කොරෝනා ගැන උපදෙස් රිගින් ටෝන් එකෙන් කියන්නේ කොහොමද

අද වන විට අපේ රටේ ඕනෑම කෙනෙකු අත තියෙන ජංගම දුරකථනයෙන් තවත් කෙනෙකු ඇමතීමේදී නව කොරෝනා වෛරසය පිළිබඳ විවිධ දැනුවත් කිරීම් අසන්නට සලස්වා තියෙනවා. එසේ ඔබේ දුරකථනයට මෙම දැනුවත් කිරීම් ආවේ කොහොමද කියන එක ගැන තමයි මේ සටහන.
මේ සඳහා මුල් වූයේ my doctor නමින් හඳුන්වන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සෞඛ්‍ය සේවා සපයන ආයතනයක්. සාමාන්‍යයෙන් ඔබ අප කරන්නේ වෛද්‍යවරයකු මුණගැසී වැලඳී ඇති රෝගයක් සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් පැතීමයි. නමුත් my doctor හරහා දුරකථනය ඔස්සේ වීඩියෝ කෝල් එකක් හරහා වෛද්‍යවරයකු සමඟ කතා කිරීමට අවස්ථාව උදා වෙනවා. ඉන්පසු නිවසේ සිටම වෛද්‍යවරයා නියම කරන ඖෂධ ගෙනවිත් දෙනවා. මේ my doctor සේවාව ඕනෑම දුරකතන ජාලයක් ඔස්සේ මේ හා සම්බන්ධ වීමට විදුලි සංදේශ නියාමන සන්දේශ නියාමන කොමිසමට අවසර ලැබුණා. ඒ අනුව 1390 අංකය හරහා නව කොරෝනා වෛරසය සම්බන්ධව දැනුවත් කිරීම හා පාලනය කිරීම ආරම්භ වුණා. ඕනෑම දුරකතන ජාලයක් හරහා මෙම දැනුවත් කිරීම හා සම්බන්ධ විය හැකි වුනා. ඒ අනුව ringing tone හරහා මෙම දැනුවත් කිරීම අසන්නට ලැබෙනවා. මේ අනුව අමතන්නට පළමුවෙන්ම කොරෝනා වෛරසය පිළිබඳ මූලික දැනුවත් වීම සියල්ල ශ්‍රවණය කර හැකි වෙනවා.
මෙහි ජාතියක් වශයෙන් ඔබට දැනුවත් විය යුතු කරුණු කිහිපයක් අඩංගු වෙනවා. 1390 හරහා වෛද්‍ය උපදෙස් ලබාදීමට වෛද්‍යවරුන් විශාල සංඛාවක් ස්වේච්ඡාවෙන් සැදී පැහැදී සිටියා. මේ වෛද්‍යවරුන් මූලිකව වෛද්‍ය උපාධිය ලැබූ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ අපේ රටේ රජයේ රෝහල් වල සේවය නියුතු වෛද්‍යවරුන්. මීට අමතරව my doctor call center හරහා ඔබ රෝගී තත්ත්වය සලකා බලා ඔබ යා යුතු රෝහල් මොනවාද යන්න පිළිබඳවත් දැනුවත් කරනවා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කෙරෙන අලුත්ම දැන්වීම හරහා. 1390 තෙවැනි පියවර ලෙස ඔබ සම්බන්ධ කරන්නේ සුවසැරි ගිලන් සේවය සඳහායී. ඔබේ නිවසේ කෙනෙකුට නව කොරෝනා හි ලක්ෂණ මතුව ඇතැයි සිතුනොත් රෝගියා රෝහල්ගත කිරීමට අවශ්‍ය සිතෙනවා නම් 1990 සුවසැරිය ගිලන්රථ සේවාව මේ හරහා සම්බන්ධ කරගත හැකි වෙනවා. අපේ රටේ විදුලි සන්දේශ නියාමන කොමිසම සහ මේ my doctor සෞඛ්‍ය සේවා සපයන ආයතන සමඟ සම්බන්ධ වී රෝගයක් සම්බන්ධයෙන් මෙවැනි ක්ෂණික ඇමතුම් සේවාවක් සහ ringing tone එකක් සඳහා මෙවැනි දැනුවත් කිරීමක් නොමිලේ හඳුන්වාදුන් ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙනවා.
by Dilki Shamani
Photo source : Internet
1367 Views
Comments