සිරගෙට ගිය පාපන්දු තරුව

මේ දවස්වල දවස් වල ලෝකයේ ජනප්‍රියතම ක්‍රීඩකයා වෙලා තියෙනක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. කොරෝනා වෛරසයෙන් බැට කා සිටින පෘතුගාල වැසියන්ට නිරෝධායනය වීම සඳහා ඔහු ලබාදුන් සහයෝගයත් සමග තවත් රොනාල්ඩෝ තවත් ප්‍රසිද්ධියට පත් උනා. රොනාල්ඩෝ ගැන වගේම මේ දවස් වල කතා වෙන තවත් පාපන්දු ක්‍රීඩකයෙක් තමයි බ්‍රසීලයේ රොනාල්ඩින්හෝත් කියන්නේ. ඒත් ක්‍රිස්ටියානෝ ගැන ලෝකයේ වැඩි දෙනෙකුට අවධානය යොමුවෙලා යොමු වෙලා තිබුණ නිසා රොනාල්ඩින්හෝත්ගේ සිදුවීම ගොඩක් දෙනෙකුට අමතක උනා.
මේ වෙනකොට 39 හැවිරිදි රොනාල්ඩින්හෝත් ඉන්නේ පැරගුවේ හි සිර කඳවුරක. ඔහු මෙහෙම හදිසියේ සිරගත වීමට සිදු වුණේ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් පැරගුවේ රාජ්‍යයට ඇතුළු වීමට උත්සාහ දරා තිබීම නිසා. මේ ගමන රොනාල්ඩින්හෝත් ගිහින් තිබුණේ තමන්ගේ සහෝදරයා සමග. ඉතින් සහෝදරයගෙත් විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බවට ඔප්පු වීමත් සමග ඔහුටත් රොනාල්ඩින්හෝත් සමග සිර දඩුවම ලබන්න සිදුවුනා. මේ සිද්ධිය රොනාල්ඩින්හෝත්ට ඔහුගේ පැත්තෙන් තරමක් කනගාටුදායක සිද්ධියක් වුනත් එම සිර කඳවුරේ සිටින සිරකරුවන්ට නම් තමන්ගේ ලෝකයේ පාපන්දු වීරයෙකු වන රොනාල්ඩින්හෝත් තමන් සමගින් එකට සිරබත් කෑමට පැමිණීම සතුටට කාරණයක් වෙලා තිබුණා.
ඔවුන්ගේ සතුට කොතෙක්ද කියනවා නම් රොනාල්ඩින්හෝත් සිරමැදිරියට ආ මොහොතේ පටන් සිරකරුවන් ඔවුන් සතුව තිබුණු කෑම බීම වලින් පවා රොනාල්ඩින්හෝත්ට සංග්‍රහ කෙරුවා. මේ හැම මොහොතකම ප්‍රති උපකාරයක් කිරීමට තමන් ලද කිසිම දෙයක් නොමැති වූ නිසා රොනාල්ඩින්හෝත් විසින් එම සිරකරුවන්ට අත්සනක් මගින් සටහනක් ලබාදීමට කටයුතු කිරීම විදෙස් මාධ්‍යයන්ගේ පවා කතා බහට ලක්වුනා.
රොනාල්ඩින්හෝත් සිර කඳවුරට ඇතුලු වීමෙන් පසුව තමන් ලෝකයේ ආදරයට පත් පාපන්දු තරුවක් බවට අමතක කර ඔහු තමන්ගේ රසික සිරකරුවන් සමගින් පාපන්දු ක්‍රීඩා කරන්නත් අමතක කළේ නෑ. එහෙම ක්‍රීඩා කරපු තරගයකදී රොනාල්ඩෝ ගෝලයක් වාර්තා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ ජාල වල ප්‍රසිද්ධ වුණා. සිර දඬුවම් ලැබීමට හේතු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් පැරගුවේ නීති නිලධාරීන් විසින් රොනාල්ඩින්හෝත්ගෙන් සහ ඔහුගේ සහෝදරයා ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් කියා තිබුණේ නොදැනුවත්කම නිසා මේ දේ සිදුවුණු බවයි. කොහොම වුණත් මොවුන් දෙදෙනාට වැඩි කාලයක් සිරගතව සිටීමට සිදු නොවන බව දැනට මාධ්‍ය වාර්තා කරනවා. නමුත් ඔවුන් අතින් සිදු වූ වරදට දඬුවමක් හැටියට බොහෝ විට පැරගුවේ පුන්‍ය ආයතනයකට දඩ මුදලක් ගෙවීමට ඔවුන්ට සිදු වනු ඇතැයි බොහෝ දෙනා පවසනවා.
by Dilki Shamani
Photo Source: Internet
576 Views
Comments