කොරෝනා, අධ්‍යාපනය හා තාක්ෂණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
10

කොරෝනා, අධ්‍යාපනය හා තාක්ෂණය

කොරෝනා, අධ්‍යාපනය හා තාක්ෂණය

රටතුළ පැවති නිරෝධායන ඇඳිරිනීතිය යම් යම් සීමාවන් යටතේ ඉවත් කළද තවමත් පාසල්, විශ්වවිද්‍යාල කටයුතු නිසිපරිදි ආරම්භ වී නොමැත. ඒ සියල්ල ඔන්ලන් ක්‍රම ඔස්සේ පැවැත්වීමේ නව රටාවකට නැඹුරු වී තිබේ.


විශ්වවිද්‍යාල, පාසල්, සහ අතිරේක පන්ති වෙනුවෙන් තාක්ෂණයෙන් ලබාදිය හැකි සහාය බලවත්ය. රූපවාහිනිය මගින් අධ්‍යාපන සේවා නාලිකා අරඹන්නට කැබිනට් අනුමැතියක් ලැබී තිබේ. එය ඉතා හොඳ පියවරකි. විනෝදය අතර අධ්‍යාපනය වෙනුවෙන් අවස්ථාව ඇති කළ යුතුය. අප‍්‍රමාණ තරංග ප‍්‍රමාණයක් අවකාශයෙහි තිබේ. තරංග ආයාමය අනුව කෙලින්ම සන්නිවේදනය පහසු කරන තාක්ෂණය පැමිණ තිබේ. දැනට දියුණුම පර් යේෂණ අනුව විදුලිය, දුරකතනය හා ටෙලිවිෂන් නාලිකා පවා එකම රැහැන් පද්ධතියකින් නිවසට යොමු කළ හැකිව තිබේ. එය වානිජ වශයෙන් භාවිතාවට ගැනෙන කාලය ඉක්මනින් ළඟාවනු නිසැකය. විශාල මුදල් ගෙවා නඩත්තු කරන ටෙලිවිෂන් වලින් පමණක් නොව සමාජ මාධ්‍යවලින් පවා මෙම අවස්ථාවේදී ප‍්‍රයෝජන ගැනීම බලවත් අවශ්‍යතාවයකි.


මැකෙන්සි පර්යේෂණ ආයතනය නිකුත් කරන වාර්තාවකට අනුව කොවිඩ් වසංගත තත්ත්වය ලෝකයේ තාක්ෂණ හැකියාව වර්ධනය කර තිබේ. වසර පහක් තුළ කරගත හැකිවනු ඇතැයි අපේක්ෂා කළ ජන ජීවිතයට තාක්ෂණය එකතුවීමේ වේගය සති අටක් තුළ සාක්ෂාත් කරගත හැකි වී තිබේ. එය විශාල ජයග‍්‍රහණයකි. ලෝකයේ ඉදිරි ගමනට බලවත් පිටිවහලක් විය හැකි තාක්ෂණයේ උපයෝගීත්වය මෙපමණ වේගයකින් ළඟා කරගත හැකිවීම බලවත් සාධකයක් බව තහවුරු වී ඇත. මැකෙන්සි ආයතනය පෙන්වා දෙන තවත් වැදගත් කරුණක් අවධානයට ගත යුතුය. තාක්ෂණයෙන් සේවාවක් ඉටුකර ගැනීමට අලුතින්ම නැඹුරුවන යම් ප‍්‍රජාවක් අතරින් සියයට හැත්තෑ පහක් අඛණ්ඩව එයට නැඹුරුවන බවය.

 


මෙයට අමතරව සංවර්ධිත රටවල අන්තර්ජාල භාවිතාව සියයට හැටකින් ඉහළ නැග තිබේ. එය වාර්තාගත තත්ත්වයකි. බැංකු, අධ්‍යාපන, සෞඛ්‍ය සහ අත්‍යවශ්‍ය සේවා සැපයුම් වෙනුවෙන් තාක්ෂණය භාවිතා කරන බව ඔප්පු වී ඇති කරුණකි. එපමණක් නොවේ. ජනතා ප‍්‍රශ්න විසඳන්නට දත්ත විශ්ලේෂණය ප‍්‍රයෝජනයට ගෙන ඇත. බිග් ඩේටා ක‍්‍රමයද එකක් වෙන්නට ඉඩ තිබේ. පසුගියදා කොළඹ අවට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ‍්‍රිතව ජනතාව එකතුවන විට එතැන ඩේටා එකතුවකි. එක තැනෙකින් එක අවස්ථාවක වැඩිම සන්නිවේදනයක් සිදුවන විට ප‍්‍රශ්නයක් ඇති බව ඒත්තු ගැන්වෙයි. බලධාරීන්ට එහි ඇති ගැටලුව ගැන අවධානයක් යොමුකළ හැකිය. වයිරසයෙන් එල්ලවන පීඩනය අතරතුර ජනතාව දුරස් කරන අතර තාක්ෂණය බෙහෙවින් සමීප කරන පියවර ඉතා වැදගත්ය. එබැවින් අධ්‍යාපනය රැකියාව පිළිබඳ නව මානයකින් බැලීමට කාලය එලඹතිබේ.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

 

views

1112 Views

Comments

arrow-up