දෙවියන් විසින් තෑගි කළ දිර්ඝායුෂ ශාක පත්‍රය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
29

දෙවියන් විසින් තෑගි කළ දිර්ඝායුෂ ශාක පත්‍රය

දෙවියන් විසින් තෑගි කළ දිර්ඝායුෂ ශාක පත්‍රය

ලෝකේ තියන හොදම ආහාරය කියලා කියන, දෙවියන් තෑගි කළ දීර්ඝායුෂ ශාක පත්‍රය - මුරුංගා කොළ දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් මුරුංගාවල රස හැමෝම දන්නවා .

 

ඒත් මුරුංගා කොළ වල ඇති විස්මිත ගුණ දන්න අය අඩුයි.. මුරුංගා කොළවල විටමින් A , විටමින් C , කැල්සියම් අඩංගු වේ.

 

ගර්භනී මවුවරුන්ට ශරීරයට අවශ්‍ය කැල්සියම් , යකඩ, විටමින් වර්ග මුරුංගා කොළ මගින් ලැබෙන අතර ශරීරය දුර්වල අයගේ ශරීරය ශක්තිමත් කර පහසුවෙන් දරු ප්‍රසූතිය සිදු කිරීමටද හැකියාවක් ඇති බව පැවසේ.

 

එම පානය මගින් ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නංවා ගැනීමට , ලේ පිරිසිදු කර ගැනීමට සහ අස්ථි ශක්තිමත් කර ගැනීමටද හැකියාව ඇත.

 

* යෝගට්වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්

 

* කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් ඒ

 

* කෙසෙල්වල මෙන් 15 ගුණයක පොටෑසියම්

 

* කිරිවල මෙන් 17 ගුණයක කැල්සියම්

 

* දොඩම්වල මෙන් 12 ගුණයක විටමින් සී

 

* නිවිතිවලට වඩා විසිපස් ගුණයක යකඩ

 

* බිත්තරවලට වඩා සිව් ගුණයක ප්‍රෝටීන්

 

* මුරුංගා කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප 80ක ගුණ මෙහි අඩංගු බවට පරීක්ෂණ වලින් සනාථ කරගෙන තියෙනවා

 

මුරුංගා කොළ පිළිකා නාශකයක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. උදරයේ ගැස්ට්‍රයිටිස් තුවාලවලින් සැදෙන පිළිකා,

 

සමේ මෙලනින් ඇතිකරන සෛලවල පිළිකා, මෙන්ම අක්මා හා පෙණහළු පිළිකා වලටද ඉන් වැට බැඳෙනවා.

 

එසේම සිරුරේ සීනි මට්ටමත්, හදවත් රෝග කොලෙස්ටරෝල් හා රුධිර පීඩන මට්ටමත් එමගින් පාලනය වෙයි.

 

අස්ථි හා දත් ශක්තිමත් වෙනවා වගේම එමගින් වියපත්වන විට ඇතිවිය හැකි ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්ව වැළකෙනවා

 

ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට උදව් වන අතර සිරුරේ බරත් පාලනය කරනවා .

 

තරුණියන්ගේ රුව වඩවමින් මනාව හිසකෙස් වවන මුරුංගා කොළ සමත් නිරෝගිකර දෙයි තුවාල, ගෙඩි හා සමේ ආසාදන සුවපත් කරයි

 

එමගින් තරුණ පෙනුමක් ලැබෙයි.. ඒ වගේම මුරුංගා කොළ මානසික සෞඛ්‍යයත් වර්ධනය කර දෙනවා...

 

මුරුංගා කොළ අපිට එක එක විදියට ආහාරයට එක් කර ගන්න පුළුවන් ...

 

කොළ මැල්ලුමක්, වෑංජනයක්, බැදුමක් සේ වගේම අමු කොළ යුෂත් පානය කරන්න පුළුවන් .

 

කොළ මඳ පවනේ වියළා කුඩුකර තේ පානයක් ලෙසද සැකසිය හැක.

 

කොළ කුඩු දිනපතා ආභාරයට දින 90ක් යොදගත් විට විස්මිත ප්‍රතිඵල ලැබුණු බව සනාථ වී තියෙනවා

 

 

views

817 Views

Comments

arrow-up