සිඟිත්තාට අගනා බේබි බ්ලැන්කට් එකක්

තමාගේ පුං චි සිඟිත්තා වෙනුවෙන් තමාගේම අතින් නිර්මාණය කරන ලද කිසියම් දෙයක් ලබා දීමට මව්වරුන් දක්වන්නෙ ඉතාමත් කැමැත්තක්. මක්නිසාද තමාගේ සිඟිත්තන් තරම් වටිනා දෙයක් මව්වරුන්ට තුන්ලෝකයටම නොමැති නිසාවෙනි. වෙළඳපොලේ පවතින සමහරක් නිෂ්පාදන සිඟිත්තාගේ සමට අහිතකර විය හැකිය. එම නිසාවෙන් ඔබේ දරුවාට අවශ්‍ය කරන දේ නිවසේදීම ඔබේ අතින් සෞඛ්‍යාරක්ෂිත අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිර්මාණය කර ගැනීමට හැකියාවක් පවතී නම් එය කෙතරම් වටිනවාද. ඔබේ සිඟිත්තාට අගනා baby blanket එකක් නිවසේදීම වසා ගන්නා ආකාරය පිළිබඳව මෙම ලිපිය හරහා මව්වරුන් දැනුවත් කරන්නටයි මේ සූදානම. බලන්න එය කොතරම් දුරට ඔබේ දරුවාට සුවදායක බවක් ගෙන දෙනවාද කියලා.
baby බ්ලැන්කට් එකක් මැසීමට අවශ්‍ය ද්‍රව්‍ය-
දරුවන් වෙනුවෙන් ගැලපෙන ලා වර්ණ මුද්‍රිත හා තනි පැහැති රෙදි
pading හා lining සඳහා රෙදි
ෆෙල්ට් රෙදි
රික් රැක් රේන්ද
ගැළපෙන වර්ණ වලින් නූල්
අවශ්‍ය අනෙකුත් අමුද්‍රව්‍ය සහ උපාංග
baby blanket එකක් නිර්මාණය කරගන්නා ආකාරය-
මෙම baby බ්ලැන්කට් එක අඟල් 34x34 ප්‍රමාණයෙන් යුතු ඔබේ දරුවාට වඩාත් සුවපහසු බ්ලැන්කට් එකකි. ඒ සඳහා අඟල් 35x45 ප්‍රමාණයේ මතුපිට රෙදි කොටසක් හා lining රෙදි කොටසක් කපාගන්න. එම ප්‍රමාණයටම පැඩිං කොටසක්ද කපාගන්න. මතුපිට රෙදි කොටස හා lining කොටස හොඳපිට ඇතුලට සිටින සේ තබා එක පැත්තක ඉඩ ටිකක් ඉතිරි කර වටේ මසාගන්න. දැන් ඉඩ තැබූ තැනින් හොද පිට හරවා ගන්න. එතැනින් පැඩින් කොටස ඇතුලට දමා අතින් හොඳින් දිගහැර සකසා ගන්න. දැන් ඉඩ තැබූ ටික ද මැහුම් වාසි ඇතුලට නමා මසාගන්න. පසුව මෙම කොටස් තුනම හසුවන සේ කුවීල්ට් කරගන්න. ඔබ කැමති නම් මෙහි වටේට තනි පැහැති රෙදි පටියක් බෝඩරයක් ලෙස හෝ රෙදි පටියක් රැලි කර ෆ්‍රිල් එකක් සේ අල්ලා ගත හැකියි. එයින් අලංකාරය වැඩි කර ගත හැකි වේ.
දැන් ඔබට ඉතාමත් ලස්සන බේබි බ්ලැන්කට් එකක් ඔබේ දරුවාට තිළිණ කළ හැකියි. එය ඔබේ දරුවාට නිදහසේ සෙල්ලම් කිරීමට සහ පෙරලීමට ඉතාමත් සුවපහසුයි. සිනිඳු රෙදි වර්ග භාවිතයෙන් නිර්මාණය කර ඇති නිසා දරුවාට කිසිදු කිරීමක් හෝ දහදිය දැමීමක් සිදු නොවීමද විශේෂත්වයකි. වෙළඳපළෙන් baby blanket එකක් මිලදී ගන්නවාට වඩා ඔබේ අතින්ම මෙවැනි දෙයක් නිර්මාණය කර දරුවාට ලබාදීම මගින් ඔබත් දරුවාත් අතර ඇති සෙනෙහසේ බැම්ම තව තවත් ශක්තිමත් වනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
645 Views
Comments