ඔබ ආදරය කරන කෙනාට දිය හැකි හොඳම උපන්දින තෑගි

ඔබේ පෙම්වතාට, පෙම්වතියට, සැමියාට හෝ බිරිදට ඔහුගේ හෝ ඇයගේ උපන්දිනයට දීමට හැකි හොඳම තෑග්ග මොකක්ද? ඔබගේ අදහස කුමක්ද?
මේ ලිපියෙන් ඔබගේ ආදරයට දෙන්න පුලුවන් විශේශිත තෑගි ගැන ඔයාලට පුංචි අදහසක් දෙන්න හිතුවා.
ආදරණීය සටහනක්
ඔහුට හෝ ඇයට ඔබට කියන්න කැමති ඕනෑම දෙයක් ලියන්න පුලුවන්, ඔබ දෙදෙනා එකට ගත කළ අමතක නොවන සුන්දරතම අවස්ථා යළි මතකයට නගමින් ඉතා සිත්ගන්නා සුළු ලිපියක් ලියන්න පුලුවන්.
මේ සදහා ඔබට ඔහුගේ හෝ ඇයගේ පවුලේ අය මෙන්ම යහළු මිත්‍රාදීන් සම්බන්ධ කරගත හැකියි.මෙය ඉතා පහසුවෙන් කළ හැකි දෙයක් උනත් එහි අගය ඔහුට හෝ ඇයට නිම කළ නොහැකි අගයක් වනු ඇත.
නැවතත් ආදරය ප්‍රකාශ කිරීම
ඔබ ඔහු හෝ ඇය සමග එක්ව ගත කළ ස්ථාන හෝ කළ කී දෑ බොහොමයක් මතක නොතිබුණත් ඔබ ආදරය පැවසූ දිනය හා ස්ථානය නම් අනිවාර්යයෙන්ම අමතක නැතුව ඇති.
එහෙනම් නැවතත් ඒ ස්ථානයට ඒ දවසට යන්න. නැවතත් ආදරය අළුත් කරන්න. ආදරය පවසන්න. එය සදාකාලික බැදීමක් බව තහවුරු කරන්න...
උපන්දින සාදයක්
සාම්ප්‍රදායිකව උපන්දිනයකට උපන්දින සාදයක් අනිවාර්ය අංගයකි. එහෙත් මෙම උපන්දින සාදය වෙනස්ම ආකාරයකින් නොහිතනා තැනක, නොහිතනා ආකාරයකට සංවිධානය කරන්නට උත්සාහ කරන්න.
සාම්ප්‍රදායික උපන්දින සාදයන්ගෙන් ඔබ්බට ගිය දෙයක් කරන්න. එයට සියළු නෑ හිත මිත්‍රාදීන් සම්බන්ධ කරගන්න.
ඔහුට හෝ ඇයට සප්‍රයිස් කරන්න පුලුවන් හොඳම විදියයි ඒ.
කලක් තිස්සේ ආස කරන දෙයක්
ඔහු හෝ ඇය කලක සිට ආස කරන දෙයක් ඔබට තෑගි දෙන්න පුලුවන්. සමහරවිට එය ඔබට කියාපු දෙයක් හෝ නොකියූ එහෙත් ඔබ දැනගත් දෙයක් විය හැකියි.
ඔබට එය ගෙනත් දී ඔහු හෝ ඇයව තවත් සතුටු කරන්නට පුලුවනි.
උපන්දිනය අමතක වූවා සේ රගපාන්න
අපි ආදරය කරන කෙනෙක්ට අපේ උපන්දිනය අමතක වීම ටිකක් දරාගන්න අමාරුයි. ඒත් ඒ ආකාරයට අමතක වූවා සේ පෙන්වා සියළු දේ සූදානම් කොට පුදුමකරවීමට, සුභ පැතීමට හැකි නම්, නෙතට කදුළක් එක්ක සතුටක් දැනෙනවා නොඅනුමානය.
by Kaushalya De Silva
Photo Source: Internet
2100 Views
Comments