අන්නාසි කොළ ඩ්‍රෝන් කොටස් බවට පත් කරන විද්‍යාඥයින්

මේ දිනවල ඩ්‍රෝන යානා විවිධ ප්‍රදේශවල විවිධ වූ කටයුතු සඳහා භාවිතා කරනවා. විද්‍යාත්මක පර්යේෂණයේ සිට විවිධ පරීක්ෂා කිරීම් දක්වා මෙන්ම චිත්‍රපට රූගත කිරීම්වල සිට නිෂ්පාදන බෙදා හැරීම දක්වා විවිධ වූ පාර්ශ්වයන් මෙලෙස මෙම ඩ්‍රෝන උපකරණයන් සෑම තැනකම පාහේ භාවිතා කෙරේ. මැලේසියානු විද්‍යාඥයින් මෙම ඩ්‍රෝන යානා විශේෂ ආකාරයට වෙනස් කිරීමේ ක්‍රමයක් සොයාගෙන ඇත. ඒ පර්යේෂකයන් විසින් ඉවතලන අන්නාසි කොළ ඩ්‍රෝන යානා වල රාමු සෑදීම සඳහා භාවිතා කළ හැකි ද්‍රව්‍යයක් බවට පරිවර්තනය කරන තාක්ෂණයක් නිපදවීමයි.
රොයිටර් වාර්තාවකට අනුව, ක්වාලාලම්පූර් සිට කි.මී. 65 ක් දුරින් පිහිටි මැලේසියාවේ පුත්රා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මොහොමඩ් තරික් හමීඩ් සුල්තාන් විසින් මෙහෙයවනු ලබන මෙම ව්‍යාපෘතියේ, අන්නාසි කොළ උපයෝගී කරගනිමින් විවිධ වූ අභ්‍යවකාශ යෙදීම් සඳහා, එම කොළ වලින් තන්තුමය ආකාරයට ගෙන භාවිතා කළ හැකි ක්‍රමයක් කෙරෙහි අවධානය යොමු කර ඇත. තවත් විවිධ වූ අභ්‍යාවකාශ නිපැයුම් සඳහා මෙම තන්තු භාවිතා කළ හැකි බවද ඔවුන් විසින් සොයාගැනීමද විශේෂත්වයක්.
මොහොමඩ් තරික් සහ ඔහුගේ කණ්ඩායම මෙසේ ඩ්‍රෝන් කොටස් සෑදීම සඳහා භාවිතා කළ හැකි තන්තු නිර්මාණය මේ වන විටත් සිදුකර අවසානයි. ප්රවෘත්ති ඒජන්සිය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ මෙලෙස ජෛව සංයුක්ත වූ ද්‍රව්‍ය වලින් සාදන ලද ඩ්‍රෝන යානා කෘතිම තන්තු වලින් සාදන ලද ඒවාට වඩා වැඩි ශක්තියක් ඇති බවයි. එමෙන්ම ඒවා සැහැල්ලු, ලාභදායී සහ බැහැර කිරීමට ඉතා පහසු බවත් ඔහු තවදුරටත් සඳහන් කළා. මෙයින් අදහස් කරන්නේ මෙම තන්තු වලින් සාදන ලද ඩ්‍රෝන යානයකට හානි සිදුවුවද, එය භූමියේ වැළළු පසු සති දෙකක් වැනි කාලයක් ඇතුළත දිරාපත් වීමට ලක්වන බවයි. ඔව්, ඒවා අතිශයින්ම පරිසර හිතකාමී වනවා. මේ සියල්ල න්‍යායන් තුළින් සාර්ථක යැයි පෙනුනද සැබැවින්ම එය කළ හැකි දෙයක්ද?
වාර්තාවෙන් කියැවෙන්නේ ඔවුන් විසින් මෙසේ පරිසර හිතකාමීව නිර්මාණය කරන ලද මෙම නවතම ඩ්‍රෝන යානා මීටර් 1000 ක් පමණ උසකට පියාසර කර විනාඩි 20 ක් පමණ අහසේ රැඳී සිටීමටද හැකියාව ඇති බවයි. මෙම පර්යේෂකයන් දැන් විශාල ඩ්‍රෝන යානයක් නිපදවීමට සැලසුම් කරමින් ඇති අතර, මෙම තාක්ෂණය උපයෝගී කරගනිමින් එදිනෙදා කටයුතු වලට පහසුව සැලැස්වීමට උත්සාහ කරයි. විවිධ වූ සංවේදකයන් ( Sensors ) භාවිතා කරමින් මෙන්ම විශාල ප්‍රමාණයේ භාණ්ඩ පවා එහා මෙහා ගෙන යාමට ඇති හැකියාව මෙම ඩ්‍රෝන වල ඇතිකිරීමටත් මෙම පර්යේෂකයන් උත්සාහ දරන බවයි වාර්තා වෙන්නේ.
by Kaushalya De Silva
Photo source : Internet
783 Views
Comments