විවාහයේ රහස් කියන හස්ත රේඛා

ඈත අතීතයේ සිට පැවත එන ශාස්ත්‍රයක් ලෙස හස්ත රේඛා ශාස්ත්‍රය සැලකේ. හස්ත රේඛා පරීක්ෂාවේදී කෙනෙකු විවාහය සිදුවන වයස පිළිබඳව විමසූ විට මුලින්ම ස්ත්‍රී පුරුෂ භේදය අනුව ස්ත්‍රියක නම් වම් අතද පුරුෂයකු නම් දකුණු අතද තෝරා ගත යුතුය. අනතුරුව අතෙහි විවාහ රේඛාවක් පිහිටා ඇත්දැයි බැලිය යුතුය. විවාහ රේඛා කිහිපයක් වෙතොත් ඉන් නියම විවාහ රේඛාව කුමක්ද යන්නද තෝරාගත යුතුය.
විවාහ රේඛාව හෘදය රේඛාවට කොපමණ දුරකින් පිහිටා ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් විවාහය සිදුවන වයස් සීමාව අනුමාන කළ හැකිය. සුළැඟිල්ලේ සිට හෘදය රේඛාවට ඇති දුර අවුරුදු 50 ක් ලෙස සලකා වයස් සීමාව නිගමනය කිරීම මෙහිදී සිදුවේ. එම සීමාවම සමාන කොටස් පහකට බෙදීමෙන්ද විවාහය සිදුවන වයස නිගමනය කරයි. විවාහ රේඛාව හෘදය රේඛාවට ආසන්න පළමු කොටසේ පිහිටා ඇත්නම් අවුරුදු 18 ට පෙර ද දෙවැනි කොටසේ පිහිටා ඇත්නම් අවුරුදු 18 ත් 20 ත් අතරද තුන්වැනි කොටසේ පිහිටා ඇත්නම් අවුරුදු 20 ත් 24 ත් අතරද හතරවැනි කොටසේ පිහිටා ඇත්නම් අවුරුදු 24 ත් 30 ත් අතර ද සුළැඟිල්ලට ආසන්න පස්වැනි කොටසේ පිහිටා ඇත්නම් වයස අවුරුදු 30 න් පසුවද විවාහය සිදුවේ. හෘදය රේඛාවට ඉතා ආසන්නයේ විවාහ රේඛාව පිහිටා ඇත්නම් වයස 17 ත් 24 ත් අතර ද එම සීමාවේ මධ්‍යයේ පිහිටා ඇත්නම් වයස 24 ත් 30 ත් අතර ද සුළැඟිල්ලට ආසන්නව පිහිටා ඇත්නම් වයස 30 ත් 40 ත් අතර ද විවාහය සිදුවේ. විවාහ රේඛාව සුළැඟිල්ලට ඉතා ආසන්නව පිහිටා ඇත්නම් අවුරුදු 40 ඉක්ම යන්නටද පුළුවනි.
තවද දෛව රේඛාව උපයෝගී කරගෙනත් විවාහය සිදුවන වයස් සීමාව නිශ්චය කළ හැකිය. මෙහිදී දෛව රේඛාව කොටස් 04 කට බෙදා දැක්වේ. එම එක් කොටසකට හිමි ප්‍රමාණය අවුරුදු ගණනින් 20 කි. අවුරුදු 20 දක්වා ඇති පළමු කොටසට චන්ද්‍ර මණ්ඩලයෙන් පැමිණි ශාඛා රේඛාව සම්බන්ධ වී ඇත්නම් වයස අවුරුදු 20 ට පළමුව ද ඊළඟ රේඛාවට සම්බන්ධ නම් එනම් 20 සිට 40 දක්වා අතර කොටසට සම්බන්ධ නම් ඒ අතර විවාහය සිදුවේ. මෙය සූක්ෂමව බෙදාගෙන බලතොත් ආසන්නම වයස් සීමාව පිළිබඳ තීරණයකට එළැඹිය හැකියි. එනම් එම 20 ත් 40 ත් අතර කොටස දෙකට බෙදා 20 ත් 30 ත් අතර කොටසක් සකසා ගත හැකියි. නැවතත් හතරකට බෙදීමෙන් 20 ත් 25 ත් අතර ආදී වශයෙන් වර්ෂ 05 කොටස් කර ගත හැකියි. එවිට වයස් සීමාව නිගමනය කිරීම පහසු වනු ඇත. වඩාත්ම යෝග්‍ය වන්නේ මෙම ක්‍රම ත්‍රිත්වයටම සංසන්දනය කර විවාහය සිදුවන වයස් සීමාව නිගමනය කිරීමයි. මෙය වඩාත් සාර්ථක ක්‍රමයක් ලෙස පිළිගැනෙනවා.
By : Dilki Shamani
Photo Source : Internet
1786 Views
Comments