රත්තරන් වටින කහ

මේ දවස් වල රත්තරන් වගේ වටින දෙයක් තමයි කහ කියන්නේ. නමුත් එහි සැබෑ ගුණ පිළිබඳ ඔබ දන්නවාද? කහ අපේ ව්‍යාජන රසවත් කරන රසකාරකයක්. අල හොද්දට, පරිප්පු ව්‍යංජනයට විතරක් නොවෙයි, අප පිසින මොන එළවළුවටත්, ව්යංජනයටත් කහ ටිකක් එකතු වෙන්නේ නිරායාසයෙන්. මේ නිසා ලෙඩ රෝග රැසක් මර්ධනය කරන කහ කුඩු ටික ව්‍යංජනයක් පිළියෙල කිරීමේදී දාන්නට අමතක කරන්න එපා.
කහ වීශබීජ නසන බවට අති ප්‍රබල විශ්වාසයක් තිබෙනවා. නමුත් විදයාව අද එතනින් එහා ගිය විශාල වටිනාකමක් කහ වලට දෙනවා. එහි ඇති විශේෂ රසායනයක් නිසා තමයි මේ වටිනාකම් සියල්ල. එහි අඩංගු විටමින් B විටමින් E මේ වයසට යාමේ ක්‍රියාවලිය ආපස්සට හරවන මහත් වූ ගුණයකින් යුක්තයි. එමෙන්ම ශරීරයේ ප්රදාහික ක්‍රියාවලියක් බලගැන්වීමෙන් ඇතිවන ලෙඩ රාශියක් තිබෙනවා. ගැස්ට්‍රයිටිස්, ආතරයිටිස්, මුත්‍රා ආසාදන නිදසුන්. මේ ප්රදාහික ක්‍රියාවලිය අඩපණ කිරීමට කහ වල තිබෙන 'සාර්කියුමීන්’ වලට පුළුවන්. කහ ආසාදන වලට. එරෙහිව ක්‍රියාත්මක වෙනවා. ඇත්තෙන්ම කහ ස්වාභාවික විෂබීජ නාශකයක්. මොළයේ අවක්රියාකාරීත්වය නිසා ඇතිවන වෙනස්වීමක් ඇෂයිමර් රෝගයට හේතු වෙනවා. මෙහිදී කහ ප්‍රති බීටා වශයෙන්ද ක්‍රියා කරනවා.
මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ මේ ඉපැරණි මුළුතැන්ගෙයි රසකාරකය තුළ පිළිකා නාශක ගුණ පැවතීමයි. නිරායාසයෙන්ම ආන්ත්රික-ගුද පිළිකා පාලනය කිරීමෙහිලා කර්කියුමින් රසායනය මේ ගැන බ්‍රිතාන්‍යයේ මෙසේ දැක්වෙනවා. පිළිකා ප්‍රතිකාරයෙන් පහර එල්ල වෙන්නේ දූහිතෘ සෛල වලට. එනම් මූලික පිළිකා ස්ථානයෙන් පැන නගින පරිවාර සෛල වලට. එහෙත් කර්කියුමින් ප්‍රතිකාරයෙන් කුඹ සෛල ලෙස හැඳින්වෙන මාතෘ පිළිකා සෛල වලට කෙලින්ම පහර එල්ල කරනවා. ඒවා විනාශ කරනවා. කීමොතෙරපි ප්‍රතිකාරය. ගැනීමෙන් ඇතිවන විවිධ සංකූලතා කිසිවක් මේ කර්කියුමින් ප්‍රතිකාරය නිසා ඇති වන්නේ නෑ.පිළිකා ප්‍රතිකාරයේදී කර්කියුමින් සාන්ද්‍රණය ඊට ඔබින ආකාරයෙන් පිළියෙල කර ගන්නා ආකාරය මේ වාර්ත වල වැඩි දුරටත් දැක්වෙනවා.
අපට තිබෙන්නේ පෙරදිග සංස්කෘතියෙන් පෝෂණය වූ ඉතා නිරෝගී ආහාර සිරිතක්, මුළුතැන් ගෙයි කුළුබඩු භාජන අට අනූවක් ව්‍යාධීන් වලට වටිනා ඖෂධ. ඔබේ සෞඛ්‍ය කෙරෙහි බලපාන ඔබේ ආහාර වේල නිවෙසේදීම පිළියෙල කරගන්න. නියපොතු අගට තවරාගෙන ඉස දමන කහ කුඩු ටික, උළුහාල්, අබ කුළුබඩු ටික එකතු කරන්න. එය ඔබත් නොදැනීම ඔබේත් ඔබේ ආදරණීයයන්ගේත් සෞඛ්‍ය මහා රැකවලෙක් සේ ආරක්ෂා කරනවා.ඒ වගේම මේ දවස්වල කහ මිල අධික නිසා ඔබට අවශ්‍ය කහ ප්‍රමාණය නිවසේදීම ඉතාම පහසුවෙන් සකස් කරගන්න අවධානය යොමු කරන්න.
by Dilki Shamani
Photo source : Internet
605 Views
Comments