ප්‍රවාහනයේ ඓතිහාසික සොයාගැනීම්

අද පවතින නවීන ප්‍රවාහන මාධ්‍යන්ගේ දියුනුවට මුල් වූයේ අතීතයේ ප්‍රවාහනය සම්බන්ධයෙන් කළ සුවිශේෂී සොයා ගැනීම් නිසයි. මේ එලෙස සොයාගත් ඓතිහාසික වශයෙන් වැදගත් දේ සම්බන්ධ සටහනක්.
මිනිස් ඉතිහාසය වෙනස් කළ රෝදය
මානව ශිෂ්ටාචාරය වෙනස් මගකට යොමු කළ රෝදය මුලින්ම භාවිතා වූයේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේයි. ඔවුන් මැටි බඳුන් තැනීමේදී කුඹල් සක සේ මුලින් එය භාවිතා කළා. ඊට පසු එය කරත්ත වටය සවිකළ අතර එළඹුණු ශත වර්ෂ කිහිපය මුළුල්ලේම විවිධ ශිෂ්ඨාචාර රෝද යෙදූ රථ භාවිතා කලා. 1700 දී පමණ එංගලන්තයේදී ආරම්භ වුණු කාර්මික විප්ලවයත් සමඟ රෝදයට ඉතා වැදගත් තැනක් ලැබුණා. අද භාවිතා කරන සෑම යන්ත්‍රයකටම රෝදය අත්‍යවශ්‍ය අංගයක්වී තිබෙනවා.
වාෂ්ප නෞකාව
18 වන සියවස වන විට වාෂ්ප එන්ජිම බොහෝ කටයුතු සඳහා යොදාගෙන තිබුණා. ප්‍රවාහන අංශය ඉන් ප්‍රධාන ක්ෂේත්‍රයක්. 1807 දී රොබට් ෆල්ටන් නම් ඇමෙරිකන් ජාතිකයා වාෂ්ප එන්ජිමක් සහිත කුඩා නැවක් තනා එය සාර්ථක ලෙස යාත්‍රා කරවූවා. 1819 දී මෝසස් රොජර්ස් නම් ඇමරිකානු ජාතිකයා සැවානා නෞකාවෙන් අත්ලාන්තික් සාගරය තරණය කළා. මෙය ප්‍රවාහන ක්ෂේත්‍රය නව මඟකට යොමු කිරීමක් ලෙස සැලකුණා.
බැරන් කාල් ඩ්‍රේස් ගේ බයිසිකලය
ප්‍රංශ ජාතික බැරන් කාල් ඩ්‍රේස් සවර්බ්‍රන් විසින් ඩ්‍රේසීන් නමින් හැඳින්වුණු ප්‍රථම බයිසිකලේ නිර්මාණය කළා.එම නිර්මාණය කළ බයිසිකලය පදවන්නා ඒ මත නැග දෙපා බිම තබා ඉදිරියට තල්ලුවී මෙන් පැද විය යුතුයි. ඊට පසු 1839 දී කාර්කපැට්රික් මැක්මිලන් නම් ස්කොට් ජාතිකයා දෙපයින් පැද යා හැකි බයිසිකලයක් නිර්මාණය කළා. පියරි මිෂෝ සහ අර්නස්ට් මිෂෝ යන ප්‍රංශ ජාතික පිය පුතු දෙපළ ප්‍රංශ ජාතික පියරි ලෙලමන්ට් ඇමරිකන් ජාතික ජේම්ස් කැරල් ඉංග්‍රීසි ජාතික ජේමිස් ස්ටර්ලි බයිසිකලය විවිධාකාරයෙන් වැඩි දියුණු කළා.
ලොව පළමු ඩීසල් එන්ජිම
පෙට්‍රල් වෙනුවට වඩා පිරිමැසුම්දායක ඉන්ධන වර්ගයක් යොදාගෙන ක්‍රියාත්මක කරවිය හැකි මෝටර් එන්ජිමක් 1897 දී නිපදවූයේ ජර්මන් ජාතික රුඩොල්ෆ් ඩීසල් විසින්. ඒනිසා ඩීසල් ඉන්ධන නාමයෙන් හැඳින්වෙන පටන් ගත්තා. මෙම එන්ජිම උෂ්ණත්වය හා පීඩනය යන අන්‍යෝන්‍ය සම්බන්ධතා සාධක දෙක මත ක්‍රියාත්මක වුණා. පෙට්‍රල් එන්ජිම තුල ඉන්දන දැවෙන්නේ බැහැරින් එන විදුලි මගින්. එහෙත් ඩීසල් එන්ජිමේ එය සිදුවන්නේ රත්වූ ඉන්ධන ධාරාවක් මගින් සම්පීඩිත ඩීසල් තෙල් ගිනි ගැන්වීමෙන්. මෙම ඩීසල් එන්ජිම බරවාහන දුම්රිය හා ජල යාත්‍රා සඳහා යෝග්‍ය බව පසුකාලීනව අනාවරණය කර ගත්තා.
ලියනාඩෝගේ හිතේ මැවුම් හෙලිකොප්ටරය
හෙලිකොප්ටරය පිළිබඳ මූලික අදහස් ඉදිරිපත් කළේ ලියනාඩෝ ඩාවින්සි විසින්. 1977 දී ඉතාලි ජාතික එරිනකෝ ෆොන්ග්ලියානි නියමුවකු රහිත හෙලිකොප්ටරයක් තනා ගුවන් ගත කළා. හෙලිකොප්ටරයක් තැනීමට වඩාත්ම උනන්දු වූයේ ප්‍රංශ ජාතිකයන්. ඉගෝරි සිකෝස්කි නම් රුසියානු ජාතිකයා 1939 දී ඉතා කාර්යක්ෂම හෙලිකොප්ටරයක් නිපදවූවා. ලොව පුරා අදටත් භාවිතා වන ඇතැම් හෙලිකොප්ටර සිකෝස්කිගේ නිර්මාණයි.
by Dilki Shamani
Photo Source: Internet
900 Views
Comments