යුරෝපය සෝයා වැඩිපුර කනකොට අඩුවෙන ඇමසන් වනාන්තරය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
25

යුරෝපය සෝයා වැඩිපුර කනකොට අඩුවෙන ඇමසන් වනාන්තරය

යුරෝපය සෝයා වැඩිපුර කනකොට අඩුවෙන ඇමසන් වනාන්තරය

යුරෝපා සංගමයේ හරක් මස් ආනයනයෙන් හතරෙන් එකකට වඩා ලැබෙන්නේ බ්‍රසීලය හරහායි. යුරෝපා සංගමයට බ්‍රසීලයෙන් සිදුකරන සෝයා අපනයනයෙන් පහෙන් එකක් පමණ නීතිවිරෝධී වන විනාශයට හේතුවිය හැකි බවත් අධ්‍යනයකින් හෙළිවී තිබෙනවා. යුරෝපයට අපනයනය කරන සෝයා නිෂ්පාදනය කිරීම සඳහා වනාන්තර එළි පෙහෙළි කරන ගොවිපලවල් හඳුනාගැනීම සඳහා පර්යේෂකයන් මෙම ප්‍රදේශයේ සිතියම් සහ දත්ත භාවිතා කර තිබෙනවා. නීතිවිරෝධී වනාන්තර විනාශයෙන් 62% ක් සඳහා මෙම දේපළවලින් 2%ක් වගකිව යුතු බව ඔවුන් සොයා ගෙන තිබෙනවා. මෙය ගෝලීය පරිසර ප්‍රතිවිපාක ගෙන දෙන බවත් අනාවරණය වෙනවා. බ්‍රසීලයේ යුනිවර්සිඩේඩ් ෆෙඩරල් ඩි මිනාස් ජෙරෙයිස් හි මහාචාර්ය රාවෝනි රාජෝ ප්‍රකාශ කරන්නේ සෝයා සහ හරක් මස් අංශ වල ඇති වංචාවන් මුලිනුපුටා දැමීම රටේ දේශපාලන සහ ආර්ථික නායකයන්ගෙන් යුතුකම බවයි. මෙම නීති කඩකරන්නන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය තොරතුරු බ්‍රසීලයට තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධාන වල වාර්තා සහ ජනමාධ්‍ය පරීක්ෂණ මගින් සෝයා සහ හරක්මස් නිෂ්පාදනය හා අපනයන වනාන්තර විනාශයට බලපාන බව මීට පෙර අනාවරණය කර තිබෙනවා.

සෝයා අපනයනයෙන් දළ වශයෙන් 20%හා අවම වශයෙන්17% යුරෝපා සංගමයට අපනයනය කරන අතර ඒවා නිෂ්පාදනය සිදු වන්නේ නීති විරෝධී වන විනාශය නිසා බව වාර්තා වෙනවා. ඔවුන්ගේ විශ්ලේෂණයට අනුව නීති විරෝධී වන විනාශය සහිත දේපළ මත වගා කරන සෝයා ටොන් මිලියන දෙකක් විශ්ලේෂණ කාල සීමාව තුළ වාර්ෂිකව යුරෝපා සංගම් වෙළඳපොළට පැමිණ ඇති අතර ඉන් ලක්ෂ පහක් ඇමසන් වනාන්තරය එළිකල ප්‍රදේශ වලින් පැමිණ තිබෙනවා. නමුත් පාරිභෝගිකයන්ට තමන් මිලදී ගන්නා මස් හා සෝයා වන විනාශයෙන් තොරදැයි සහතික කළ නොහැක. යුරෝපා සංගමයට පැමිණෙන සෝයාවලින් 65% කට වැඩි ප්‍රමාණයක් පැමිණෙන්නේ ඉහල වනාන්තර විනාශයක් ඇති රටවල් වලින් බව නවතම වාර්තාවකින් හෙළි වෙනවා.

 

 

පරිසර කණ්ඩායම් WWF සහ RSPB ට අනුව 2016 සහ 2018 අතර එක්සත් රාජධානියේ සෝයා සඳහා වාර්ෂික ඉල්ලුම සපුරාලීම සඳහා විදේශීයන්ට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය වේල්සයේ භූමි ප්‍රමාණයට ආසන්න ප්‍රමාණයකට සමාන වෙනවා. එක්සත් ජනපදයෙන් මේරිලන්ඩ් විශ්වවිද්‍යාලය විසින් කරන ලද අධ්‍යනයකට අනුව ලොව පුරා සෑම තත්පර හයකට වරක් පාපන්දු පිටියක ප්‍රමාණයකින් යුත් ප්‍රාථමික වනාන්තර භූමි ප්‍රදේශයක් හිමිවන බව වාර්තා වෙනවා. එයින් තුනෙන් එකක් බ්‍රසීලයට අහිමි වන අතර මෙම ක්‍රියාවලිය නැවැත්වීම සඳහා යුරෝපා සංගමයේ රටවල් හා බ්‍රසීලය ඇතුලු සියලුම රටවල් මැදිහත් නොවුනහොත් සෝයා හා හරක්මස් පරිභෝජනය නිසා ඇමසන් වනාන්තරය අපට අහිමිවී යාවි.

 

 

 

 

 

 

by Dilki Shamani

source : bbc.com

views

696 Views

Comments

arrow-up