වයසට නොයන ජපන්නු
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
18

වයසට නොයන ජපන්නු

වයසට නොයන ජපන්නු

මිනිසා වියපත් වනවිට ශාරීරිකව මෙන්ම මානසිකවද විඩාපත් වන අතර සම රැලි වැටීම, දත් හැළීම, කෙස් පැසීම හා නිදන්ගත ආසාදනයන්ට ගොදුරුවීම වැළැක්විය නොහැක. වත්මන් මිනිසා මේ වනවිට අමරණීය වීමේ උන්මාදයෙන් පෙළෙන අතර මේ කාර්ය සඳහා අවයව බද්ධ කිරීම ප්ලාස්ටික් සැත්කම් හා නව සොයා ගැනීම් සුවිශේෂි පිටිවහලක් වී තිබේ. ලොව පුරා සියලු ජනතාව වයස්ගත පෙනුම වසන් කර ගැනීම සඳහා වූ තාක්ෂණික ක්‍රම අනුගමනය කිරීමට ඇබ්බැහි වී සිටිනවා.

වයස් භේදයකින් තොරව තම රෑප ශෝභාව එකසේ තබා ගැනීමට වෙර දරන වත්මන් මිනිසා රූපලාවණ්‍ය සත්කාර රැසක් අනුගමනය කිරීමට පෙළඹී ඇත. එහෙත් ලොව අන් රටවල් හා සාපේක්ෂව බැලීමේදී ආසියාතිකයන් වන ජපන් ජාතිකයන් දිගුකලක් නිරෝගීව හා වියපත් නොවී සිටීමේ සරල ක්‍රමවේදයන් හෙළිදරව් වී ඇති අතර ජපන් කාන්තාවන්ගේ සම දෙස බැලූ විට කිසිවෙකුට ඔවුන්ගේ වයස පවා අනාවරණය කිරීම අපහසුවී ඇත. විශේෂයෙන්ම ආසියානු ජාතිකයන් තුළ පවතින සරල දිවි පැවැත්ම ඊට මූලික වී තියෙනවා.

පර්යේෂකයන් පවසන්නේ ජපන් ජාතිකයන් බහුල ලෙස ග්‍රීන් ටී පානය කරන නිසා පාරජම්බුල කිරණින් ඔවුන්ගේ සම ආරක්ෂා කර සමේ රෝග පිළිකා අවම කර ඉන් සම පැහැපත් කරන බවයි. ග්‍රීන් ටී කෝප්පයකින් සිරුරේ අනවශ්‍ය බර අඩුවන අතර එය තරුණ පෙනුමට ඉවහල් වේ. ජපන් ආහාර අතර මුහුදු පැළෑටි අනුභවය බහුල ලෙස පවතී. එහි විටමින්, මිනරල්, කැල්සියම්, මැග්නීසියම් විටමින් යකඩ හා ෆෝලේට් අන්තර්ගත වන අතර එය සමබල ආහාරයට ඉවහල් වේ. දිනපතා මුහුදු පැළෑටි අනුභවයෙන් ස්වභාවිකව කොලජන් සිරුරට අවශෝෂණය වී සම ආරක්ෂා වන අතර, සමේ ලප, ආසාදන, හා ඉදිමුම අවම කර සිරුරේ පරිවෘත්තිය ක්‍රියා ක්‍රමවත් කිරීමට එය උපකාරී වෙනවා. එමෙන්ම ජපන් ජාතිකයෝ දිනපතා සිරුර සම්බාහනය කිරීමට පුරුදු වෙලා තියෙනව. එමගින් රුධිර සංසරණය ක්‍රමවත් වන අතර මාංශ පේශි ලිහිල් වේ. එය පැහැපත් පෙනුමට ඉවහල් වේ. මේ කරුණු නිසා ජපන් ජාතිකයන් වයසට ගියත් වියපත් පෙනුමක් නොලැබෙන අතර ඔවුන්ගේ කායික සහ මානසික ශක්තිය වයසට වඩා තරුණ ස්වරූපයක් ගන්නා බව පර්යේෂණ වලින් අනාවරණය වී තිබේ. ඒ අනුව වයස්ගත පෙනුමක් අපේක්ෂා නොකරන ඕනෑම පුද්ගලයකුට ඉතාම සරල විසඳුම වන්නේ ජපන් ජාතිකයන්ගේ මේ වයස් ගත්ත පෙනුම නොලැබීමේ නො ලැබීමේ රහස අනුගමනය කිරීමයි.

 

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Interent

views

578 Views

Comments

arrow-up