ශ්‍රී ලංකාවේ භූගෝලීය අනන්‍යතාවය පිළිබදව දැනුවත් වෙමු

ශ්‍රී ලංකාව කර්කටක නිවර්තනයත් මකර නිවර්තනයත් අතර නිවර්තන කලාපයේ සමකයට ආසන්නව පිහිටා ඇත. ශ්‍රී ලංකාව
ඉන්දියාවෙන් වෙන් වන්නේ ඉතා පටු නොගැඹුරු මුහුදු තීරයකිනි. එය පෝක් සමුද්‍ර සන්ධිය ලෙසින් හැඳින්වේ. දූපතක් වූ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ඉන්දීය උප මහද්වීපයට ආසන්නව, ඉන්දියාවෙන් වෙන්ව පිහිටා ඇත.
ශ්‍රී ලංකාව හැරුණු විට ඉන්දියන් සාගරය තුල පිහිටා ඇති තවත් දූපත් ලෙස මාලදිවයින ,අන්දමන් දූපත්, නිකෝබාර් දූපත් යනාදිය දැක්විය හැකිය. ශ්‍රී ලංකාවට අනන්‍ය වූ දේශසීමාවක් සහ මුහුදු සීමාවක් ද පවතී. 1994 නොවැම්බර් මස 16 වන දින සිට ක්‍රියාත්මක වූ අන්තර්ජාතික සාගර නීතියට අනුව ලෝකයේ සෑම වෙරළබඩ රාජ්‍යයකටම වෙරළ මායිමේ සිට නාවික සැතපුම් 12 ක සීමාවක අයිතිය උරුමකර දෙන ලදී. එය රාෂ්ට්‍රීය මුහුදු සීමාව ලෙස හැඳින්වේ. ඊට පිටතින් යාබද මුහුද සහ අනන්‍ය ආර්ථික කලාපය පිහිටා ඇත. ශ්‍රී ලංකාව කුඩා දූපතක් වුවද ඉතා සුවිශේෂී භූ විෂමතාවයකින් යුක්තයි. රට මධ්‍යයේ පිහිටි කඳුකරය, ඒ වටා පිහිටි අභ්‍යන්තර තැනිතලාව සහ වෙරළබඩ තැනිතලාව දිවයිනේ ප්‍රධාන භූවිෂමතා කලාප තුනකි. එම එකිනෙක කලාපවල එකිනෙකට වෙනස් වූ සංකීර්ණ විෂමතා ලක්ෂණ දක්නට ලැබේ. මෙවැනි භූ විෂමතාවයකින් සමන්විත ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යය සහ හිතකර දේශගුණය අප රටේ භූගෝලිය අනන්‍යතාවය තවදුරටත් තහවුරු වීමට හේතු වී තිබේ. ශ්‍රී ලංකාවේ පවතින භූ විෂමතාවය සහ දේශගුණික විවිධත්වය සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට ද සමත් වී ඇත. ශ්‍රී ලංකාව නිවර්ථන කලාපයෙහි පිහිටි රටක් වන බැවින් සීත සෘතුවක් දක්නට නොලැබේ. දූපතක් වූ ශ්‍රී ලංකාවට වර්ෂය මුළුල්ලේම පැතිරුණු වර්ෂාපතනයක් ලැබෙන අතර ප්‍රධාන ක්‍රම තුනකට ලැබේ. එනම් මෝසම් වර්ෂාව, සංවහන වර්ෂාව සහ වාසුළි වර්ෂාවයි. පෙබරවාරි සහ අගෝස්තු මාස වලදී ශ්‍රී ලංකාවට සාමාන්‍යයෙන් වියළි කාලගුණයක් පවතී. කුඹුරුවල වී අස්වනු නෙලීම සිදු වන්නේද මෙම කාලයේදීය.
වර්ෂය පුරා පැතිර පවත්නා වර්ෂාපතනය සහ උෂ්ණත්වය හේතුකොටගෙන දිවයිනේ තෙත් ප්‍රදේශවල වනාන්තර ආශ්‍රිතව උසින් වැඩි ශාක ව්‍යාප්තව පවතී. වියළි දේශගුණයක් පවතින වියළි සහ අර්ධ ශුෂ්ක ප්‍රදේශවල කටු පඳුරු සහිත වන ලැහැබ් ද වෙරළ ආශ්‍රිත කලපු සහ ගංගා මෝය වල කඩොලාන ශාකද දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ වෙරළ ආශ්‍රිත ප්‍රදේශයක සිට රට තුළට ගමන් කරන සංචාරකයෙකුට 70km වැනි කෙටි දුරකදී භූවිෂමතාව, දේශගුණය සහ වන වැස්මෙ විවිධත්වය දැක ගත හැකි වනවා මෙන්ම එහි සුන්දරත්වයද අත්විඳිය හැකිය.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
7816 Views
Comments