නාසා ආයතනය බෙන්නු වෙත ගොඩබසී
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
03

නාසා ආයතනය බෙන්නු වෙත ගොඩබසී

නාසා ආයතනය බෙන්නු වෙත ගොඩබසී

නාසා වසර 4කට පෙර සිය ගමන ඇරඹූ ඔසිරිස්-රෙක්ස් - OSIRIS-REx නමැති රොබෝ ගවේෂණ යානය පසුගිය ඔක්තෝබර් 20 වැනිදා සිය ඉලක්කය වෙත සාර්ථකව ළඟාවී තිබේ.


නාසා ආයතනය 2016 සැප්තෑම්බරයේ යැවූ මෙම කුඩා වෑන් රථයක් තරමේ මෙම යානයේ ඉලක්කය වූයේ ග්‍රහලොවක් නොව ග්‍රහකයකි. එය දියමන්තියක හැඩය ගත්, අධික වේගයකින් ගමන් යන බී කාණ්ඩයට අයත් ග්‍රහකයක් වූ ‘බෙන්නූ’ ලෙස හැඳින්වේ.


මහපොළොවේ සිට සැතපුම් මිලියන 207කට එපිටින් ‘බෙන්නූ’ පිහිටා ඇති අතර එහි කක්ෂයේ සිට මේ ගොඩබෑමට හෙවත් ග්‍රහකය මතට කිට්ටු කිරීමට පැය 4.5ක් පමණ ගතවිය. මේ නාසා යානය ගොඩබැස්ස අඩි 52ක් තරමේ ඓතිහාසික බිම්කඩ “නයිටින්ගේල්” නමින් හඳුන්වා ඇත.ඔසිරිස් රෙක්ස්’ යානය කුඩා වාහන නැවතුමක් තරමේ ඉඩකඩ ඇති අඩි 52ක් තරම් පුංචි ප්‍රදේශයකට ළඟා වී එය මතට අඩි 11ක පමණ දිගු වූ රොබෝ අතක් යොමුකර ‘බෙන්නූ’ මත වසර බිලියන ගණනක් එපිට ඈත අතිතයේ සූර්යය ග්‍රහ මණ්ඩලය උපන් අවදියේ සිට රැඳී තිබූ දූවිලි සහ පාෂාණ අවුස්සා එයින් සාම්පල තොගයක් එක්රැස් කර ගත්තේය. මීට වසර බිලියන 4.5කට පෙර මහපොළොව උපන් කාලයේ මූලික අමුද්‍රව්‍ය “බී” කාණ්ඩයේ ග්‍රහකයක් වන නිසා ‘බෙන්නූ’ මත වෙනසකට ලක් නොවී යහමින් පවතිනු ඇතැයි සැලකේ. මේ නාසා ආයතනය ග්‍රහකයක් මතට ගොඩ බැස්ස පළමු අවස්ථාවයි. එසේම සඳ ගමනින් පසු අභ්‍යවකාශ වස්තුවක් මතින් ලබාගත් විශාලතම සාම්පල ප්‍රමාණය එක්රැස් කර ගත් මුල්ම අවස්ථාවයි. පීඩනයට ලක්කළ නයිට්‍රජන් වායූ දහරාවක් විද හැර ඇවිස්සුන ධූලී සහ පස් කැට කැබලිති උරා ගත් මේ ඓතිහාසික සාම්පල එකතුවට ගතවී තිබුණේ තත්පර 5-10ත් අතර පුංචි කාලයකි. එහිදී එකතු කර ගත් ධූලී සහ පස් කැට කැබලිති සාම්පලය සැලසුම් කර ඇති ආකාරයටම ඉදිරිගමන සිදුවුවහොත් 2023 වසරේ සැප්තැම්බර් 24දා පෘතුවියට ලබාදෙනු ඇත.
 


නාසා ආයතනය මෙම මෙහෙයුමට පෙර ජපානය හයබුසා 2 නමින් හැඳින්වෙන මෙහෙයුමක් සිදු කළේය. එමගින් වසර බිලියන 4.5 ක් පැරණි රියුගු ග්‍රහකයෙන් ධූලී සහ පස් කැට කැබලිති සාම්පලයක් ලබා ගත් අතර එම යානය ඒවා ද රැගෙන ලබන දෙසැම්බර් මාසයේදී පෘතුවියට පැමිණීමට නියමිතය. නාසා ආයතනය මීට පෙර වල්ගා තරැ මතට බැස එයින් සාම්පල ගත්තේය. සූර්යය සුලං අතරට වැදී එම සාමිපල ද ලබාගත්තේය. මිලියනයක් තරම් වූ දන්නා කියන ග්‍රහක අතරින් එකක සාම්පලයක් ගන්නටද දැන් සමත්ව තිබේ. ඔවුන් මේ සොයන්නේ මිහිමත ජීවය බිහි වූ ආකාරයයි. මෙවැනි පර්යේෂණ තුළින් විශ්වයේ සැඟවී ඇති රහස් ඉදිරියේදී අනාවරණය කර ගැනීමට කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

769 Views

Comments

arrow-up