විද්‍යාත්මක හේතු - 03
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
12

විද්‍යාත්මක හේතු - 03

විද්‍යාත්මක හේතු - 03

අදත් අපි යම් යම් දේවල් කිහිපයක්, එසේ සිදු වන්නේ ඇයි ද? යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. දරුවනි, මෙය ඔබට වැදගත් වන බැවින් සටහන් කරගන්න අමතක කරන්න එපා.


 

  •  FACT 01 :


පොල් සිටුවීමේදී ලුණු ස්වල්පයක් පසට එක් කිරීම යෝග්‍ය වේ.


ඒ ලුණු එකතු කිරීමෙන් පොල් පැළය අවට ඇති තෙතමනය හොඳින් රැදෙන අතර, ලුණු පසට එක්ව උරා ගැනීමෙන් පොහොරක් ලෙසද ක්‍රියා කෙරේ. වේයන්ගෙන් පොල් පැළයට සිදුවිය හැකි හානියද වැළකේ.
 

 

  • FACT 02 :

 


බෙහෙත් කරල් හා පෙති ගැනීමට වඩා දියර ඖෂධ තෝරා ගැනීම සුදුසු වන්නේ,


පෙති හෝ කරල් දියවීමෙන් පසු සිරුරට උරා ගන්නා අතර දියර ඖෂධ ඉතා ඉක්මනින් ශරීරයට අවශෝෂනය වේ. දියර ඖෂධයක් බීමට හා පෙවීමටත් ඉතා පහසුයි.

 

  • FACT 03 :


ළදරුවෙකුට එළකිරි දෙන්නේ නම් දියාරු කර දිය යුතුයි.


එළකිරි වල මේදය වැඩි නිසා ළදරුවාට කිරි දිරවීම අපහසු වෙයි. එනිසා එළකිරි දියාරු කර දීම වඩාත් සුදුසුයි.

 

  • FACT 04 :


ඇතැම් වාහන ගමන් කරනා විට කළු දුම අධික ලෙස පිටවෙන්නේ ඉන්ධන දහනය අසම්පූර්ණ වන බැවිනි.

 

  • FACT 05 :


සීතල දිනයකදී හොඳින් පොරවා ගත් විට උණුසුමක් දැනෙන්නේ, ශරීරයෙන් පිටවන තාපය ඉවතට නොගොස් රැදී පවතින නිසාවෙනි.

 

  • FACT 06 :

 



වකුගඩු රෝගීන්ගේ දහඩිය අධිකව පිටවේ. මෙයට හේතුව වන්නේ සිරුර තුළ සෑදෙන අපද්‍රව්‍ය වැඩි වශයෙන් පිටවෙන්නේ වකුගඩු වලින්. වකුගඩු රෝගියාගේ සිරුරේ අපද්‍රව්‍ය වකුගඩු වලින් පිටවීම අඩු වන නිසා දහඩිය මගින් පිටවන්නට පටන් ගනී.

 

  • FACT 07 :



පිරිසිදු ජලය වැඩිපුර පානය කිරීම නිරෝගී ජීවිතයකට මග පාදයි. පිරිසිදු ජලය වැඩිපුර පානය කිරීමෙන් ආහාර ජීරණය, ආහාරවල පෝෂණය අවශෝෂණය කර ගැනීම මෙන්ම රුධිරය මගින් ද්‍රව්‍ය බෙදා හැරීම පහසු වනවා. එසේම තුළ සෑදෙන අපද්‍රව්‍ය මුත්‍රා සමඟ පිටවීමටද ජලය උපකාරී වේ.

 

  • FACT 08 :



කරදියෙහි පිහිනීම වඩා පහසු වන්නේ කරදියෙහි ඝනත්වය මිරිදියේ ඝනත්වයට වඩා වැඩි වන අතර, කරදිය මගින් වැඩි උඩුකුරු තෙරපුමක් ඇති කරන නිසා පිහිනීම පහසු වේ.

 

  • FACT 09 :

 



සබන් ගෑමෙන් කුණු ඉවත් වන නමුදු දිනපතා සබන් ගෑම සමට අහිතකර විය හැකියි. ඒ දිනපතා සබන් ගෑමෙන් සම මත තිබිය යුතු තෙල් ප්‍රමාණයත් ඉවත්ව ගොස් සම වියළී යාමට හැකියාව ඇති නිසා.

 

  • FACT 10 :


ළදරුවෙකු වමනය කරන විට කිරි කැටි ගැසී ඇති බව පෙනේ. ඒ කිරි මත රෙනින් නම් වූ එන්සයිමයි ක්‍රියාකිරීමෙන් කිරි කැටි ගැසීමට පටන් ගනී. එනිසා ළදරුවෙකුගේ වමනය කැටි ගැසී ඇති බව පෙනේ.

 

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

876 Views

Comments

arrow-up