දිව ඔසුවක් වූ නිල් කටරොළු

316 ඕනෑම කෙනෙකුට ගෙවත්තෙහි කුඩා හෝ ඉඩක වුවද ඉතා පහසුවෙන්ම සිටවා ගත හැකි නිල් කටරොළු මල් ශාකය ගැන ඔබ දන්නවා ඇති. එහෙත් මෙම ශාකයෙහි ඇති ඖෂධීය සාරය ගැන ඔබ දන්නවාද? නිල් කටරොළු ඉතා වටිනා ශාකයක් වන්නේ ඇයි? එහි ඇති උසස් ඖෂධීය ගුණය කුමක් සඳහා ප්‍රයෝජනවත් වනවාද යන්න මේ ලිපිය කියවා දැනගන්න.
- ශරීරයෙහි ඇතිවන කුශ්ඨ රෝග
- සෙම් රෝග
- දියවැඩියාව
- සෙම්ප්‍රතිශ්‍යාව
- අර්ශස්
- පීනස
යන මෙවැනි රෝගයන් බොහොමයක්ම සමනය කිරීමට හොද ඖෂධයක් තමයි මේ නිල් කටරොළු ශාකය කියන්නේ. ඒ වගේම විශේෂයෙන් රුව ගැන සිතන කාන්තා ඔබට ඔබේ රුව රැක ගැනීමටත්, සම පැහැපත් කර ගැනීමටත්, මෙය බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වනවා. ඔබ නොදන්නවා වුණාට බොහෝ රටවල් වල මෙම නිල් කටරොළු මල් පමණක් නොව එහි පොතු හා කරල්ද ආහාරයට ගැනීම සිදු කරනවා. ඔබටත් හැකි සෑම අවස්ථාවකදීම ඔබේ ආහාර වේලටත් නිල් කටරොළු ශාකයෙන් ස්වල්පයක් මිශ්‍රකර සකසා ගන්නට උත්සාහ කරන්න. එය රෝග රැසකින් ඔබව ආරක්ෂා කර ගැනීමට බෙහෙවින්ම උපකාරී වේ. නිල් කටරොළු බත් නිල් කටරොළු ඉදි ආප්ප නිල් කටරොළු පාන් නිල් කටරොළු කිරි බත් නිල් කටරොළු බීම මෙන්ම නිල් කටරොළු තේ පානයක් ලෙසටද ඔබට එය භාවිතා කළ හැකියි.
ඔබගේ රුව වැඩිකර ගැනීමටත්, සම පැහැපත් කර ගැනීමටත් සෑම දිනකම හවසට වතුර වීදුරුවකට නිල් කටරොළු මල් 5 ක් හෝ 6 ක් පමණ දමා පීරිසියකින් වසා තබා පසු දා උදෑසන එය හිස් බඩට පානය කරන්න. නැතිනම් නිල් කටරොළු මල් කිහිපයක් උණුසුම් ජලයට දමා ස්වල්ප වේලාවක් වසා තබා අප පානය කරන තේ එකක් ලෙස ද ඔබට පානය කල හැක. පැරණි වෙද මහත්වරු පවසනා ආකාරයට නිල් කටරොළු කියන්නේ ඉහත අපි සදහන් කළ රෝග වලට අමතරව තවත් රෝග රැසකටම භාවිතා කළ හැකි දිව්‍යමය ඔසුවක්. ඉතිං ඔබත් අනිවාර්යයෙන්ම ඔබේ ගෙවත්තේ නිල් කටරොළු මල් වගා කර ඔබේ රුව හා සෞඛ්‍යය ගැනත් හිතන ගමන්ම අමතර ආදායම් මාර්ගයක්ද සකසා ගන්න. නිල් කටරොළු මල් වේලා එකතු කර අලෙවි කිරීමෙන් මෙසේ ඔබට ඉතා වටිනා ආදායමක් ලබා ගන්නට හැකි වේවී. ගහේ පිපී ගහේ ම පර වී යාමට නොදී ඊට වඩා එහා ගිය එහි ගුණදායක සාරයෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නට උත්සාහ දරමු.
by Kaushalya De Silva
Photo source : Internet
20968 Views
Comments