බැක්ටීරියා නසන දෙළුම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

බැක්ටීරියා නසන දෙළුම්

බැක්ටීරියා නසන දෙළුම්

අප ආහාරයට ගන්නා සෑම පලතුරක්ම ඉහළ පෝෂණ ගුණයකින් යුක්තයි. එවැනි පලතුරු අතර සෞඛ්‍යමත් පලතුරක් ලෙස දෙළුම් හැඳින්විය හැකියි. එය අපේ පැරැන්නන් හඳුන්වන්නේ ජිවිතය රැක දෙන්න දෙවියන් දුන් තෑග්ගක් හැටියටයි. දෙළුම්වල ශරීරයට හිතකර සංයෝග රැසක් අන්තර්ගතයි. එය ආහාරයට ගැනීමෙන් බොහොමයක් රෝග වළක්වා ගැනීමට හැකියාව ලැබෙන බව විද්‍යාත්මකව තහවුරු කර තිබේ.

දෙළුම් ගසේ සෑම කොටසකම පාහේ ඖෂධ ගුණ අන්තර්ගත බව ඔබ දන්නවාද? දෙළුම්වල ඖෂධීය ගුණ ගතහොත් ඉන් ප්‍රධාන වන්නේ බැක්ටිරීයා නාශක ගුණයයි.


මේ නිසාම ඇස් රෝග සඳහා දෙළුම් කොළ තම්බා එම වතුරෙන් ඇස් සේදීම, තැවීම සිදු කරන්නේ මේ දෙළුම්වල ඇති බැක්ටිරියා නාශක ගුණ නිසාය. එසේම දෙළුම් යුෂ ආහාර අජීර්ණය සඳහා ගුණදායකයි. දෙළුම් යුෂයේ ඇති අනෙක් විස්මිත ගුණය නම් ශරීරගත වූ මොහොතේ සිට අනෙක් කිසිම ජීවී සෛලයකට හානි නොකර වෛරස් මර්දනය කිරීමේ හැකියාවක් පැවතීමයි. එමෙන්ම පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමේදී ද වැදගත් ඖෂධයක් ලෙස ආයුර්වේදයේදී දෙළුම් පිළිගැනේ.
දෙළුම් ග්‍රෑම් 100ක ගුණ ලෙස


♦ප්‍රෝටීන් ග්‍රෑම් 1.6
♦ජලය ග්‍රෑම් 78
♦ශක්තිය කි. කැලරි 65
♦මේදය ග්‍රෑම් 0.1
♦කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 14.5
♦කැල්සියම් මිලිග්‍රෑම් 10
♦පොස්පරස් මිලිග්‍රෑම් 70
♦යකඩ මිලිග්‍රෑම් 0.3
♦තයමින් මිලිග්‍රෑම් 60
♦රයිබොෆ්ලෙවින් මයිකේ‍රා ග්‍රෑම් 100
♦විටමින් සී මිලිග්‍රෑම් 16 දැක්විය හැක.


එමෙන්ම දෙළුම් ආහාරයට එක්කර ගැනීමෙන් තවත් බොහෝ ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමටද හැකිය. අධික රුධිර පීඩනය සඳහාත් ටයිප් 2 වර්ගයේ දියවැඩියාව පාලනය, හෘදයේ රෝග ඇති කරන නරක එල්.ඩී.එල් කොලෙස්ටරෝල් අඩු කිරීම ද මෙමගින් සිදු කරයි. දෙළුම් ආහාරයට ගැනීමෙන් මතකය වර්ධනය වන අතර සිරුර වෙහෙසවා කටයුතු කිරීමේ හැකියාව ද ඉහළ මට්ටමක තබයි.
 


දෙළුම් යුෂය විටමින් හා ඛනිජවලින් ‍පොහොසත් අතර ඖෂධීය ගුණයෙන් ද අනූනයි. පැසුණු දෙළුම් ගෙඩියේ මාංසලමය බිජ එලෙසම ආහාරයට ගත හැකි අතර නැතහොත් මාංසලය මිරිකා රසවත් පලතුරැ බීමක් ලෙසද සාදාගත හැකිය.අද වන විට වෙළඳපොලේ විවිධ වර්ගයේ දෙළුම් වර්ග දැකගත හැකි වුවත් කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය යෙදූ දේශීය දෙළුම් ප්‍රභේද ප්‍රභේද වලට වඩා දේශීය වශයෙන් වගා කෙරෙන දෙළුම් පෝෂණීය බවින් ඉතා ඉහළයි. මේ නිසා ඔබත් කෘත්‍රිම ආහාර වෙනුවට ස්වභාවික දෙළුම් වැනි පලතුරු භාවිතයට හුරුවන්න.

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

629 Views

Comments

arrow-up