2030 වන විට ඇපල් උපාංග වෙතින් ශුන්‍ය පාරිසරික බලපෑමක්

ඇපල් සමාගම විසින් 2030 වන විට සිය සමස්ත ව්‍යාපාර හා නිෂ්පාදන සැපයුම් දාමය හරහා කාබන් විමෝචනය උදාසීන කිරීමේ ඉලක්කයක් ප්‍රකාශයට පත් කිරීමේ පුවතක් පිළිබඳ අනාවරණය වෙනවා. සමාගම පවසන්නේ ඒ හරහා සිය උපාංග විකිණීමේදී ශුන්‍ය පාරිසරික බලපෑමක් ඇති කළ හැකි බවයි. ඇපල් හි සැපයුම්කරුවෙකු වීමට අපේක්ෂා කරන ඕනෑම සමාගමක් වසර 10 තුළ ඔවුන්ගේ මෙම අරමුණ සඳහා කැපවිය යුතු බව බීබීසී ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කර තිබෙනවා. ඇපල් සමාගම මේ අනුගමනය කරන්නේ ලොව තාක්ෂණික දැවැන්තයන්ගේ පාරිසරික හා දේශගුණික කේන්ද්‍රීය මතයයි.
මයික්‍රොසොෆ්ට් සමාගම ද තවදුරටත් මෙම පොරොන්දුව ඉදිරියට ගෙනගොස් 2050 වන විට පරිසරයට විමෝචනය වූ කාබන් ප්‍රමාණය ඉවත් කිරීමට ප්‍රතිපත්ති අනුගමනය කරන අතර කාබන් අඩු කිරීමේ තාක්ෂණයන් පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා නයික්, ස්ටර්බක්ස් සහ මර්සිඩීස්-බෙන්ස් එකතුව සම්මේලනයක් නිර්මාණය කරන බවද නිවේදනය කර තිබෙනවා. ඇමසන් සමාගම විසින් කාබන් උදාසීන කිරීමට 2040 ඉලක්කයක් තබා ඇති අතර ඒ තුලින් තම ගෘහස්ථ වාහන භාවිතයේදී වඩාත් පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයන් යොදාගැනීම පිළිබඳව ඔවුන් අනාවරණය කරනවා. ගූගල් සමාගමද පවසා ඇත්තේ තම සැපයුම් දාමය තුලින්ද කාබන් උදාසීන තත්ත්වයට පත්කිරීමට අදහස් කරන නමුත් තවමත් එයට නියමිත දින නියම කර නොමැති බවයි. ග්‍රීන් පීස් පාරිසරික ප්‍රචාරක කණ්ඩායම බීබීසී ප්‍රවෘත්ති සේවයට පවසා ඇත්තේ මෙම තාක්ෂණික දැවැන්තයන් ලෝකයේ වඩාත්ම ලාභදායී සමාගම් අතර වන බැවින් පාරිසරික අර්බුද සම්බන්ධයෙන් ඉක්මනින් ක්‍රියා කිරීමේ වගකීම ඔවුන් සතු වන බවයි.
ඒ අනුව සැබෑ පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීම සඳහා ඇපල් සමාගම සිය සැපයුම්කරුවන් සමග කටයුතු කර ඇති බවත් සමාගම පුනර්ජනනිය බලශක්තිය බැර කිරීම වැනි අඩු බලපෑම් විසඳුම් මත රඳා නොසිටීම ගැනත් සතුටු වන බව ග්‍රීන් පීස් හි ඇමරිකා එක්සත් ජනපදය ජේෂ්ඨ ආයතනික ප්‍රචාරක එලිසබෙත් ජාර්ඩියම් ප්‍රකාශ කර සිටිනවා. ඇපල් සමාගම සිය සැලැස්මට අනුව නව පාරිසරික හිතකාමී ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම මෙන්ම කාබන් විමෝචනය ඉන්ධන අඛණ්ඩව භාවිතා කිරීම සඳහා වන්දි ගෙවීම් සඳහා හරිත බලශක්ති ප්‍රභව මිලදී ගැනීමද සිදුකරන බව අනාවරණය වෙනවා. 2030 ට නියමිත දිනට පෙර එහි වර්තමාන කාබන් විමෝචනය තවත් 75%කින් අඩු කිරීමට ඔවුන් අදහස් කරනවා. සිය උපාංග ප්‍රතිචක්‍රීකරණය සඳහා ආපසු ලබා දෙන උපාංගවලට අදාල ශක්තිය ලබාගැනීම සඳහා ඩේව් යන අන්වර්ථ නාමයෙන් යුත් නව රොබෝවරයෙක් භාවිතා කිරීමද මෙම සැලසුමට ඇතුළත් වෙනවා. එය සමාගමේ ස්මාර්ට් ඔරලෝසු, ටැබ්ලට්ස්, ස්මාර්ට් ෆෝන් සහ ලැප්ටොප් පරිගණකවල හිමිකරුවන්ට හා ප්‍රතිපෝෂක ලබා දීම සඳහා මෙම කොටස භාවිතා කරනවා. දැනට ඇපල් සමාගම කාබන් විමෝචනය අවම කිරීමේ පාරිසරික ප්‍රතිපත්තීන් ලොව පුරා ක්‍රියාත්මක කරන අතර කොලොම්බියාවේ වෙරළ තීරයේ කඩොලාන ගස් සහ පඳුරු යතා තත්ත්වයට පත් කිරීම සහ කෙන්යාවේ වනාන්තර තෘණ භූමි සහ සැවානා ඇතුළු පාරිසරික ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම පිළිබඳ තොරතුරුද වාර්තා වෙනවා. මේ ආකාරයට ලොව තාක්ෂණික දැවැන්තයන් ඉදිරියේදී පාරිසරික ගැටලු වලට විසඳුම් සෙවීමේදී මුල් තැන ගනු ඇත.
by Dilki Shamani
source : bbc.com
885 Views
Comments