ලංකාවේ පළමු නියෝජ්‍ය පොලිස්පතිවරිය

ශ්‍රී ලංකා පොලිසියට ප්‍රථමවරට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනියක පත්කිරීම පසුගිය 08 වැනිදා වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාව සිදු කෙරිණි. ඒ අනුව ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස උසස්වීම් ලැබීමට සනාව ලද නිලධාරිනිය වූයේ පොලිස් ළමා හා කාන්තා අපයෝජන කාර්යාංශයේ අධ්යක්ෂ ලෙසින් රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනි බිම්ෂානි ජාසිං ආරච්චියි. 85000ක් පමණ පිරිසකගෙන් සමන්විත පොලිස් දෙපාර්තමේන්තුවේ 8900ක් පමණ වන කාන්තා පොලිස් නිලධාරිනියන් අතුරින් ඇය එදා-මෙදා තුර කාන්තා නිලධාරිනියක ලද ඉහළම තනතුරට උසස්වීම් ලැබීය. වසර 23ක පමණ සේවා කාලයකට හිමිකම් කියන ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය දැඩි අභියෝග මධ්‍යයේ නියෝජ්‍ය පොලිස්පතිනියක දක්වා උසස්වීම් ලද දිරිය නිලධාරිනියක් ලෙස පොලිස් දෙපාර්තමේන්තවේ ප්‍රචලිතය.
1997 වසරේ පෙබරවාරි 04 වැනිදා පොලිස් සේවයට එක්ව ඇති නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි දකුණේ හම්බන්තොට, වීරකැටිය ප්‍රදේශයේ ඈත ගම් පියසක් වන ගල්පොත්තයාය ග්‍රාමයේ උපන් කාන්තාවකි. දරුවන් දස දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වෙනියා ලෙස උපත ලැබූ ඇය මූලික අධ්‍යාපනය මීගස්ආර මහා විද්‍යාලයෙන්ද වැඩිදුර අධ්‍යාපන කටයුතු තංගල්ල බාලිකා මහා විද්‍යාලයෙන්ද සම්පූර්ණ කර ඇති ඇය පාසල් සමයේදී ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවටද එකසේ හපන්කම් පෑ තැනැත්තියකි. සිය විශ්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන අතරතුරම 1997 වසරේ පෙබරවාරි 04 වැනිදා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට එක්ව මූලික පුහුණුව ලබා ආධුනික උපපොලිස් පරීක්ෂකවරියක ලෙස සිය රාජකාරි ආරම්භය කළාය.
වසර ගණනාවක සේවයෙන් පසු පොලිස් පුහුණු කිරීම් ක්ෂේත්රයේ වසර 4ක්ද ප්‍රභූ ආරක්ෂක හා පරිපාලන රාජකාරින්හි වසර පහක් සහ මෙහෙයුම් රාජකාරියන්හිද වසරක කාලයක් සේවය කොට පොලිස් දෙපාර්තමේන්තුවේ අත්දැකීම් ලත් ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිය ඇයයි. එමෙන්ම එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරි සඳහා එක්ව වසර දෙකක කාලයක්ද නැගෙනහිර ටිමෝරයේ ළමා හා කාන්තා අපරාධ විමර්ශන කාර්යාංශ කණ්ඩායම් නායිකාව හා දකුණු සුඩානයේ පොලිස් මෙහෙයුම් මූලස්ථානයේ පිරිස් පාලන නිලධාරිනිය ලෙසද ඇය ඉමහත් සේවාවක නිරතව තිබුණාය.
වත්මන් පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 47 දෙනා අතරට එක්වූ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය වන බිම්ෂානි ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස අසමසම වාර්තාවකට හිමිකම් කියයි. ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියටද හිමිකම් කියයි. ඊට අමතරව බැංගලෝර් විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පීඨයේ සහ ඇමෙරිකාවේ ලුසියානා පොලිස් විද්‍යායතනයේද පොලිස් සේවයට අදාල රාජකාරි පිළිබඳ වැඩිදුර හැදෑරීම් සිදු කර තිබේ. කාන්තාවක් ලෙස පොලිසිය නියෝජනය කරමින් එම කාර්යයන් සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා ඇය ලත් අත්දැකීම් සහ අධ්‍යාපනය ඉවහල් වනු ඇත.
by Dilki Shamani
Photo source : Internet
830 Views
Comments