසින් ඩිජිටල් මුදල් ඒකකයක් නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබුණේ 2017 වසරේදී. එහි වැඩ කළේ ඩේවිඩ් මාකස් නම් දැන් ලිබ්‍රා ඇසෝසියේෂන් හි ප්‍රධානියා පමණයි. දැන් එහි ඉංජිනේරුවන් පනස් දෙනෙක් පමණ වැඩ කරනවා. ඒ කාලේ මෙම මුදල් ඒකකය හඳුන්වා තිබුණේ global coin වශයෙන්. ඉන්පසු එය ෆේස්බුක් කොයින් ලෙස හැඳින්වුණා. පසුව එය ලිබ්‍රා ලෙස වෙනස් කර ලිබ්‍රා ඇසෝසියේෂන් නිල වෙබ් අඩවිය දියත් කලා. ලිබ්‍රා මුදල් ඒකකය ක්‍රියාත්මක කිරීම පිණිස විශේෂ පරිගණක වැඩ සටනක් අවශ්‍ය වෙනවා. ඕපන් සෝස් වැඩසටහනක් සේ එය සැකසුවේ ඩේවිඩ් මාක්ස් විසින්.
තාක්ෂණයේ දියුණුව කොතරම්ද කියනවා නම් දැන් ඔබට කාසි හා නෝට්ටු භාවිතයකින් තොරව ලිබ්‍රා හරහා ගනුදෙනු කිරීමට ඉදිරියේදී අවස්ථාව ලැබෙනු ඇති.
by Dilki Shamani
Photo Source: Internet
589 Views
Comments