කොරෝනා නිසා ගොඩ ගිය අය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
11

කොරෝනා නිසා ගොඩ ගිය අය

කොරෝනා නිසා ගොඩ ගිය අය

මෙම අඳුරු වලා කුලක රිදී රේඛාවක් ඇති බව අපි අසා තියෙනවා. මේ වසංගතයේ හේතුවෙන් සාම්ප්‍රදායික සිනමාව ඇද වැටෙද්දී ඊට සම්බන්ධ තවත් ව්‍යාපාර සමූහයක් වේගෙන් ලාබ උපයමින් සිටින අයුරු දැක ගන්න පුළුවන්. අන්තර්ජාල වීඩියෝවක් සේවාවන් මෙහිදී ඉදිරියෙන්ම සිටිනවා. ලොව පුරා විශාල ජනගහනයක් සිය නිවෙස් තුළම රැඳී සිටීම නිසා අන්තර්ජාල පරිභෝජනය 70% කින් වර්ධනය වී ඇති අතර ඒ අනුව අන්තර්ජාලය වීඩියෝ සේවා පරිභෝජනය 12% කින් වැඩිවී තිබෙන බව වාර්තා වෙනවා. ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල වීඩියෝ සපයන සේවාවක් වන Netflix මේ වසරේ පළමු කාර්තුවේ දී ග්‍රහකයන් මිලියන 7.2 ක වැඩිවීමක් බලාපොරොත්තු වී තිබුණද මෙය මිලියන 15.8 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව දැනට Netflix සමාගම ලොව පුරා මුළු ග්‍රාහක සංඛ්‍යාව මිලියන 183 දක්වා වාර්තා වෙනවා.

ව්‍යාපාර ක්ෂේත්‍රයේ විචාරකයන් පවසන ආකාරයට Netflix කියන්නේ නිවස තුළ රැඳී සිටීමට බලකෙරෙන වැනි වසංගත තත්ත්වයකට මුහුණදීමට හොඳින්ම ගැළපෙන ව්‍යාපාරයක්. Netflix සිය රූපවාහිනී නාට්‍ය මාලාවන් සතියෙන් සතියට නොව එකවර සම්පූර්ණ ඉදිරිපත් කිරීම මෙයට තවත් හේතුවක් බව ඔවුන් පවසනවා. love is blind, Madness Unorthodox ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගැනීමට සමත්ව තියෙනවා.

වෝල්ට් ඩිස්නි සමාගමට අයත් තවත් මෙවැනි සේවාවක් වන Disney + ද වසංගත තත්වය නිසා වාසි අත්කරගත ආයතනයක්. Disney + ලොව පුරා ග්‍රාහක සංඛ්‍යාව මිලියන 50 ඉක්මවා ඇති බව සඳහන් වෙනවා. Boy meets world, Marvel runways, Darkwing Duck Disney + හි ප්‍රේක්ෂක ආකර්ෂණය ලද වැඩසටහන් අතර වෙනවා. කෙසේ වෙතත් ප්‍රධාන චිත්‍රපට කර්මාන්තය ආයතනයක් වන ඩිස්නි සමාගමට වසංගත හේතුවෙන් සිය සෙසු ව්‍යාපාරවලින් අලාභ සිදුවී ඇති බව වාර්තා වෙනවා.

Amazon prime සහ හුලූ මේ තත්ත්වය හමුවේ වාසි විදින තවත් සමාගම් දෙකක්. 2020 පළමු කාර්තුවේ හුලූහි ග්‍රහකයන් සංඛ්‍යාව මිලියන 30ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වෙනවා. මේ අතර වීඩියෝ වාහක සේවාවන් බරපතළ ලෙස අන්තර්ජාල දත්ත හුවමාරු කරන බැවින් ඇමරිකාවේ සහ යුරෝපයේ අන්තර්ජාල සේවා සපයන්නන් අපහසුතාවයට පත්ව ඇති බවත් වාර්තාවෙනවා. මෙය අවම කිරීමට වීඩියෝ ග්‍රහක සේවා ගණනාවක් සිය video HD තත්වයෙන් නොව SD තත්ත්වයෙන් මුදා හැරීමට එකඟ වී ඇති බවද වාර්තා වෙනවා. කොහොම නමුත් මේ.වසංගතය ආශිර්වාදයක් කරගත් ව්‍යාපාරත් තියෙන බවයි පෙනෙන්නේ.

 

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

848 Views

Comments

arrow-up