විසිඑක් වැනි ශත වර්ෂයේ සාගරය...

පංච මහා සාගර අතරින් ඉන්දියානු සාගරයයි විසි එක් වැනි ශතවර්ශයේ සාගරය බවට පත් වන්නේ. 19 වැනි හා 20 වැනි ශත වර්ෂවල සාගර බවට පත්ව තිබෙන්නේ පිළිවෙලින් අත්ලාන්තික් සහ ශාන්තිකර සාගර. ලෝකයේ කන්ටේනර් නැව්වලින් හරි අඩක්ම භාණ්ඩ හා සේවා ප්‍රවාහනය ඉන්දියානු සාගරය හරහා සිදුකිරීම නිසා ඉන්දියානු සාගරයට මුහුණලා ජීවත්වන ආසියාකරයේ රටවල් වල ආර්ථික සංවර්ධනයටද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. පෘථිවි ගෝලයෙන් සියයට හැත්තෑ දෙකක්ම පිරී පවතින ජලය වැඩි වශයෙන් රඳා පවතින්නේ මහා සාගරයේ. වර්ෂාපතනය, උෂ්ණත්වය හා ආර්ද්‍රතාව ඇතුළු දේශගුණික තත්ව නියාමනය කිරීමට සමත් මහා සාගරය කාබන් වලින් සියයට අනූ එකක්ම උරා ගනියි. එසේම ගෝලීය හයිඩ්‍රොකාබන් වලින් සියයට තිස් දෙකක්ම සම්පාදනය කරන මහා සාගරය ලෝක ප්‍රජාවට ලබා දෙන්නේ වඩාත් සුව පහසුවක්.
ලෝක ජනගහනයෙන් බිලියන එකකට ප්‍රෝටීන් සපිරි පෝෂණ ගුණයෙන් අනූන ආහාර අවශ්‍යතා සම්පූර්ණ කරන්නෙත් ජීවීන් මිලියන ගණනක් ජීවත් වන මහා සාගරයෙන්. මේ සාගර ජීවී නිෂ්පාදන වාර්ෂිකව වැඩිවන අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට 4ක වර්ධන වේගයක්. මත්ස්‍ය නිෂ්පාදන වලින් 25% ක්ම සපුරාදෙන මහා සාගරය වර්තමානයේ බහුලව භාවිතා වන්නේ ධීවර කටයුතු ආශ්‍රිත කර්මාන්ත සඳහායි. බලශක්තිය උත්පාදනය මෙන්ම සේවා සැපයීම අතින්ද ප්‍රමුඛයා වන්නේ මහා සාගරයයි. මේ අනුව ලොව වටා භාණ්ඩ ප්‍රවාහනය සඳහා ලබාදෙන දායකත්වය සියයට අනූවක්. වර්ෂ 2030 වන විට container මගින් භාණ්ඩ ප්‍රවාහනය තුන් ගුණයකින් වැඩිවන බවටයි ගණන් බලා ඇත්තේ. එය මූල්‍යමය වටිනාකම ඇසුරින් ගණනය කළ විට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 21 ක්. මෙවැනි පසුබිමක සාගරය ඇසුරෙන් රැකියා උත්පාදනයද වසරින් වසර වැඩිවෙමින් පවතී.
එසේම සියයට හැටක්ම යුරේනියම් නිධිද, සියයට හතළිහක් රත්තරන් නිධිද, සියයට අනූ අටක් දියමන්ති නිධිද ඉන්දියානු සාගරය තුල පිහිටා ඇති බවයි සාගර පර්යේෂකයන් පවසන්නේ. මෙම ස්වර්ණමය තත්වය හේතුවෙන් ඉන්දියානු සාගරය විසි එක්වෙනි සියවසේ මහ සයුර බවට පත්වීම අප ඇතුළු ආසියාකරයේ රටවල් වල භාග්‍යයක්. ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු සාගරයේ පවතින මහා සාගර සම්පත් පිළිබඳ පර්යේෂණ, ගවේෂණ සහ අධ්‍යන දැනටමත් සිදු කරමින් පවතී. ඉදිරි කාල වකවානුව තුළ ඉන්දියානු සාගරය කළමනාකරණය කරමින් භාවිතා කිරීම සම්බන්ධයෙන්ද දැනටමත් ගෙන ඇත්තේ පියවර රැසක්. මීට සමගාමීව චීන පර්යේෂකයන් සමඟ මහා සමුළුවක් සංවිධානය කෙරුණේ සාගර පතුල ගවේෂණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්. මේ අනුව මහ සයුර සුරැකීම අප සියලු දෙනාගේම යුතුකමක් හා වගකීමක්.
By : Sachini Sooriyaarachchi
Photo Source : Internet
1081 Views
Comments