ලොව හයවන මහා වඳවීම ආරම්භ වී තිබේ!!!

මානව ක්‍රියාකාරකම් නිසා ලොව පුරා ශාක සහ සත්ත්ව විශේෂ සීඝ්‍ර වඳ වී යාමේ තර්ජනයකට ලක්ව තිබෙනවා. ඒ අනුව අන්තර් රාජ්‍ය විද්‍යාඥයන්ගේ මණ්ඩලය ප්‍රකාශ කරන ආකාරයට මේ වන විට සත්ත්ව හා ශාක විශේෂ ලක්ෂ 10ක් පමණ වඳවීමේ තර්ජනයට ලක්ව තිබෙනවා. පසුගිය කාලයේ කරන ලද සමීක්ෂණවලින් පෙනී යන්නේ භූමියෙන් 75ක් සහ සාගරවලින් 66ක් මිනිස් ක්‍රියාකාරකම් නිසා පිරිහී ඇති බවයි. මේ අනුව එම විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත්තේ දැන් අප ලොව හයවැනි මහා වඳවීමේ තර්ජනය හමුවට අවතීර්ණ වී සිටින බවටය.
පසුගිය දශක කිහිපය තුළ ක්ෂීරපායීන් වඳ වී යාමේ වගකීම අප විසින් මුළුමනින්ම බාරගත යුතු බව එම විද්‍යාඥයන්ගේ අදහසයි. මේ යන අන්දමට කටයුතු කළහොත් මෙම සියවස තුළ තවත් ක්ෂීරපායී විශේෂ 550ක් අහිමි වනු ඇතැයි ඔවුන් අනාවැකි පළ වී ඇත. පසුගිය දශක කිහිපයක සිට මානව අවශ්‍යතා සඳහා වැඩි වශයෙන් බිලි වන්නේ නොඉඳුල් වනාන්තරය. මේ අන්දමට මිනිසුන් විසින් අසීමිත ලෙස සතුන් දඩයම් කිරීම, අධික ලෙස මසුන් ඇල්ලීම, වනාන්තර සහ තෘණ බිම් කැපීම මගින් සිදුවන්නේ ඒවායේ ජීවත්වන වෙනත් ජීව විශේෂයන් වඳ වී යාමට මඟපෑදීමය. ආත්මාර්ථකාමී වර්තමාන මිනිසා සොබා දහමේ සෙසු දුවාදරුවන්ගේ මිහිමත ජීවත් වීමේ අයිතිය උදුරා ගෙන සිටිමින් කටයුතු කරන බව නොරහසක්.
මෑත කාලීන වාර්තා සහ අධ්‍යයන මගින් සොබාදහමේ තත්ත්වය පිළිබඳව තැතිගන්වන සුළු බොහෝ ප්‍රවෘත්ති ඉදිරිපත්ව ඇති අතර, මානව ඉතිහාසයේ පෙර නොවූ විරූ මට්ටමකට ජෛව විවිධත්වය නැතිවීම, සොබාදහම නැතිවීම, වාර්තා වී තිබෙන බව ජෛව විවිධත්වය පිළිබඳ සම්මුතියේ විධායක ලේකම් එලිසබෙත් ම්‍රේමා පෙන්වා දෙයි.
මේ මහා විනාශය වළක්වාගැනීම සඳහා පැරිස් දේශගුණික ගිවිසුම මගින්ද දේශගුණික විපර්යාස සඳහා වන ජෛව විවිධත්වය සඳහා වන ගිවිසුමකට එක්වන ලෙස ලොව රටවල්වලින් ඉල්ලා සිටීයේය. වනජීවය හා දේශගුණය කේන්ද්‍රගත කරගත් කරුණු දහයක සැලැස්මක් මගින් 2030 වන විට ලෝකයේ 30ක් ආරක්ෂා කිරීමේ ප්‍රතිඥාවකට අත්සන් තබන ලෙසද පසුගියදා ලෝක නායකයන්ගෙන් නැවත ඉල්ලීමක් කරතිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින ශාක සහ සත්ව විශේෂ වල වඳ වී යාමේ ආරම්භය නැතහොත් ලොව හයවන මහා වඳ වීමේ ආරම්භක අදියර නවත්වාලීමට නොපමාව කටයුතු කිරීම ලොව සෑම පුද්ගලයකුගේම වගකීම පුද්ගලයෙකුගේ ම වගකීමක් සහ යුතුකමක් වේ.
by Dilki Shamani
Photo source : Internet
792 Views
Comments