ඩොල්ෆින්ලත් කියන තරම් හොදද?

ඩොල්ෆින් කිව්වම ඔබ අප සැවොම දන්නවා මිනිසාගේ සාගරයේ සිටින හොදම මිතුරා ඩොල්ෆින් කියල. නමුත් අද අපි කතා කරන්න යන්නේ ඩොල්ෆින් ගැන මේ කියන කතාව ඇත්තද, වගේම ඩොල්ෆින් ගැන හරියටම දැන ගන්නයි. ඉතින් අපි ඕන තරම් අවස්තා වල අහන්න ලැබිල ඇති මේ ඩොල්ෆින් මිනිසාට උදවු කරපු හැටි ගිලෙන්න ගියපු නැව් වලින් මිනිසුන් බේර ගතපු හැටි, මෝරුන් ගෙන් මිනිසුන් බේර ගතපු හැටි ආදී වශයෙන්.
ඩොල්ෆින් කිව්ව ගමන් අපි කාගෙත් ඔලුවට එන්නෙ බොට්ල්නෙක් ඩොල්ෆින්ල තමයි. ඒ කියන්නේ මේ අපි සාමාන්‍යයෙන් දකින විශාලත්වයෙනුත් සාමාන්‍ය ප්‍රමාණයේ අය. නමුත් මෙම ඩොල්ෆින් පරම්පරාව ගත්තොත් කුඩා ප්‍රමාණයේ ඉදන් ඉතා විශාල ප්‍රමානය දක්වා ඉන්නවා. උදාහරනයක් විදියට ගන්නවා නම් ඔබ සමහරවිට අහලත් ඇති කිලර්වේල් කියන ඩොල්ෆින් වර්ගය. මොවුන් ඉතා විශාල වගේම දරුනුයි.ඒක අපිට මෙයාට දාල තියන නමින් ම හිතා ගන්න පුලුවන් කොච්චර දරුණුද කියල. ඒ වගේම මෙයා තමයි ඩොල්ෆින් පවුලේ ඉන්න ලොකුම සාමජිකයා. කිලර්වේල් කියන්නේ මුහුදේ ඉන්න ලිකුම විලෝපිකයෙක්. මෙයාව ලේසියෙන් අදුර ගන්න පුලුවන් ඒ මොකද කියනවානම් මෙයාගෙ ඇගේ කලුයි සුදුයි පැච් දැක බලා ගන්න පුලුවන්. ඒ වගේම මෙයාට පුදුමාකර විදියෙ බුද්දියක් තියෙන්නෙ. ඔයාල අහල ඇතිනෙ ඩොල්ෆින්ල කොහොමත් බුද්දිමත් කියල ඉතින් ඒ අනුව ඩොල්ෆින් පවුලෙ විශාලතම විලෝපිකය වෙච්ච මෙයාගෙ බුද්දිය කොහොමද කියල ඔයාලටම දැන් හිතා ගන්න පුලුවන් ඇති.
ඉතින් අන්න ඒ කරුණු කාරනා හා ඉතාමත් ලොකු සයිස් එකකුත් මෙයාට තිබෙන නිසා මුහුදෙ මෙයාට සම කරන්න තවත් විලෝපිකයෙක් නැති තරම්. ඉතින් ඒවගේම අපි අනිත් ඩොල්ෆින්ල ගැනත් කතා කරොත් මෙයාලගෙ පොඩිම සයිස් එක පටන් ගන්නෙ මීටරේ ඉදන්. ඒ වගේම මීතර් 10 දක්වා සයිස් තරම් අය ඉන්නත් පුලුවන්. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් තමයි මිනිසුන්ට වගේ නෙමෙයි මෙයාලට හිතල හුස්ම ගන්න ඕන. ඉතින් අන්න ඒක නිසා මෙයාලට නිදා ගන්න බැහැ. ඉතින් ඒකටත් මේ ගොල්ලො ක්‍රමයක් හොයාගෙනයි තියෙන්නෙ. මන් කලින් කිව්ව වගේම මෙයාලගෙ මොලේ විශාල නිසා එයාලට පුලුවන් මොලේ කොටසක් නිදා ගන්න පාවිච්චි කරන්නත් අනෙක් කොටස හුස්ම ගැනීමේ ක්‍රියාවලියට පාවිච්චි කරන්නත්. ඒ වගේම තමයි මෙයාල ශබ්ද නගන්නේ එයාලගෙ ඔලුවෙ තියන හුස්ම ගන්න සිදුර පාවිච්චි කරල. ඒ වගේම තමයි අපිට පුදුම වෙන්න කාරණාවක් තමයි මෙයාලගෙ දඩයම් කිරීමේ ක්‍රම අනෙක් සත්තුන්ට සාපේක්‍ෂව ගත්තම හරිම බුද්දිමත්. මොකද මෙයාලට ලොකු මොලයක් තියනවනෙ. මේ ගොල්ලොගෙ ප්‍රධානම ආහාරය තමයි පොඩි වේගෙන් පීනන මාලු.
by Sahan Sandeepa
Photo source : Internet
775 Views
Comments