මොකක්ද මේ MRI පරික්ෂාව

MRI පරීක්ෂණය ගැන ඔබ නොදත් තොරතුරු කිහිපයක් මෙමගින් ඉදිරිපත් කෙරෙනවා. MRI ස්කැන් පරීක්ෂණය වේදනා රහිත පරීක්ෂණයකි. එක්ස් රේ පරීක්ෂණ වලදී, CT පරීක්ෂණයේදී මෙන් මෙහිදී අයනීකෘත හා විකිරණය උපයෝගී වන්නේ නැත. එහෙයින් හානි ඇති නොවේ. රේමන්ඩ් ඩැමඩියන් නමැත්තෙකු විසින් ප්‍රථම වරට MRI අනුසාරයෙන් සමස්ත ශර පරිලෝකනයක් සිදු කරනු ලැබීය. MRI ස්කෘන් පරීක්ෂණයේදී යොදාගන්නා චුම්බකය 459.67 F තරම් ශීත උෂ්ණත්වයක පැවතිය යුතුය. මෙම අධි ශීතන තත්වය පවත්වා ගැනීමට ද්‍රව හීලියම් යොදාගැනේ. හිටගෙන පරීක්ෂණයට භාජනය වීමෙන් රෝගීන්ට ඇතිවන භීතිකාව සමනය කළ හැකි නව තාලේ ස්කන් යන්ත්‍ර දැන් වෙළඳපොළේ පවතී.
විශාල චුම්බකයක්, ගුවන්විදුලි තරංග හා පරිගණක තාක්ෂණය ඇසුරේ ශර අභ්‍යන්තර ප්‍රතිබිම්බ ලබාගන්නා ප්‍රතිබිම්බ තාක්ෂණය MRI ලෙස සරලව හැඳින්වේ. රේමන්ඩ් ඩැමඩියන් නමැති මහාචාර්යවරයෙකු 1977 දී ස්කෑන් යන්ත්‍රය නිපදවන ලදී. මේ ප්‍රථම MRI ස්කෑන් යන්ත්‍රය අනුසාරයෙන් සමස්ත ශර්ණය පරිලෝකනයක් සිදු කිරීමට එදා පැය පහක කාලයක් ගත විණ. අපේ ශරීරයේ වැඩි වශයෙන් ඇත්තේ ජලයයි. එනම් හයිඩ්‍රජන් හා ඔක්සිජන් පරමාණුය. මේ පරමාණු මධ්‍යයේ ප්‍රෝටෝනයද පවති. මෙහි චුම්බක ගුණාංග ඇති නිසා වෙනත් චුම්බක කෙෂ්ත්‍රයකට සංවේදී අපේ ශරීරයේ ඇති ජල අණු ඇත්තේ අවිධිමත්ය . නමුත් චුම්බක ක්ෂේත්‍රය අබිමුවදී මේ අණ් එක පෙළකට ඇසිරති. උතුර හෝ දකුණ වශයෙන් දිශාභිමුඛ වෙති. වෙනත් චුම්බක බලපැවැත්වීමේදී ඉතා කුඩා ස්පන්ද කාලයකදී තුළ වුව මේ හයිඩ්‍රජන් පරමාණූ ස්වකීය දිශාව වෙනස් කරගනී. පේනූව ලුහුවත් කළ විට නැවත නිදහස් දිශා වලට සැකසීමක් වේ. පරීක්ෂණය තුළදී ඝෝෂාවක් ඇති වන්නේ මේ ක්‍රියාවලිය නිසාය.
ෆයිබ්‍රොයිඩි, එන්ඩොමෙට්‍රියෝසිස් ආදී රෝග, ගර්භාෂයික අසාමානතා, දරුවන් නොමැති කාන්තාවගේ සාඵල්‍යතා දෝෂ පරික්ෂා සඳහා මෙය බහුලව යොදාගැනේ. MRI පරීලෝකනය සම්බන්ධයෙන් රෝගීන්ට ඇතිවන ප‍්‍රශ්න සැලකීමේදි MRI පරීක්ෂණයක් සිදු කිරීමට කොපමණ වේලාවක් ගතවේද යන්න ශරීරයේ පරිලෝකනයට ලක් කරන්නේ කවර කොටසද ? ගත යුත්තේ කවර ප්‍රතිබිම්බද ? මේ ආදී සාධක මත වෙලාව වෙනස් වුවත් සාමාන්‍යයෙන් විනාඩි 15-60 අතර කාලයක් MRI පරිලෝකනයකට ගත වේ. MRI පරිලෝකනය අතරේ එම කුහරය තුළදී රෝගියාට එහා මෙහා විය නොහැක. ඔබ මේ පරීක්ෂණය මුළුල්ලේම නොසෙල්වී සිටිය යුතුය. ඔබේ සිරුර චලනය වූවහොත් ප්‍රතිබිම්බය නිර්මාණය වීම නියම ආකාරයෙන් සිදු නොවෙයි. ප්‍රතිබිම්බය බොඳ වෙයි. වෙසෙසින්ම දිගු වේලාවක් ගත වෙන පරීක්ෂණ වලදී නිසොල්මන්ව සිටීම විශේෂයෙන් වැදගත්ය.
by Dilki Shamani
Photo source : Internet
2167 Views
Comments