බුදුදහම බෙදන එංගලන්තයේ පල්ලිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

බුදුදහම බෙදන එංගලන්තයේ පල්ලිය

බුදුදහම බෙදන එංගලන්තයේ පල්ලිය

අද වන විට බුදුදහම ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බව කාටත් නොරහසකි. ඒ අනුව ලොව පුරා පිහිටි බෞද්ධ මධ්‍යස්ථාන අතර එංගලන්තයේ නිව්කාසල්හි, හෙබන් නගරයේ ඇති පිහිටා ඇති තායි ධම්මකාය බෞද්ධ භාවනා මධ්‍යස්ථානය එරට වෙසෙන භාවනායෝගීන්ගේ මනසික සුවය පිණිස පිහිටුවා ඇති ආයතනයක්. ඕනෑම ජාතියකට, වයස් කාණ්ඩයකටම හා ඇදහිල්ලකට අයත් අයෙකුට අභ්‍යන්තර සාමය සහ සතුට සොයා යෑම පොදු දෙයක් වන අතර ඔවුන්ගෙන් වැඩි පිරිසකට සැබෑ සතුට සොයාගත නොහැකි නිසා මෙනෙහි කිරීමෙන් අභ්‍යන්තර සතුට හා මනසේ සාමය සොයා ගැනීමට මඟ පෙන්වීම තම භාවනා මධ්‍යස්ථානයේ අරමුණ වී තිබෙනවා. අනෙකුත් මධ්‍යස්ථාන අතර මෙම භාවනා මධ්‍යස්ථානයේ සුවිශේෂීත්වයක් තිබෙනවා.

කලකට ඉහතදී ප්‍රෙස්බිටේරියානු දේවස්ථානයක් ලෙස එය පවත්වාගෙන යන ගොඩනැගිල්ල පැවතින. එංගලන්තයේ හෙබර්න් නගරයේ වසර 150කට අධික කාලයක් සාන්ත ඇන්ඩෘ දේවස්ථානය ලෙස ප්‍රෙස්බිටීරියානු කිතුනුවන්ගේ වැඳුම් පිදුම්වලට පාත්‍ර වූ එම ස්ථානය මින් වසර කිහිපයකට ඉහත තායිලන්ත භික්ෂූන් විසින් මිලට ගෙන පවුම් 500,000ක් වැය කොට අලුත්වැඩියා කොට භාවනා මධ්‍යස්ථානයක් බවට පත් කර තිබේ. මෙම දේවස්ථාන ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ 1872 වසරේ හෙවත් වික්ටෝරියානු යුගයේදී. හෙබර්න් හි වාසය කළ ප්‍රෙස්බිටේරියානු ස්කොට්ලන්ත ජාතිකයන්ට හට වැඳුම් පිදුම් කිරීම සඳහා ලන්ඩනයේ “හොතෝන් ලෙස්ලි” නම් නැව් තටාකාංගනයේ හිමිකරු වූ ඇන්ඩෘ ලෙස්ලි නම් ධනවතා විසින් සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ගොතික් ශෛලියේ ගෘහ නිර්මාණ ශිල්පය අනුව මෙය ඉදිකරවා තිබේ. එම නිසා මෙම දෙව්මැඳුර ඔහුගේ නාමය සිහිපත් කිරීම සඳහා සාන්ත ඇන්ඩෘ දෙව්මැඳුර ලෙස අතීතයේ හැඳින්විණි.


හෙබර්න් ගං ඉවුර ආසන්නයේ පිහිටි දේවස්ථානය සහ පාසල් ගොඩනැගිල්ල මෑතක් වන තුරැම දකුණු ටයිනසයිඩ් කවුන්සිලයට අයත් විය. පරිපාලනය පිරිහීම හේතුවෙන් කලකට ඉහත දෙව්මැඳුර වසා දැමිණි. කලක් භාවිතයට නොගැනීම මත අභාවයට යමින් තිබූ ගොඩනැගිල්ල පසුව වෙන්දේසි කෙරිණි. එහිදී දෙව්මැඳුර පවුම් 150,000 කටද, පාසල් ශාලාව පවුම් 100,000 කටද අලෙවි විය. ඒ අනුව තායි ධම්මකාය බෞද්ධ භාවනා මධ්‍යස්ථානයට එහි අයිතිය හිමි විය.
 


මෙම දෙව්මැඳුරේ ගෘහනිර්මාණ ශිල්පියා වූයේ ආර්. ජේ. ජොන්සන් නමැති ගෘහ නිර්මාණ ශිල්පියෙකි. මෙම දෙව්මැඳුරේ ඉදිරිපස ඔරලෝසු කණුව සහිත කොටස අඩි 190 ක පමණ උසකින් යුතුවේ. භාවනා මධ්‍යස්ථානයේ පාලක හිමිනම වන සැන්දර් ඛේමාධම්මෝ හිමියන් සඳහන් කරන්නේ මෙම ගොඩනැගිල්ලේ පෞරාණික භාවය සුරැකෙන අයුරින් එහි අලුත්වැඩියා කටයුතු සිදු කර ඇති බවයි. ඒ අනුව දෙව්මැඳුරට ආලෝකය ලැබෙන ලෙස තනා ඇති කුඩා කවුළුවල ඇති කිතුණු ලක්ෂණ සහිත වීදුරු වෙනුවට බුද්ධ චරිතයේ විකාශය දැක්වෙන වීදුරු යොදා තිබේ. ඒ අනුව එංගලන්තේ පල්ලියක්ව පැවති මෙම බෞද්ධ මධ්‍ය මධ්‍යස්ථානය එරට බෞද්ධ ජනතාවට මහඟු සේවාවක් සපයන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙනවා.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

 

views

609 Views

Comments

arrow-up