ඇන්ටාක්ටික් අයිස් වලට යටින් සොයාගත් වසර මිලියන 90 ක් පැරණි වැසි වනාන්තරයක නටබුන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
10

ඇන්ටාක්ටික් අයිස් වලට යටින් සොයාගත් වසර මිලියන 90 ක් පැරණි වැසි වනාන්තරයක නටබුන්

ඇන්ටාක්ටික් අයිස් වලට යටින් සොයාගත් වසර මිලියන 90 ක් පැරණි වැසි වනාන්තරයක නටබුන්

ඇන්ටාක්ටික් අයිස් වලට යටින් සොයාගත් වසර මිලියන 90 ක් පැරණි වැසි වනාන්තරයක නටබුන්
දක්ෂිණ ධ්‍රැවය වටා වසර පුරා අයිස් හා හිම සහිත රළු, සීතල භූ දර්ශනයකින් වටවී ඇති නමුත් එය සැමවිටම එසේ නොවීය, මීට වසර මිලියන 90 කට පමණ පෙර ඇන්ටාක්ටිකාව විවිධ සත්ව හා ශාක ජීවීන්ගෙන් පිරුණු පුරාණ, වගුරුබිම් සහිත වැසි වනාන්තරයක් එකළ එහි තිබූ බවට වර්තමානයේ දී පර්යේෂකයන් කණ්ඩායමක් සාක්ෂි සහිතව සොයා ගන්නා ලදී.


පයින් අයිලන්ඩ් ග්ලැසියරය අසල එකතු කරන ලද අවසාදිත හරයක මෙම කණ්ඩායම පුදුම සහගත ලෙස හොඳින් සංරක්‍ෂිත මූල ජාලයක් සොයා ගන්නා ලදී. පර්යේෂකයෝ එහි හරය සොයාගත් විට, එහි තිබූ පෙනුම ඔවුන් කම්පනයට පත් කරන්නක් විය.සීටී ස්කෑන් පරීක්ෂණයකින් පසුව පර්යේෂකයන් කියා සිටියේ එම අවසාදිතයේ පස කෙතරම් හොඳින් සංරක්ෂණය වී ඇත්ද යත් එහි පරාග, බීජාණු සහ සපුෂ්ප ශාකවල අවශේෂ තවමත් අඩංගු වන බවයි. එමෙන්ම නොවෙනස්ව තනි සෛල ව්‍යුහයන් පවා නිරීක්ෂණය කළ හැකි බවයි.
මීට වසර මිලියන 90 කට පමණ පෙර දකුණු ධ්‍රැවය අසල තැන්පත් කර ඇති අවසාදිතයක හොඳින් සංරක්‍ෂිත විවිධ ෆොසිල පරාග සහ අනෙකුත් ශාක කොටස් දැකීම විශේෂයෙන් සිත් ඇදගන්නා සුළු කරුණක්” යැයි නෝර්තම්බ්‍රියා විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාඥයෙකු වන මහාචාර්ය උල්රිච් සල්ස්මාන් මහතා පැවසීය.


බටහිර ඇන්ටාක්ටිකාවේ වෙරළ තීරයේ පෙර අවධියේදී ඝන, මඩ වගුරු සහිත වැසි වනාන්තර , කේතුධර හා ගස් පර්ණාංග වලින් සමන්විත වූ බව සල්ස්මාන් පැවසීය. ඔහු පසුගිය වසර මිලියන 140 ක උණුසුම්ම කාල පරිච්ඡේදයේ පැවති පුරාණ වනාන්තරය අද නවසීලන්තයෙන් සොයාගත් වනාන්තර සමඟ සංසන්දනය කළේය.
ක්‍රිටේසියස් අවධියේදී, ඩයිනෝසෝරයන් පෘථිවිය මත ආධිපත්‍යය දැරූ විට, ගෝලීය උෂ්ණත්වය මුහුදු මට්ටමට වඩා අදට වඩා බෙහෙවින් වැඩි විය. නිවර්තන මුහුදු උෂ්ණත්වය සෙල්සියස් අංශක 95 ක් තරම් ඉහළ අගයක් ගනී යැයි සිතුවද දකුණු ධ්‍රැවය ආසන්නයේ ඇති තත්වයන් ගැන එතරම් දැන සිටියේ නැත.
වර්ෂයෙන් තුනෙන් එකක් සඳහා කලාපයට හිරු එළියක් නොතිබුණද වගුරුබිම්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 68 දක්වා ඉහළ ගොස් තිබී ඇත .පර්යේෂකයන් කියා සිටියේ මෙම තත්වයන් ඇතිවිය හැක්කේ ඝන වෘක්ෂලතාදිය සහ කලාපයේ ප්‍රධාන අයිස් තට්ටු නොමැති වීමෙන් පමණක් බවයි.


"අපගේ අධ්‍යයනයට පෙර, සාමාන්‍ය උපකල්පනය වූයේ ක්‍රිටේසියස් හි ගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය දළ වශයෙන් 1000 ppm බවයි. නමුත් අපගේ ආකෘති පාදක අත්හදා බැලීම් වලදී, එවකට ඇන්ටාක්ටිකාවේ සාමාන්‍ය උෂ්ණත්වය කරා ළඟා වීමට 1120 සිට 1680 ppm දක්වා කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණ මට්ටම් ගත විය. ජර්මනියේ මහාචාර්ය ගෙරිට් ලොහ්මන් පැවසීය.

 

 


එනම් මෙම අධ්‍යනයන් වලින් පෙනී යන්නේ වසර මිලියන 90 කට පමණ පෙර ඇන්ටාක්ටිකාව වර්තමානයේ මෙන් සීතල දේෂගුණයක් සහිත හිමෙන් වැසුණු ප්‍රදේශයක් නොවන බවත්, උෂ්ණත්වය වර්තමානයේ අප රටේ වාර්තාවන ඉහළම උෂ්ණත්වයටද වඩා වැඩි ඇතර වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණයද ඉහල අගයක් ගන්නා පරිසරයක් පැවති බවයි.එනමුත්, එක් විශාල ප්‍රශ්නයක් ඉතිරිව ඇත: ඇන්ටාක්ටිකාව එතරම් උණුසුම් නම්, එය අයිස් තට්ටු සෑදීමට ඉඩ දෙමින් තටාකාකාර ලෙස සිසිල් වීමට හේතුව කුමක්ද? පර්යේෂකයන්ට තවමත් මෙම අධ්‍යනයෙන් නම් ඒ සදහා සතුටුදායක පිළිතුරක් සොයා ගැනීමට නොහැකි විය.

 

 

by Lakshani Dhananjalee Lankadhikara

Photo Source: Internet

 
views

667 Views

Comments

arrow-up