ටයිගර් අයි වලල්ලේ මිත්‍යාව

කාලෙන් කාලෙට විවිධ රටවලින් එන මිත්‍යාවන් අපේ රටේ ජනතාව හරි ආදරයෙන් වැළඳ ගන්නවා දකින්න ලැබෙනවා. මේ වන විට චීනයේ හා ඉන්දියාවේ ඇති මනංකල්පිත වූ රැල්ලක් ඒ විදියට අපේ රටේ අය වැළඳගෙන තියෙනවා. කුමන මෝස්තරයකින් හෝ අපේ රටට මේවා එවා රටේ නූගත් මිනිසුන්ගෙන් රටේ මුදල් පිටරටට ඇදගන්නා විදේශිකයන් මේ දිනවල සිතූ පැතූ සම්පත් දෙන ටයිගර් අයි නමින් ඇති මැණිකක් ඇතු අත් පළදින වළල්ලක් සීග්‍රයෙන් අලෙවි කරනවා. චීනය සහ ඉන්දියාව වගේ රටවල් වලට අපේ රටේ සල්ලි ඇදගන්න මේ ව්‍යාජ මැණික් ගල් සහිත ටයිගර් අයි වළල්ල අපේ රටේ තරුණයන්ගේ නවතම මෝස්තරය වී තියෙනවා.
මේ වළලු විවිධ මුදල් ප්‍රමාණයන්ගෙන් නිවසටම ගෙනැවිත් දෙන බවට විවිධ දැන්වීම් පසුගියදා සීඝ්රයෙන් පළවී තිබුණා. මේවා විකිණීම සඳහා හුවා දක්වන්නේ මේ පළඳින අයගේ මානසික ආතතිය දුරුවීම සෞභාග්‍යය ලබාදීම භූත ප්‍රේත දෝෂ දුරු වීම ව්‍යාපාර දියුණු වීමට ඥානය වැඩිවීම නොසිතූ සැප සම්පත් ලැබෙන කාරණායි. ඉතින් මේ විදිහට විකිණෙන මේ අත් පලදනාව ඇත්තටම මැණික් ගල් නමින් හඳුන්වන ගල් සැබෑ ශක්තියක් ගෙනදෙන ගල් දැයි සොයා බැලීම වැදගත් වෙනවා.
මැණික් රන් රිදී මුතු ආදිය ශරීරය පැලදීම අපේ රටේ පමණක් නොවේ විදේශ රටවලත් සිදුකරනවා. නවග්‍රහයන්ට අයත් නවරත්න මුදු පැළඳීම රන්රිදී මිශ්‍ර කර ගල් පැළඳවීම තඹ සුර දැමීම වැනි ක්‍රියා අදත් සිදුවෙනවා. මේ වන වන විට අපේ රටේ ජනප්‍රිය ටයිගර් අයි පළඳනාව තුළ ග්‍රහයන්ට අයත් මැණික් විශේෂ 8කින් යුක්ත බව සඳහන් කරනවා. සැබෑවටම එය එහෙම නම් එවැනි පලඳනාවක් රුපියල් 2000ක් වැනි මුදලකට ලබා දීම කළ නොහැකි. එවැනි සැබෑ අත් පළඳනාවක් සකස් කිරීමට ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ ගණනක් වැය වෙනවා. චීනයෙන් තොග තොග පිටින් ගෙන්වන මෙම අත් පළඳනාවට සමාන ගල් ඇල්ලූ පළඳනා ඉන්දියාවේ චෙන්නායි නගරයේ මල් කඩවල තොගපිටින් විකුණන්න තියෙනවා. එහි එක පළඳනාවක මිල රුපියල් එකසිය තිහක් වගේ මුදලක්. මේ ව්‍යාජ පළඳනා සකස් කර තියෙන්නේ ප්ලාස්ටික් වීදුරු මිශ්‍රකර ව්‍යාජ ලෙස සකස් කරමින්. ඒවා ලංකාවට රැගෙනවිත් දිදුලන සේ පිරිමැද විශේෂිත වූ ආවරණ පෙට්ටියක් තුල තමා බොරු දැන්වීම් පළ කරමින් විකිණීම සිදු කරනවා. මෙවැනි පලඳනාවක් හරහා සිදු වන වංචාවන් ගැන මිනිසුන් මිථ්‍යාවෙන් මිදී අවබෝධයෙන් බැලිය යුතු වෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
1412 Views
Comments