ආශිර්වාද රන් පෙන්ඩනය සහ රන් අස්වැන්න එළිදැක්වූ ස්වර්ණමහල්

ස්වර්ණමහල් ආයතනය රන් ලොව විශ්වාසය දිනාගත් සාඩම්බරණීය ආයතනයකි. පසුගියදා එහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් විය. එනම් ස්වර්ණමහල් ජුවලර්ස් විසින් ආශිර්වාද රන් පෙන්ඩනය සහ රන් අස්වැන්න අති උත්කර්ෂවත් අන්දමින් එළිදැක්වීමයි. අතිපූජ්‍ය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ පෙබරවාරි මස තුන්වන දිනට යෙදී තිබූ සුබ මොහොතින් හෙට්ටිවීදිය ස්වර්ණමහල් ශාඛාවේදී මෙම එළිදැක්වීම සිදු කරන ලදී. මහා සංඝරත්නයේ පිරිත් දේශනාවෙන් ආරම්භ කරන ලද උළලේ දී හඳුන්වා දෙනු ලැබූ රන් පෙන්ඩන් පළමුවරට පූජා කරනු ලැබුවේද මහා සංඝරත්නය වෙත වීම විශේෂත්වයකි.
රතන සූත්‍රය, ජය පිරිත, සූරිය පිරිත, මෝර පිරිත සහ රත්නමාලී යන්ත්‍රය ආදි සූත්‍ර දේශනා හයක් නවීන තාක්ෂණය ඔස්සේ මෙම පෙන්ඩන තුළ සියුම්ව අක්ෂර ගතකර ඇත. එම සූත්‍ර දේශනාවන් පහසුවෙන් කියවා ගත හැකි වන පරිද්දෙන් සැකසූ අත්කාචයක් සහ සියලු ගාථාවලින් සමන්විත පොත් පිංචක් ද මෙම ආශිර්වාද රන් පෙන්ඩනය සමඟ පිරිනැමෙයි. පාරිභෝගික සේවය වඩාත් පුළුල් කිරීමේ අරමුණ ඇතිව ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පහසු ගෙවීමේ ක්‍රමය යටතේ ස්වර්ණාභරණ මිලදී ගැනීම සඳහා ස්වර්ණමහල් රන් අස්වැන්න නමින් නවතම ක්‍රමවේදයක් ද එදින ම හඳුන්වා දෙන ලදී. අවම ලියකියවිලි ප්‍රමාණයක් යටතේ ඉතාමත් පහසුවෙන් උපරිම වාරික 12 කට යටත්ව ස්වර්ණමහල් වෙතින් රන් භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයාට උදාකර තිබේ. මෙහි පවතින විශේෂත්වය වන්නේ පාරිභෝගිකයා මිලදී ගන්නා ස්වර්ණාභරණ ගිවිසුම්ගත වන මොහොතේ පවතින මිලටම ලබාගත හැකි වීමයි. එමෙන් ම සීමිත පාරිභෝගිකයන් පිරිසක් මිලදී ගන්නා රන් ආභරණ සඳහා වැඩකුලිය 50% ක වට්ටමක් හිමි කර ගැනීමේ අවස්ථාව ද දැන් පාරිභෝගිකයාට ලබා ගැනීමට හැකියාවක් පවතී. ආශිර්වාද රන් පෙන්ඩනය එළිදැක්වීමේ උත්සවය සඳහා ප්‍රවීණ ධර්ම දේශක දොඩම්පහල රාහුල හිමියන් විසින් විශේෂ අනුශාසනාවක් ද ඉදිරිපත් කරන ලදී. තවද මහාචාර්ය අත්තනායක එම් හේරත් මහතා ද මෙම උත්සවයට සහභාගී විය. අද වනවිට ස්වර්ණමහල් ආයතනය විසින් රත්තරන් පැළඳවීමේ සංස්කෘතිය ආශිර්වාදාත්මක සම්ප්‍රදායක් බවට පත් කර හමාරයි.
එය විදහා දැක්වීමට මෙම ආශිර්වාදාත්මක රන් පෙන්ඩනය අනගි උදාහරණයකි. තාක්ෂණයත්, කලාවත් විද්‍යාවත් එකට සම්මිශ්‍ර කර මෙම රන් පෙන්ඩනය නිපදවා තිබීමද සුවිශේෂත්වයකි. ආයුධ පහක් කුඩා දරුවන්ගේ ගෙලේ පළන්දන සම්ප්‍රදාය හින්දු ආභාෂයෙන් අපට ලැබුනු දෙයකි. නමුත් පසුකලෙක බෞද්ධයන් විසින් යුධ පහක් වෙනුවට ධර්ම චක්‍රයක් කුඩා දරුවන්ගේ ගෙලෙහි පළඳන්නට යොමුවිය. එයටද නැවුම් ආරක් එක්කරමින් ස්වර්ණමහල් ආයතනය විසින් මෙම පිරිත් දේශනාවන්ගෙන් පරිපූර්ණ වූ රන් පෙන්ඩනය එළිදක්වන ලදී. මෙවැනි කලාත්මක නිර්මාණ තුළින් ශ්‍රී ලාංකීය නාමය ලොව තුළ බබලවන්නට ස්වර්ණමහල් ආයතනයට නුදුරු අනාගතයේදී තව තවත් හැකිවේවා යැයි අප සුබ පැතුම් එක් කරමු.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
578 Views
Comments