කොහොඹ වල පිළිකා නාශක ගුණය හඳුනාගත් පළමු රට ලංකාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
16

කොහොඹ වල පිළිකා නාශක ගුණය හඳුනාගත් පළමු රට ලංකාව

කොහොඹ වල පිළිකා නාශක ගුණය හඳුනාගත් පළමු රට ලංකාව

ස්වාභාවික ශාක වල ඖෂධීය ගුණය විවිධ රෝගාබාධ වලට ප්‍රතිකාර ලෙස යොදා යොදාගැනීමේ හැකියාව පිළිබඳ විද්‍යාත්මකව වරින් වර පරික්ෂණ සිදුකරමින් පවතිනවා. ඒ අනුව කොහොඹ ශාකයේ පවතින ‘ජෙඩුනීන්’ නැමැති රසායනික සංයෝගය පිළිකා පියවි සෛල (Cancer Stem Cells) විනාශ කරන බවට කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායනික අනුක ජීවවේද සහ ජෛව තාක්ෂණික ආයතනය විසින් ලොව ප්‍රථම වතාවට අනාවරණය කරගෙන තිබේ.


පිළිකා රෝගය සඳහා දැනට ප‍්‍රතිකාර ලෙස භාවිත කරන රසායනික සංයෝගවලින් පිළිකා පියවි විනාශ කිරීමට හැකියාවක් නොමැති බව ඔවුන් පෙන්වා දෙනවා. ආ මෙම පර්යේෂණයේදී පිළිකා පියවි සෛලවල සක‍්‍රීය ක‍්‍රියාකාරීත්වයට සෘජුව දායකවන විශේෂිත ප්‍රෝටීනයක් අවහිර කිරීමේ හැකියාවක් ඇති නව සංයෝග තිබේ දැයි ඔවුන් අධ්‍යනය කර තිබේ. එවැනි සංයෝග හමු වුවහොත් පිළිකාව තවදුරටත් සක‍්‍රීයවීම වළක්වා පිළිකාව සදහටම විනාශ කළ හැකි බව මීට සම්බන්ධ වූ පිරිස ප්‍රකාශ කරනවා.


මෙම ආයතනය විසින් 2013 වර්ෂයේදී මුලින්ම මේ පිළිබඳ පර්යේෂණය අප ආරම්භ කර ඇති අතර ආසියාතික රටවල ශාකවලින් ලබාගත් රසායනික සංයෝග 35 ක් පමණ එකින් එක ගෙන දියුණු පරිගණක මෘදුකාංග යොදගෙන පිළිකා පියවි සෛලවල අති විශේෂිත ප්‍රෝටීනයක් හා බැඳී ඒවායේ සක‍්‍රීය ක‍්‍රියකාරීත්වය අවහිර කරන්නේ දැයි මෙම පර්‍යේෂකයන් පිරිස මෙහිදී සොයා බලා තිබේ. ඒ සඳහා භාවිත කළ ශිල්ප ක‍්‍රමය මොලිකුලර් ඩොකින් ලෙස හැඳින්වෙනවා. එම ක්‍රමයේදී අධි තාක්‍ෂණික පරිගණක තාක්ෂණ ක‍්‍රම උපයෝගී කරගෙන DNA, RNA, ප්‍රෝටීන අප සිරුරේ සහ ශාකවල රසායනික සංයෝග තවත් ප්‍රෝටීනයක් හෝ රසායනික සංයෝගයක් සමඟ බැඳි සෛලවල ක‍්‍රියකාරීත්වය වෙනස් කරන ආකාරය පිළිබඳව විශ්ලේෂණය සිදුකර ඇත.


කොහොඹ ශාකයේ අඩංගු ‘ජෙඩුනීන්’ සංයෝගයේ ගුණාත්මක බව නැනෝ තාක්ෂණය භාවිතයෙන් වැඩි දියුණු කළ හැකිදැයි සොයාබැලීමට ඔවුන් විශේෂයෙන් සැකසු නැනෝ අංශු තුළ ‘ජෙඩුනීන්’ රඳවා පියයුරු පිළිකා පියවි සෛල සහ පෙනහළු පිළිකා සෛලවලට හඳුන්වාදී තිබේ. එවිට ‘ජෙඩුනීන්’ සංයෝගය සතු පිළිකා කාරක ගුණය පෙනහළු පිළිකා සෛල සඳහා හොඳින් ප්‍රතිකාර කර තිබෙනවා. එමෙන්ම පියයුරු පිළිකා පියවි සෛල සෘජුවම ඉලක්ක කරගත හැකි ‘ජෙඩුනීන්’ රසායනය යොදා නිර්මාණය කළ නව නැනෝ තාක්ෂණික මුසුවක් අප දැනටමත් ඔවුන් නිපදවා තිබෙනවා. ඒසඳහා ඉදිරියේදී පේටන් බලපත්රය බලපත්‍රය ලබා ගැනීමට මෙම පර්යේෂක පිරිස කටයුතු සිදුකරමින් සිටිනවා.


සාමාන්‍ය ජන වහරේදී කොහොඹ ශාකය හඳුන්වන්නේ අපරිමිත ඖෂධීය ගුණයෙන් යුක්ත ඖෂධ ගබඩාව ලෙසයි. දැන් එහි අඩංගු පිළිකා නාශක හැකියාව ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි දියුණු විද්‍යාත්මක පර්යේෂණක් තුළින් සනාථ කිරීමට ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ට හැකිවී තිබේ.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

575 Views

Comments

arrow-up