සැතපුම් 5000ක දුරක් ගිය ගස් ගෙම්බෙක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
21

සැතපුම් 5000ක දුරක් ගිය ගස් ගෙම්බෙක්

සැතපුම් 5000ක දුරක් ගිය ගස් ගෙම්බෙක්

විවිධ සතුන් පිළිබඳ තොරතුරු වරින් වර අනාවරණය වෙනවා.මේ සූදානම් වන්නේ රටවල් දෙකක් අතර සැතැපුම් 5000ක් පමණ සංචාරයේ යෙදුන ගෙම්බෙක් ගැන විස්තර කියන්න.


කොලොම්බියාවේ සිට දකුණු වේල්සය දක්වා සැතපුම් 5,000 ක දුරක් ගමන් කිරීමෙන් පසු කෙසෙල් කැන් අතරසිට විදේශීය ගෙම්බෙකු සොයාගෙන ඇත. අස්ඩා සුපිරි වෙළඳසැල් කාර්ය මණ්ඩලය විසින් පසුගිය සඳුදා ලැනැලිහි මරේ වීදියේ පිහිටි සිය ශාඛාවේදී මෙම සත්වයා සොයා ගන්නා ලදී. මෙලෙස සොයාගත් ගෙම්බා ආහාර පාන නොමැතිව සිසිල් දේශගුණයක් හරහා දිගු ගමනකින් පසු දිවි ගලවා ගත්තේ උගේ පරිවෘත්තීය ක්‍රියා වේගය මන්දගාමී කිරීමට ඇති හැකියාව නිසයි. එය උභය ජීවීන්ට කළ හැකි දෙයක් වෙනවා. කොලොම්බියාව එක්සත් රාජධානියේ විශාලතම කෙසෙල් සැපයුම්කරු වන අතර සෑම වසරකම ටොන් සිය දහස් ගණනක් එරටට සපයයි. මෙලෙස ගෙම්බා බේරාගත් අයට ගෞරව කිරීම පිනණිස ගෙම්බා අස්ඩා ලෙස නම් කරන ලද අතර දැන් එම සත්වයා හැවර්ෆර්ඩ්වෙස්ට් හි විශේෂ සත්ව මධ්‍යස්ථානයක් වන සයිලන්ට් වර්ල්ඩ් ටු යූ වෙත මාරු කර යවා ඇත.

මෙම සත්වයා තෙතමනය සහිත පරිසරයක වාසය කරන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය විශ්වාස කරන්නේ ඔහු කෙසෙල් වගාවන් ආශ්‍රිතව ජීවත් වන ගස් ගෙම්බෙකු බවයි. කෙසේ වෙතත් ගෙම්බන් විශේෂය නිවැරැදිව හඳුනා ගැනීම දුෂ්කර විය හැකි බව ඔවුන් පවසනවා. RSPCA හි පරීක්ෂක ගැමා කූපර් මෙම උභය ජීවීයා ආරක්‍ෂිතව තබා ගැනීම පිළිබඳව අස්ඩා ගබඩා කාර්ය මණ්ඩලයට ප්‍රශංසා කළා. අස්ඩා කණ්ඩායමේ එක් සාමාජිකයෙක් අහම්බෙන් ගෙම්බා දුටු අතර තවත් අයෙක් ගෙම්බා කොටුකර ඔහුව ගෙදර ගෙන ගොස් තිබෙනවා. ගෙම්බන් සහ අනෙකුත් උභය ජීවීන්ට ඔවුන්ගේ සිරුරු වසා දැමීම ඔවුන්ගේ පැවැත්මට ඉතා හොඳ බව පැවසෙනවා.

 


මෙම ගෙම්බා කොලොම්බියාවේ සිට වේල්සයට සැතපුම් 5,000 ක ගමනක් සම්පූර්ණ කර තිබෙනවා. සයිලන්ට් වර්ල්ඩ් ටු යූ හි ජින්නි ස්පෙන්ස්ලි පැවසුවේ ගෙම්බන් හෝ මකුළුවන් පලතුරු බෙදා හැරීමේදී මෙලෙස ගමන් කිරීම සාමාන්‍ය දෙයක් නොවන බවයි. ගෙම්බා රඳවා ඇති මෙම මධ්‍යස්ථානය සත්වයා සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. එහි සාමාජිකයන් පවසන්නේ අස්ඩා ගෙම්බා ඉතා කුඩායි. සාමාන්‍ය මිනිස් සිරුරේ මාපටැඟිල්ලේ ප්‍රමාණයක තරම් ශරීරයක් ඇති නමුත් දිගු පසුපස කකුල් ඔහුට ඇති බවයි. ඇත්ත වශයෙන්ම මේ සත්වයා පැටවකුද නැතිනම් වැඩිහිටි සත්වයකුදැයි තවමත් හරිහැටි අනාවරණය කරගෙන නොමැත.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

552 Views

Comments

arrow-up