යලි නැගිටින රබර් වගාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
11

යලි නැගිටින රබර් වගාව

යලි නැගිටින රබර් වගාව

අතීතයේ අපේ රටේ ප්‍රධාන අපනයන බෝගයක් ලෙස රබර් වගාව වඩා ප්‍රචලිත විය. දෙවන ලෝක යුධ සමයේ මෙරට නිෂ්පාදිත රබර් වලට සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන වලට ඉහළ ඉල්ලුමක් තිබූ බවත් ඉන් ඉහළ විදේශ විනිමයක් ඉපයීමට හැකිවූ බවත් නොරහසකි. නමුත් අපනයන වල ප්‍රමුඛතාවය ඇඟලුම් අංශය විසින් ඉසිලීමත් සමග රබර් අපනයනය සහ රබර් වගාව යම් මට්ටමක පහත වැටීම වැටීමක් දක්නට ලැබිණි. යළි අපනයන ආර්ථිකයක් කරා යෑමට සූදානම් වන වර්තමානයේ සම්ප්‍රදායිකව රබර් වගා ප්‍රදේශවලින් බාහිර ප්‍රදේශවලට රබර් වගාව ව්‍යාප්ත කිරීමට කටයුතු කර ඇතැයි සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ වතු ආශ්‍රිත භෝග වගා තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන අමාත්‍යාංශයෙන් වාර්තා වේ.

 


කෑගල්ල, කළුතර ,රත්නපුර, දිස්ත්‍රික්ක රබර් ත්‍රිකෝණය ලෙස හඳුන්වමින් වාණිජ වගාවන් ලෙසින් රබර් බහුලව වගා කරනු ලබන නමුත් ජනගහන වර්ධනයත් සමඟ එම දිස්ත්‍රික්කවල රබර් වගාව ක්‍රමයෙන් අඩුවන බව අමාත්‍යංශය විසින් වර්තමානය වන විට හඳුනාගෙන තිබේ. එම නිසා මෙම තත්වයට පිළියම් වශයෙන් සාම්ප්‍රදායිකව රබර් වගා කරන ප්‍රදේශ වලට අමතරව රටේ සෙසු ප්‍රදේශ ප්‍රදේශවල ද රබර් වගා කටයුතු ආරම්භ කිරීමේ අවශ්‍යතාවය මතුව තිබේ.

 


ඒ අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 9,000ක හා අම්පාර දිස්ත්‍රික්කයේ අක්කර 3,000ක වාණිජ වගාවක් ලෙස රබර් වගා කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. ඊට අමතරව අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්කයන්හිද රබර් වගා කිරීමට ඇති හැකියාවද සොයා බලා ඇතැයිද වාර්තා වේ. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කන්දකාඩු ආදර්ශ රබර් වගා ගොවිපොළක්ද ආරම්භ කර තිබේ. අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්ක දෙකෙහි වාණිජ වගාවක් ලෙස රබර් වගාකිරීමේ හැකියාව පිළිබඳව සිදුකෙරෙන මෙම අධ්‍යනයන්ට පසු සාර්ථක වුවහොත් වාණිජ මට්ටමින් වගාකිරීමට කටයුතු කිරීමට සැලසුම් සකස්කර තිබේ.

 

වියළි කලාපයන්හි වර්ෂාපතනය අඩු බැවින් වසරේ වැඩි කාලයක් කිරි කැපිය හැකි වීමත්, දිලීර රෝගවලට ලක්වීමේ අඩු කමත් වියලි කලාපයේ රබර් වැවීමෙන් අත්වන වාසි ලෙස බලධාරීන් හඳුනාගෙන තිබේ.ඒ අනුව දේශීය ආර්ථිකයකට පණපොවමින් ඉහළ විදේශ විනිමයක් උපයා ගැනීමේ අපේක්ෂාවෙන් රටපුරා සුදුසු ප්‍රදේශ වල මෙලෙස අපනයන බෝගයක් ලෙස රබර් වගාව ප්‍රචලිත කිරීමට රජය දරන උත්සාහය සැබෑවටම ප්‍රශංසනාත්මකය. නමුත් ඒවා වචන වලට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව සියලු ජනතාවට මහත් ප්‍රතිලාභ සැලසෙන ආකාරයට කටයුතු කිරීමට ඔවුන් වගබලා වග බලා ගත යුතුය.

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

1693 Views

Comments

arrow-up