කොරෝනා බලපෑම අභ්‍යවකාශයට පෙනෙන හැටි

එක්සත් ජනපදයේ සහ යුරෝපීය චන්ද්‍රිකා වල දත්ත වලට අනුව, නව කොරෝනා වෛරස ව්‍යාපෘතිය චීනය කෙරෙහි ඇති කරන බලපෑම කෙතරම් දැයි අභ්‍යවකාශයේ සිට දැකිය හැකි බව වාර්තා වෙනවා. ඒ වායු දූෂණයෙහි විශාල අඩුවීම නිසයි.
වාතයේ ගුණාත්මකභාවය අධීක්ෂණය කිරීම සඳහා නිර්මාණය කර ඇති කක්ෂීය උපකරණය මගින් ජනවාරි සිට නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2) දූෂණය සාන්ද්‍රණයෙහි සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරයි. NO2 යනු පොසිල ඉන්ධන දහනය කරන ගෑස් වාහන, විදුලි බලාගාර සහ වෙනත් යන්ත්‍ර මගින් විමෝචනය වන හානිකර ද්‍රව්‍යයකි. නාසාහි පෘථිවි නිරීක්ෂණාගාරයේ ප්‍රකාශයකට අනුව, වෛරසය පැතිරීමත් සමඟ චීනයේ ආර්ථික මන්දගාමිත්වය හා සංචාරක සීමා කිරීම් මෙම අඩුවීමට හේතුවී තිබේ. “මෙය විශේෂිත සිදුවීමක්. මෙතරම් පුළුල් ප්‍රදේශයක් පුරා මෙතරම් විශාල ලෙස පහත වැටීමක් මා දුටු පළමු අවස්ථාව මෙයයි” යනුවෙන් නාසා හි ගොඩාඩ් අභ්‍යවකාශ පියාසර මධ්‍යස්ථානයේ වායු ගුණාත්මක පර්යේෂක ෆී ලියු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
නාසා පෘථිවි නිරීක්ෂණාගාරයේ රූපයක් මගින් ජනවාරි සහ පෙබරවාරි ආරම්භය අතර NO2 හි විශ්මය ජනක අඩුවීමක් පෙන්නුම් කරයි.මෙම තත්වයට අමතරව 2008 ආර්ථික අවපාතය ද ඇතුළුව මැනිය හැකි NO2 අඩුවීමට හේතු වූ වෙනත් සිදුවීම් ද ඇති බව ලියු පැවසීය. නමුත් ඒ කිසිවක් එතරම් තීව්‍ර වී හෝ ඉක්මණින් සිදු වී නැත.පසුගිය වසරවලට වඩා මෙම වසරේදී වායු දූෂණය අඩු කිරීමේ අනුපාතය වඩා වැදගත් වන අතර එය දිගු කාලයක් පැවතුනි. චීන රජය ව්‍යාපාර වසා දමා ඇති අතර නගර අතර ගමන් සීමා කර ඇත. කොරෝනා වෛරසය ආරම්භ වූ නගරය වන වුහාන් විශේෂයෙන් දැඩි ක්‍රියාමාර්ගවලට භාජනය වී තිබුණි. එම පියවරයන්ගේ බලපෑම දේශීය දූෂණ මට්ටම්වලින් පිළිබිඹු වේ.
තවත් සිතියමකින් පෙන්නුම් කරන්නේ වෛරස් පැතිරීමේ කේන්ද්‍රස්ථානය වූ නගරය වන වුහාන් හරහා විමෝචන තියුනු ලෙස පහත වැටී ඇති බවයි. වෛරසය ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර රජයන් එයට එරෙහිව සටන් කිරීමට අඛණ්ඩව පියවර ගනිමින් සිටින හෙයින්, එවැනි දෙවන පෙළ බලපෑම් ලොව පුරා පෙන්නුම් කළ හැකිය. කෙසේ නමුත් වෛරස ව්‍යාපෘතිය හේතුවෙන් පරිසරයට සිදුවී ඇති හිතකර තත්වයන් පිළිබඳ වරින් වර ලෝකය පුරා විවිධ ප්‍රදේශ වලින් අනාවරණය වේ. ඒ අනුව මෙම වෛරස තත්වය පාලනය කර ඉන් මිදීමට හැකියාව ලැබුනද පාරිසරික දූෂණ අවම මට්ටමක තබාගනිමින් කටයුතු කලයුතුය.
by Dilki Shamani
source : livescience.com
569 Views
Comments