විෂ ගස්

මේ සූදානම් වන්නේ එදිනෙදා ජීවිතය අපිට දකින්න ලැබෙන ශාක අතරින් විෂ ශාක වර්ග කිහිපයක් පිළිබඳ ඔබව දැනුවත් කරන්න.
නියඟලා
මෙම ශාක වර්ග කැලෑ බද ප්‍රදේශය දකින්න පුළුවන්. ශාකය අග කෙළවර පහුරක් ලෙස අනුවර්තනය වී ඇති අතර එය ආධාරයෙන් ඉහළට නැගීම සිදුවෙනවා. පුෂ්පය රතු සහ කහ මිශ්‍ර පෙති වලින් යුක්ත වෙනවා. ශාක කඳේ භූගතව තියෙන අලයක් තියෙනවා. මෙහි අලය අර්තාපල්වලට සමාන වෙනවා. ශාකයේ සියලු කොටස් විස සහිත වෙනවා. මෙහි ඇති විෂ කාරක ඇල්කලොයිඩ් කොල්විසින් ලෙස හදුන්වනවා. මෙහි විෂ බහුලවම දැකිය හැකි වන්නේ අලවලයි.
ඔලිඳ
දුර්වල කඳක් සහිත වැලක් පහුරු ආධාරයෙන් ඉහළ නගිනවා. උග්‍ර විෂ සහිත විෂකාරක ඇබ්‍රික් නම් ග්ලයිකෝ ප්‍රෝටීන් හා ඇබ්‍රික් අම්ල එහි වෙනවා. බීජ ශාක මුල් පත්‍ර සියල්ලම විෂ සහිත වෙනවා. බීජවල බීජාවරණය නොකැඩී ගිලීමක් සිදු වූ විට හානියක් සිදුවන්නේ නැහැ. බීජාවරණය තුවාල වන ලෙස සපා කෑම හෝ බීජයේ පැල්මක් සිදුවුවහොත් ඇතුළත අඩංගු විෂ ද්‍රව්‍ය එළියට පැමිණෙන නිසා එය අනතුරුදායක වෙනවා. එම විෂය ඇස්වල තැවරීමෙන් ඇස් දැවිල්ල සහ අන්ධභාවය ඇති වෙන්න පුළුවන්.
කනේරු
ගෙවතු වල වැටවල් ආශ්‍රිතව අලංකාරයට වගාකරනු ලබන බහුලව දකින්න පුළුවන් පඳුරක්. සිහින් දිගටි පත්‍ර සර්පිලාකාරව පිහිටා තියෙනවා. පුෂ්පය තද කහ පැහැයෙන් යුක්තයි. ශාකයේ සියලුම කොටස් විෂ සහිත වෙනවා. මෙහි අඩංගු විෂ හෘදයට ඉතා විෂ සහිතයි. මෙහි බීජ මදයේ ඇති කිරි සහිත සාරය අඩංගු නිසා බීජ මදය විශේෂයෙන්ම විෂ වෙනවා.
එඬරු
ගෙවතු වල බහුලවම දැකිය හැකි මෘදු කඳක් සහිත පඳුරක්. පත්‍රයේ සැලකිය යුතු ප්‍රමාණයක කඩතොලු වලින් යුක්ත වෙනවා. ඵලය ඕවලාකාර කොළ හෝ රතු පැහැති වෙනවා. එහි රෝම තියෙනවා. එක ඵලයක ඉලිප්සාකාර බීජ තුන බැගින් පිහිටා තියෙනවා. මේවා සාමාන්‍යයෙන් අළු හෝ දුඹුරු පැහැ තිත් වැටී තියෙනවා. ඇල්බියුමින් ශාකයේ සෑම කොටසකම තියෙනවා. සපාකෑම මගින් විෂවීම් සිදු වෙන්න පුළුවන්. එඬරු තෙල් විෂ සහිත නොවන අතර තෙල් ලබා ගැනීමෙන් පසු ඉතිරිවන මණ්ඩි කොටස විෂ සහිත වනවා.
දිය කදුරු
විශාල පඳුරක් වන මෙය දියපාරවල් අසල බහුලව දකින්න ලැබෙනවා. පත්‍රතලය එහි මුල සිට අග දක්වාම එකම පළලකින් යුක්ත වෙනවා. විෂ සහිත සර්බෙරින් අඩංගු නිසා බීජ මද උග්‍ර විෂ සහිත වෙනවා. මේවා හෘද ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරනවා.
by Dilki Shamani
Photo Source: Internet
1584 Views
Comments