ආසාද්මිකතා දැනගන්න රුධිර පරීක්ෂා

ආසාත්මිකතා හරිම පීඩාවක් ගෙන දෙනවා. හරිහැටි කෑමක් බීමක් කන්න සමහරුන්ට බැහැ. ඉස්සෝ කකුලුවෝ කෑවාම ඇගේ පලු දානවා. සමහරුන්ට මදුරුවෙක් කෑවත් විශාල ඉදිමුමක් ඇති වෙනවා. සමහරෙක්ට නෑමෙන් පස්සේ කසනවා. මේ වගේ විදියට අසාත්මිකතා අපට හිරිහැර කරනවා.
මෙලෙස ඇතිවන ආසාත්මිකතා අපි ගැඹුරින් විමසා බැලිය යුත්තේ ඇතිවන පීඩාව නිසා පමණක් නොව ආසාත්මිකතා හදිසි මරණවලට පවා හේතුවන නිසයි. විශාල වශයෙන් දරුණු විය හැකි අවස්ථා තියෙන නිසයි. අසාත්මිකතාවකදී සිදුවන්නේ අපේ ප්‍රතිශක්තිය අධික ක්‍රියාකාරී වීමක්. එහි ප්‍රතිඵලයක් ලෙස ආසාත්මික ලක්ෂණ අපිට ඇති වෙනවා. යම් ආසාත්මිකතා කාරකයක් අපිට නිරාවරණය වූ විට immunoglobulin E නම් ප්‍රතිදේහ නිපදවෙනවා. එය ශරීර ගතව පවතින නිසා එම ආසාත්මිකතා කාරක නැවතත් ඔබට නිරාවරණය වූ විට ආසාත්මිකතා ලක්ෂණ පෙන්නුම් කරනවා. රුධිර පරීක්ෂාවට ලක් කරන්නේ මේ ප්‍රතිදේහය.
ආසාත්මිකතාවක් දැයි සැක හැර දැන ගැනීමට සිදුකරන රුධිර පරීක්ෂාව හඳුන්වන්නේ Allergen Specific lge Antibody test ලෙස. නැවතත් එකම අසාත්මිකතා ලක්ෂණ ප්‍රකට කරන විට මේ පරීක්ෂණය නියම කරනවා. මෙහිදී සිදුකරන්නේ විශේෂඥ වෛද්‍ය අධිකාරි නිරීක්ෂණ යටතේ රෝග විවිධාකාරය ආසාත්මිකතා කාරක වලට නිරාවරණය කිරීමයි. ප්‍රතිඵල කෙරෙහි ඇතැම් චර්ම රෝග බලපෑමක් කළ හැකි නිසා ඒ පිළිබඳව විමසිලිමත් විය යුතු බව වෛද්‍යවරුන් පවසනවා. එක් ද්‍රව්‍යයකට වඩා වැඩි සංඛ්‍යාවකට ආසාත්මිකතා දක්වන්නේදැයි සැකහැර සැකහැර දැනගැනීමට මෙම පරීක්ෂණය කිහිප වරක් සිදු කරනවා.
පරීක්ෂණය ප්‍රතිඵල Negative නම් එම ආසාත්මිකතා කාරකයට සිරුර ආසාත්මිකතාවක් නොදක්වන බවත් Positive අගයක් ලැබේ නම් ආසාත්මිකතා කාරකයක් බවත් නිගමනය කෙරෙනවා.
ඊට අමතරව වෛද්‍යවරුන් විසින් ආසාත්මිකතාව සම්බන්ධයෙන් විස්තරාත්මක තොරතුරු ලබා ගැනීම සඳහා Allergen Specific Antibody වැනි අතිරේක රුධිර පරික්ෂා සිදු කරනවා. ආසාත්මිකතා පරීක්ෂණ බොහෝ විට සිදු කරන්නේ ආසාත්මිකතා රෝග ආශ්‍රයෙන් බොහෝ දැනුම ඇති චර්ම රෝග වෛද්‍යවරයෙකු විසින්. ආසාත්මිකතා නිශ්චය කරගැනීම සඳහා විවිධ ආහාර වර්ග කෑමෙන් ඉවත් කිරීම හෝ තවත් ඒවා ඊට ඇතුළත් කිරීම ආශ්‍රයෙන් මේ පරීක්ෂණ සිදුකරනවා. සිදු කරනවා මේ පරීක්ෂණ සිදු කිරීමේදී විවිධ ආසාත්මිකතා මතුවීමේ අවදානමක් තිබෙන අතර ඇතැම් විට මාරාන්තික තත්ත්වයන් ද ඇතිවිය හැකි නිසා ඉතා සමීප වෛද්‍ය අධීක්ෂණ ය යටතේ මේවාඇතැම් විට කෙනෙකුට ඇතිවන ආසාත්මිකතා ප්‍රවේණියෙන්ම උරුම වෙන්න පුළුවන්. කෙසේ වෙතත් යම් ආසාත්මිකතාවක් හඳුනාගත් පසු කවර සුවිශේෂීතාවයන් දරන්නේද යන්න විමසා බැලීම වැදගත් වෙනවා. ආසාත්මිකතා බව බොහෝවිට ස්වයං සාධක මත රඳා පවතී පවතිනවා. අතිශයින්ම තමන්ටම ආවේණික ස්වරූපයක් ගන්නවා. මේ නිසා ඔබටත් යම් යම් ආහාර පාන ඖෂධ ආසාත්මිකතා වන්නේ නම් මදක් විමසිල්ලෙන් කටයුතු කරන්න.
by Dilki Shamani
Photo Source: Internet
840 Views
Comments