කොරෝනා ගැන අලුත් වෛද්‍ය මත

ඇතිවී තිබෙන වසංගත තත්ත්වය රටින් රටට රෝග ලක්ෂණ වෙනස්. රෝගයේ බලපෑම වෙනස් අද පවතින තත්ත්වය නොවෙයි හෙට තියෙන්නේ. ඒ අලුත්ම වෛද්‍ය වාර්තාවලට අනුව කියවෙන දේවල් ගැන සටහනක් මේ.
තරුණ කොරෝනා රෝගීන් ආඝාතයට ගොදුරුවීමේ අවදානමක්
මුලින් වැඩි දෙනෙක් සිතුවේ වෛරසය පෙනහලු වලට පමණක් බලපාන බවයි. එහෙත් දැන් එය මොළයට රුධිරය සැපයීම අඩාල කරන රුධිරය කැටිගැසීම ඇති කිරීමට හේතුවන බව අනුමාන කරනවා. සිරුරේ පහළ පෙදෙසේ ඇතිවන රුධිර කැටි පෙනහලු කරා ගමන් කර අවහිර කිරිම කොරෝනා රෝගීන්ගේ ප්‍රධාන මාරයා බවට පත් වී තිබෙනවා. රුධිර නාළ අවහිරතාව හදවතට ආසන්නව ඇති වීම ආසාදිත පුද්ගලයන්ගේ මරණයට හේතුවන එක් ප්‍රධාන කාරණයක්. තවමත් මේ රුධිර කැටි ඇතිවීමට හේතුව සොයා ගෙන නැහැ. එහෙත් ඔවුන් අනුමාන කරන්නේ ප්‍රතිශක්තීකරණ පද්ධති වෛරසයට එරෙහිව පමණට වඩා ක්‍රියාකාරීවීම හෝ කොරෝනා වෛරසයේ සෛල ආක්‍රමණය කිරීමෙන් ඇතිවෙන ඵලයක් ලෙස මෙසේ සිදුවන බවයි.
පිරිමින්ට රෝගය බරපතළයි
වැඩිපුරම රෝගය බලපාන්නේ රෝගයෙන් වැඩිපුරම මියයන පිරිමින්. මරණවලින් 69% වාගේ පිරිමින් පිරිමින්. ඔවුන්ගේ දුම්පානය වගේම තවත් හේතු ද මේ කෙරෙහි බලපානවා. කාන්තාවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෛරසයට එරෙහිව ශක්තිමත්ව ක්‍රියා කරනවා. ආසාදන වලට සහ එන්නත් වලටද සාර්ථක ප්‍රතිඵල දක්වන්නේ කාන්තාවන්. කාන්තාවන්ගේ ක්‍රෝමසෝම දෙකම XX පිරිමින්ගේ XY ක්‍රෝමසෝම නිර්මාණය වීම ද මීට බලපානවා. වැරදි පුරුදු නොසැලකිලිමත්කම වැඩිපුරම ඇත්තේ පිරිමින්ට. ලංකාවේ මෙන්ම ඉන්දියාවේද කාඩ් ගැසීමෙන් පිරිමින් ගණනාවකට මේ රෝගය බෝවී ඇති බව වාර්තා වෙනවා. මේ නිසා බිරියන්ට සැමියන් දෙස වෙනදාට වඩා මේ කාලයේ ඇස ගසා ගෙන සිටිය යුතුයි.
උදෑසන හිරු එළිය නිසා පෙනහලු ආසාදාන අවමයි
දිනපතා මිනිත්තු දහයක් වත් හිරු එළියට නිරාවරණය විය හැකිනම් කොරෝනා රෝගයට ගොදුරුවීමේ ඉඩකඩ අඩු වන බව ඕස්ට්‍රේලියානු විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. උදෑසන හිරු එළියෙන් සිරුරට ලැබෙන විටමින් D පෙනහළු ආසාදනය වළක්වා ගැනීමේ දී අත්‍යවශ්‍ය විටමින් වර්ගයක් වෙනවා. එහෙත් එසේ ලබා ගත යුත්තේ උදෑසන හිරු එලිය පමණයි. මේ රෝගයේ රෝග ලක්ෂණ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති වන වෙනස් වීම් නිසා අසාමාන්‍ය වෙහෙස කුසගිනි නැති බව ව්‍යාකූල බව සමබර නැති බව වැඩිපුර වැඩිහිටියන්ට දැනෙන බව වාර්තා වෙනවා.
ඉතින් මේ මාරාන්තික රෝගයෙන් මිදී අන් අය අතරත් ව්‍යාප්තවීම වැලැක්වීම අප සැමගේ වගකීමක් වෙනවා.
by Dilki Shamani
Photo source : Internet
793 Views
Comments