ලබන ඉරිදා මෙරටට දිස්වන මේ වසරේ දැකිය හැකි එකම සූර්යග්‍රහණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
15

ලබන ඉරිදා මෙරටට දිස්වන මේ වසරේ දැකිය හැකි එකම සූර්යග්‍රහණය

ලබන ඉරිදා මෙරටට දිස්වන මේ වසරේ දැකිය හැකි එකම සූර්යග්‍රහණය

මේ වසරේ දැකිය හැකි එකම සූර්යග‍්‍රහණය මේ මස 21 වැනිදා ලොවට දිස්වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.



එය වළයාකාර සූර්යග‍්‍රහණයක් වන අතර ශ්‍රී ලංකාවට පෙනෙනු ඇත්තේ අර්ධ සූර්යග‍්‍රහණයක් ලෙසින් යැයි ද ජයරත්න මහතා කියයි.



කොළඹ නගරයට පෙරවරු 10.29 පමණ සිට පස්වරු 1.19 පමණ වනතෙක් පැය දෙකකුත් විනාඩි පනහකට ආසන්න කාලයක් තුළ මෙම අර්ධ සූර්යග‍්‍රහණය දිස්වන බවත් එහි උපරිම අවස්ථාව පෙරවරු 11.51 ට උදාවන බවත් එහි දී සූර්ය තැටියෙන් 30% ක් පමණ ආවරණය වනු ඇති බවත් ජයරත්න මහතා කියා සිටියා.



සූර්යග‍්‍රණය නැරඹීම සදහා සූර්යයා දෙන නිසි ආරක්ෂීත ක‍්‍රම භාවිතා නොකර පියෙවි ඇසින් බැලීමෙන් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් අන්ධභාවයට හා වෙන්ත ස්ථිර අක්ෂි හානිවලට හේතු විය හැකි බව පෙන්වා දුන් මහාචාර්යවරයා සූර්යග‍්‍රහණයක් ඇතත් නැතත් සූර්යයා දෙස බැලීම හානි විය හැකි  බව ද පෙන්වා දුන්නා. 

 



මීට පෙර සූර්යග‍්‍රහණයක් දැකිය හැකි වූ ඉකුත් වසරේ දෙසැම්බර් 26 වැනිදා සිදුවූ වළයාකාර සූර්යග‍්‍රහණයට මෙවර සිදුවන සූර්යග‍්‍රහණය සමාන වනු ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.



මෙම සූර්යග‍්‍රහණයෙන් පසු යළිත් ශ්‍රී ලංකාවට සූර්යග‍්‍රහණයක් දැකිය හැකි වන්නේ 2022 ඔක්තෝබර් 22 වැනිදායි.



සූර්යග‍්‍රහණය නැරඹීම සදහා කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා සංගමය මගින් සහ ෆොස් මීඩියා ඒකකය හරහා කොළඹ සහ යාපනය සිට ගනු ලබන දර්ශන astrdsoc.cmb.ac.lk හෝ http://fÈ.cmb.ac.lk වෙත 2020 ජුනි 21 වැනිදා පෙරවරු 10.20 සිට පස්වරු 1.30 දක්වා කාලය තුළ පිවිසීමෙන් නැරඹිමේ අවස්ථාව ලැබෙනවා.

views

599 Views

Comments

arrow-up