පොල්කිරි වල බලේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
12

පොල්කිරි වල බලේ

පොල්කිරි වල බලේ

අපගේ ආහාර සම්ප්‍රදායට මුළුතැන්ගෙයි ආහාර පිළියෙළ කිරීමට අවශ්‍යයෙන්ම වැදගත් වන පොල්කිරී අසීමිත පෝෂ්‍ය ගුණයක් මෙන්ම රෝග නිවාරණ ගුණයක් ඇති ආහාරයක් බව ඔබ දන්නවාද?


පොල්කිරි වල අඩංගු සංතෘප්ත මේද අමිලය නිසා ඒවා සෙඛ්‍යසම්පන්න නොවේ යැයි මතයක් පවතී. නමුත් එය නිවැරදි නොවේ. පොල්කිරි වල අණුක සංයුතිය අනුව එය සෑදී ඇත්තේ ශරීරයේ තැන්පත් නොවන මේදය වශයෙන්.එසෙ ශරීරයේ තැපත් නොවී කෙටි දාම හා මාධ්‍ය දාම මේද අමිලය වහ වහා ශරීර ශක්තිය නිපදවීමට ක්‍රියා කරයි. මේ අනුව පොල්කිරි වල ඇති මේදය ශරීරය ආපදාවට ලක් කරන යාන්ත්‍රණය ආරක්ෂා කරන වැඩි ප්‍රතිඔක්සිකාරකයකි. ජීර්ණ ක්‍රියාවලියේ ගැටලු ආමාශ ගතව ඇතිවන ගැස්ට්‍රයිටිස් ආදී රෝග මර්ධනය කිරීමේ හැකියාවකින් යුක්තවේ. ඔබේ සිරුරට දිනකට අවශ්‍ය යකඩ වලින් සියයට 22ක් පොල්කිරි යෙදු ආහාර වලීන් ලැබෙයි. මෙපමණ වැඩි යකඩ මූලාශ්‍රයක් නිරක්තිය මැඩලීමට උපකාරීවේ. පොල්කිරි ස්නායු ආබාධ, රුධිර පීඩනය, රුධිර සීනි මෙම සන්ධි ප්‍රදාහයන් ද පාලනය කිරීමට හේතු වේ.

 


පොල්කිරි සතුව ඇති මූලික මේද අම්ලයක් වන්නේ මහා බලසම්පන්න ගුණැති ලෝරික් අමිලයයි. ලෝරික් අම්ලය සතුව ප්‍රතිජීවක, ප්‍රතිවෛරස මෙන්ම ප්‍රති දිලීර ගුණාංග පවත්නා බැවින් රෝග රැසක් මර්ධනයට හේතු වෙයි. ලෝරික් අම්ලය මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියද ශක්තිමත් කරන නිසා එයිද රෝග නිවාරණයට සමිමාදමක් ලැබේ. ඔබ දිගු වෙලාවක් හිරු එළියට නිරාවරණය වීමෙන් සම යම් පිළිස්සීමකට ලක්වූ කෙනෙක් නම් පොල්කිරි ස්වල්පයක් ඇඟ තැවරීමෙන් මේ අහිතකර කිරණයෙන් ඇතිවූ බලපෑමෙන් සම වහා ප්‍රකෘතිමත් කරගත හැක.

 

 


රුධිරයේ ඇලෙන සුළු භාවය පවත්වා ගැනීමට ලෝරික් අමිලය උපයෝගී කරගත හැක. රුධිර ධාරාව පිරිසිදු කරන නිසා ඇල්ගොල්ලෙරෝසිස් වැනි රුධිර මග අවහිර කිරීම් වලින් වාහිනී ආරක්ෂා කර සුමටව රුධිරය පරීවහනයට මින් අවස්ථාවක් ලැබෙයි. පොල්කිරි උගුරේ ආසාදන සමනය කරන ඔසුවකි. සම හා කෙස් කළඹ සුරැකුමට පොල් නැතිවම බැරි නිසා රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයන් තම නිෂ්පාදන වල පදනම් ද්‍රව්‍ය ලෙස යොදාගන්නේ මේවාය. පොල්කිරි ප්‍රතිඔක්සිකාරක සපිරී ද්‍රව්‍යයකි. වයසට යාම පාලනය කිර්මට, ඇස් පෙනීම යහපත් කිරීමට, අස්ථි ඝනත්වය සවිමත් කිරීමට මේ නිසා පොල්කිරි අනුභවයෙන් රුකුලක් ලැබේ. නමුත් පොල්කිරි වල ඉහත කී ගුණ ලැබීමට නම් ඔබ පොල්කිරි දියර භාවිතයට ගත යුතුය.


අද බොහෝමයක් ගෘහණියන් බිලෙන්ඩර් කර පොල්කිරි ලබාගනී. බ්ලෙන්ඩර් කිරීමේදී පොල්කිරි වල තිබෙන වටිනාම පෝෂකයක් වන තතු කැඩී යන බව ඔබ දන්නවාද ? මේ නිසා හොඳම විසඳුම අතින් මිරිකාගත් පොල්කිරි හෝ විශ්වාසවන්ත වෙළඳනාමයක් හරහා දියර පොල්කිරී භාවිතා කිරීමට පුරුදු වන්න.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

998 Views

Comments

arrow-up