ලොව ආරක්ෂිතම දුම්රිය සේවාව

1814 දී පමණ පළමු දුම්රිය එංජිම ජෝර්ජ් ස්ටීවන්සන් විසින් නිර්මාණය කරන ලද අතර, වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කර වූ එම එංජිම යොදාගෙන එදා මුලින්ම දුම්රිය සේවාව ඔහු විසින් අරඹා ඇත්තේ මගී ප්‍රවාහනය සඳහා නොවීය. ගල් අඟුරු ප්‍රවාහනය කිරීම සිදුවිය. අද අප රටේ නොවූව ද බොහෝ දියුණු රටවල ස්ථාපිත කර ඇත්තේ විදුලි දුම්රිය සේවාවන්ය. ඒ අතරින් ලෝකයේ බොහෝ දෙනා අතර ප්‍රකටව ඇත්තේ ජපානයේ ෂින්කන්සෙන් අධිවේගී දුම්රිය සේවාවය. මේ ඒ පිළිබඳ සටහනක්.
අධිවේගී ෂින්කන්සෙන් දුම්රිය ජපානයේ ස්ථාපිත වූ වසර වන්නේ 1964ය. ආර්ථික කටයුතු සහ සංවර්ධන කටයුතු වඩාත් සාර්ථක සහ කාර්යක්ෂම කර ගැනීම උදෙසා ටෝකියෝව සහ ඔසාකා නගර අතර සුවිශේෂී මංසලකුණු විවර කරමින් එදා මේ අධිවේගී දුම්රිය සේවය ජනයාට විවර විය. එතැනින් ඇරැඹි අධිවේගී ෂින්කන්සෙන් දුම්රිය අද වන විට ජපානයේ උතුරු කෙළවර වන හොකයිඩෝ දක්වාත්, දකුණේ කෙළවර වන කගෝෂිමා දක්වාත් ටෝකියෝවේ සිට ක්‍රියාත්මක වේ.
අද මෙලෙසින් ජපානය අධිවේගයෙන් හැඩ කරන ෂින්කන්සෙන් දුම්රිය සේවය එදා 1964දී ජපානයේ පැවැත්වූ ඔලිම්පික් උළෙලට සමගාමීව ආරම්භ කළ ද, ඒ වෙනුවෙන් වූ සංකල්පය බිහි වී ඇත්තේ ඊට දශක තුනකට පමණ පෙරදීය. එවකට ජපාන මාධ්‍ය විසින් එම ව්‍යාපෘතිය නම් කරන ලද්දේ ඩැන්ගන් රේස්ෂා (බුලට් ට්‍රේන්) නමිනි. පැය 9ක් ඇතුළතදී යමාගුචි දිස්ත්‍රික්කයේ ෂිමෝනොසෙකි වෙත ටෝකියෝවේ සිට පැයට කිලෝමීටර 160ක වේගයකින් ධාවනය කරවිය හැකි පරිදි අධිවේගී දුම්රිය නිර්මාණය කරවීම එහි සැලසුම විය. අධිවේගයෙන් ධාවනය කරවීම සිදුවන නිසා ජනශූන්‍ය ප්‍රදේශ හරහා මාර්ගය ඉදිකිරීම සිදු කළ යුතුය. සරලව කිවහොත් වඩාත් ආරක්ෂිතව එය නිර්මාණය කළ යුතුය. 1939දී සංකල්පයක් ලෙස එළිදැක්වී ආ ජපානයේ ෂින්කන්සෙන් අධිවේගී දුම්රිය සේවය අද වන විට යථාර්ථයක් වී ලබා ඇති දියුණුව සැබැවින්ම අප විස්මයට පත් කරවන්නකි.
ෂින්කන්සෙන් දුම්රිය නිර්මාණය දියත් කිරීමට පුරෝගාමී වූ මිනිසා ලෙස හැඳින්වෙන්නේ "හිදේඕෂිමා’’ නම් පුද්ගලයායි. ෂිමා අධිවේගී දුම්රිය එංජිම නිර්මාණය කළ ද, ජපානයෙහි අධිවේගී දුම්රිය සේවය ස්ථාපිත කිරීමට පුරෝගාමී වූ චරිතය වූයේ මේ ෂින්ජි සොගෝය. එය දියත් කිරීම වෙනුවෙන් ඔහු හට බොහෝ අභියෝගවලට මුහුණදීමට සිදුවිණි. ඒ වෙනුවෙන් අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුවූ අතර, ලෝක බැංකුව වැනි ආයතනයකින් ණය ගැනීම වෙනුවෙන් සැලසුම් පවා ඉදිරිපත් කොට එවකට ජපානයේ රාජ්‍ය පාලනයේ බලධාරින් වෙත යොමු කරවිය. එලෙසින් වූ බොහෝ ප්‍රයත්නයන්හි ඵලයකින් පසුව නීති අංශයේ උපාධිය ලබා සිටි ෂින්ජි සොගෝහට මෙම සුපිරි අධිවේගී දුම්රිය ක්‍රමය ජපානයේ ස්ථාපිත කරවීමට හැකි විණි.
ලොව වඩාත් ආරක්ෂිත සහ කාර්යබහුල දුම්රිය සේවාව : ‘‘ෂින්කන්සෙන්’’ දුම්රිය සේවය ස්ථාපිත කොට වසර පනහකට වඩා වැඩිය. එදා පැයට කිලෝමීටර දෙසීය ගණනක වේගයෙන් ධාවනය කළ හැකි අධිවේගී දුම්රිය සේවාවක් ලෙස ඇරඹී ෂින්කන්සෙන් දුම්රිය සතු නවීනතම දුම්රිය ධාවනය කෙරෙන වේගය ලෙස සඳහන් වන්නේ පැයට කිලෝමීටර 360ක් හෙවත් සැතපුම් 224 වේගයකිනි.
By : Dilki Shamani
Photo Source : Internet
859 Views
Comments