ෆ්‍රෙඩරික් බැස්ටියාට්ට අනුව නීතිය ගැන හැඳින්වීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
22

ෆ්‍රෙඩරික් බැස්ටියාට්ට අනුව නීතිය ගැන හැඳින්වීම

ෆ්‍රෙඩරික් බැස්ටියාට්ට අනුව නීතිය ගැන හැඳින්වීම

ක්ලෝඩ් ෆෙඩ්රික් බැස්ටියාට් කියන්නේ ප්‍රංශ ජාතිකයෙක් .ඔහු සම්භාව්‍ය ලිබරල් න්‍යායවාදී දේශපාලන අර්ථ ශාස්ත්‍රඥයෙක්. ඔහු නීතිය පිළිබඳ ලියා ඇති කෘතිය ලෝකය පුරාම ප්‍රචලිත වුණේ එහි නීතිය අර්ථ දක්වා ඇති ආකාරය අනුවයි.
 

 

 


ඔහු නීතිය ලෙස හදුන්වන්නේ පුද්ගලයකුගේ අයිතිය නීතිමය ලෙසින් ආරක්ෂා කරන සාමූහික සංවිධානයක්. මනුෂ්‍යන් ලෙස අපි සෑම කෙනෙකුටම දෙවියන්ගෙන් ලැබෙන ලද ස්වාභාවික වූ අයිතිය නම් ඒකීය පුද්ගලත්වය පෞද්ගලික නිදහස සහ පුද්ගලික දේපල ආරක්ෂක කරන්නට අයිතිය මේවා ජීවිතේ මූලික අවශ්‍යතා තුනක් වෙනවා. ඒවාගේ සම්පූර්ණ පැවැත්ම එකිනෙකේ පැවැත්ම මත රඳා පවතිනවා. හැම පුද්ගලයෙක්ම තම නිදහස දේපල ආරක්ෂා කරගැනීමට උත්සාහ කරනවා. ඊට බලය පාවිච්චි කරනවා. එයින් කියැවෙන්නේ මිනිසුන් කණ්ඩායමකට නිතිපතා නීති ආරක්ෂා කිරීමට සංවිධානය වීමට අයිතියක් ලැබෙන බවයි. සාමූහික අයිතිය ආරක්ෂා කරන විට එහි අරමුණ වෙනුවෙන් හෝ වෙනත් මෙහෙවරක් වෙනුවෙන් කියා හිලව්වට කියා වෙනත් තර්කානුකූලව කිසිවක් ආදේශ කළ හැකි වන්නේ නැහැ. සෑම කෙනෙකුට තවත් පුද්ගලයකුගේ නිදහසට පෞද්ගලික දේපල වලට එරෙහිව බලය පාවිච්චි කිරීමට නීතිමය අවසරයක් ලැබෙන්නෙත් නැහැ. පුද්ගල කණ්ඩායමකටත් එලෙසමයි .මේ නිසා අනිසි ලෙස පාවිච්චි කිරීම බලය දූෂණය ලෙසින් යොදා ගැනීමක් විදියට හඳුන්වන්න පුළුවන්. කෙනෙකුට බලය ලැබී තියෙන්නේ තවත් කෙනෙකුගේ සහ ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා පමණයි . මේ අනුව පැහැදිලි වෙන්නේ නීතිය කියන්නේ ස්වභාවිකවම ආරක්ෂාව සපයන සංවිධානයක් බවත් එහි පැවැත්ම රැඳී තියෙන්නේ එහි සාමූහිකත්වය මතයි. සාමූහික බලය කළ යුත්තේ එකම දෙයයි. එනම් සාමූහික බලයෙන් වුවද අන් අය විසින් කළ යුත්තේ ස්වභාවධර්මයෙන් හා නීතිමය වශයෙන් අයිතිව ඇති එකී බලයන්ගෙන් යුතු වූවන් ආරක්ෂා කරන දේ ආරක්ෂා කිරීම පමණයි. අන් අයගේ පුද්ගලික නිදහසට දේපල වලට ආරක්ෂාව සැලසීම අනෙකාගේ අයිතීන් පවත්වාගෙන යෑමට උදව් කිරීම සිදුකළ යුතු වෙනවා. සෑම කෙනාම යුක්ති සහගතව පාලනය කළ යුතු වෙනවා. නීතියේ අරමුණ විනාශ කිරීමට නීතිය අනිසි ලෙස භාවිතා කිරීම දකින්න ලැබෙනවා. එවිට නීතියේ ප්‍රධාන ඉලක්කය වූ නීතිය විසින් ගෞරව කළ යුතු අයිතීන් නීතිය විසින්ම සීමා කර විනාශ කර දමනවා. එවිට නීතිය විසින් සාමූහික බලය පවරා ඇත්තේ පුද්ගලයන් පුද්ගලයන්ගේ නිදහස පුද්ගල දේපල සුරකින්නට ඉදිරියට එන තමන්ට රිසි සේ හැසිරෙන ක්‍රියාවන්ට නිසි දඬුවමක් නොලබන හෘද සාක්ෂියක් නැති අයටයි. නීතියේ පැවැත්මට අවශ්‍ය පදනම රාජ්‍ය ඇඟිලි ගැසීම් නිසා ඇතිවන විස්ථාපනය අවිනිශ්චිත බවටත් අවදානමට පත් කෙරෙනවා. මේ ක්‍රියාකාරකම් නිසා ආණ්ඩුවේ වගකීම අසීමිත ලෙස වැඩිවී ආණ්ඩුවට ඉසිලිය නොහැකි තරම් කරදර වැඩි වෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

504 Views

Comments

arrow-up