ලංකාවේ මහාධිකරණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

ලංකාවේ මහාධිකරණය

ලංකාවේ මහාධිකරණය

ශ්‍රී ලංකාවේ මහාධිකරණ වර්ග 3ක් හදුනා ගන්න පුලුවන්. එදිනෙදා ජීවිතයේදී නීතිමය පසුබිම් හා අධිකරණ ක්‍රියාවලිය ගැන යම් තරමක හෝ අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා.ඒ නිසා මෙවැනි කරුණු ගැන දැනුවත් වෙන්න.

1. අපරාධ නඩු විභාග කරන මහාධිකරණය

මෙම මහාධිකරණයේ අපරාධ නඩු මෙහෙයවන්නේ සහ නඩු පැවරීම සිදුකරන්නේ නීතිපතිවරයා විසින්.අපරාධ නඩු විභාග වන මහාධිකරණයක මුලික වශයෙන් අධිචෝදනා වැරදි සම්බන්ධව නඩු තමයි නගන්න පුලුවන් විභාග වනේ,මිනීමැරීම්, ස්ත්‍රී දුෂණ වගේ නඩු නීතිපතිවරයාට සාක්ෂි ඇති බවට හැඟුනොත් අධිචෝදනා මගින් මහාධිකරණයට විභාගය සදහා පුලුවන්. ඊට අමතරව ගොනු කරන්න හෙරෝයින් නඩු, පිඩාකාරී ආයුධ පිලිබද නඩු, ගිනි අවි ලගතබාගැනීම පිලිබද නඩු, අල්ලස් ගැනීම් පිලිබද නඩු වගේ නඩුත් මහාධිකරණයේ විභාග වෙනවා.ඒ වගේම සමහර වැරදි සදහා ඇප ලබා ගන්නත් පුලුවන් මහාධිකරණයෙන් පමණයි. මිනීමැරීම,රාජ්‍ය විරෝධි වැරදි වගේ වැරදි වලට ඇපගන්න පුලුවන් මහාධිකරණයෙන් පමණයි.ඊට අමතරව හෙරෝයින් ලගතබා ගැනීම පීඩාකාරි අයුධ ලග තබා ගැනීම ආගමන විගමන පනත යටතේ සමහර වැරදි, මුහුදු මංකොල්ල කෑම් රේගු වැරදි වගේ වැරදි වලටත් මහාධිකරණට තමයි ඇප දෙන්න පුලුවන්.

2. සිවිල් නඩුවල අභියාචනා විභාග කරන මහාධිකරණ.

දිසා අධිකරණයේ තීන්දු වලට විරුද්ධව ඔබ අභියාචනා කරන්නේ මේ අධිකරණයට.ඒ අධිකරණයේ සමාන්‍යයෙන් විනිසුරුතුමන්ලා දෙදෙනෙක් ඉන්නවා.ඊට අමතරව අපි පසුව සාකච්ඡා කරන රීට් අධිකරණ බලයත් මෙම අධිකරණයට තියෙනවා.පළාත් සභාවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අධ්‍යාපනය ,සෞඛ්‍යය වැනි සමහර ක්ෂේත්‍ර වලට අදාලව බලතල දීලා තියෙනවා.ඔබ ඒ වගේ පළාත් සභාව යටතේ රජයේ රැකියාවක් කරලා යම් අසාධාරණයකට ලක් වුනානම් හරි පළාත් සභාවේ යම් පරිපාලන තිරණයකින් පීඩාවට පත්වෙනවනම් මේ අධිකරණයෙන් රිට් ආඥාවක් ඉල්ලන්න පුලුවන්.

3. වාණිජ ගනුදෙනු පිලිබදව නඩු විභාග කරන වාණිජ මහාධිකරණය

රුපියල් මිලියන මේ 5ට වැඩි ගනුදෙනු ඒ කියන්නේ බැංකු ණය,ලීසිං වගේ මුල්‍ය පහසුකම් වගේ දේවල් සම්බන්ධ නඩු පවරන්න පුලුවන් උසාවියේ,හැබැයි ඒ ගනුදෙනුව බස්නාහිර පළාත ඇතුලේ සිද්ධ වෙලා තියෙන්න ඕනැ.ඊට අමතරව කෙනෙක් ලියපු පොතක් හෝ ගීතයක් හරි වෙන කෙනෙක් ඔබගේ අවසරයක් නැතිව භාවිතා කරල මුදල් උපයනවනම් එය වලක්වන්න පුලුවන් බුද්ධිමය දේපල පනත යටතේ නඩු දාලා.ඒවගේ නඩුත් දාන්නේ මේ අධිකරණයේ.ඒ වගේම සමාගම් වල ආරවුල් විසදන්න පුලුවන් මේ උසාවියේ නඩු දාලා.

 


සරලවම ලංකාවේ ක්‍රියාත්මක වෙන මහාධිකරණය වර්ග තුන ගැන දැන් ඔබ දැනුවත් නේද?

views

3160 Views

Comments

arrow-up