ලොව ප්‍රචලිත ඇක්ෂන් කැමරාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
14

ලොව ප්‍රචලිත ඇක්ෂන් කැමරාව

ලොව ප්‍රචලිත ඇක්ෂන් කැමරාව

gopro කියන්නේ ලොව වඩාත් ප්‍රචලිත action කැමරාවක්. එහෙමත් නැත්නම් රළු භාවිතයට සහ ක්‍රීඩා සඳහා විශේෂිත වූ කැමරා වර්ගයක්. මෙය ජලයට දුහුවිල්ලට අධික පීඩනයට මෙන්ම ගැටුම් වලට ඔරොත්තු දිය හැකි ආකාරයට නිර්මාණය කර තිබෙනවා. gopro hero පවුලේ නවතම සාමාජිකයා ලෙස එක් වූයේ gopro hero 8 black කැමරාවයි. මේ ඒ පිළිබඳ සටහනක්.

මේ අලුත්ම කැමරාවේ විශේෂත්වය වන්නේ මේ සඳහා බාහිර ආරක්ෂක ආවරණයක් අවශ්‍ය නොවීමයි. මෙය ඉතා කුඩා වන අතර බර ග්‍රෑම් 126 පමණ වෙනවා. තවද කැමරාවේ අඩංගු වන දිගහැරීමට සහ හැකිලීමට හැකි ආධාරක සම්බන්ධක දෙක මගින් ඉතා ශක්තිමත්ව වෙනත් ආධාරකයකට සවිකිරීමේ හැකියාව තියෙනවා. දැනට මෙය වෙළඳපොලේ අලෙවි වන්නේ ඇමරිකානු ඩොලර් 400ක් තරම් මුදලකටයි.

 


බ්ලූටූත් සහ wi-fi මගින් මගින් ස්මාර්ට් ජංගම දුරකථනය හෝ ටැබ්ලට් පරිගණකය සමග සම්බන්ධ කිරීමටත් gopro යෙදුම මගින් කැමරාවේ විවිධ කාර්යන් සිදුකිරීමටත් හැකියාව තියෙනවා. තවද GPS පහසුකම් කටහඬින් පාලනය කිරීමේ හැකියාව වැනි විශේෂාංගද මෙහි අඩංගු වෙනවා. එමෙන්ම අඟල් දෙකක ස්පර්ශක සංවේදී තිරයක් සහ ගලවා ඉවත් කළ හැකි ලිතියම් අයන් බැටරියක් පැවතීම මෙම gopro hero 8 black හි විශේෂත්ව වෙනවා. gopro hero 8 black ඩිජිටල් කාච පරාස හතරක් ඇති අතර මේවායින් වඩාත් පුළුල් පරාසයක් කැමරාවක් ගත කිරීමට හැකියාව ලැබෙනවා.

මෙම නවතම කැමරාව සඳහා විශේෂිත උපාංග කිහිපයක් තියෙනවා. Media mod කියන්නේ ඉන් එකක් වන අතර මෙය gopro hero 8 black කැමරාවට පිටතින් සවි කළ හැකි microphone උපාංගයක් වෙනවා. මෙමගින් වඩාත් සුපැහැදිලිව ශබ්ද සහිත වීඩියෝ ලබාගැනීමට හැකිවෙනවා. display mod කියන්නේ කියන්නේ gopro hero 8 black සඳහා පිටතින් සවි කළ හැකි අමතර තිරයක්. මෙය ඉදිරිපසට සහ පිටුපසට හැරවීමට හැකියාව ඇති අතර රූපගත කිරීම් වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි වෙනවා. Light කියන්නේ මෙම කැමරාව සඳහා එක්වූ තවත් විශේෂ විශේෂිත උපාංගයක්. මෙය කැමරාවට බාහිරින් සවිකළ හැකි ආලෝකකරණ කරන උපාංගයක් වන අතර මෙමගින් ඡායාරූප සහ වීඩියෝ සඳහා අවශ්‍ය ආලෝකය සැපයීමට හැකියාව ලැබෙනවා. මෙම නවතම කැමරාව තරමක් මිල වැඩි වුණත් කටහඬින් පාලනය කිරීමට යම් යම් අවස්ථාවලදී අපහසුතා පෙන්විය හැකියි. කෙසේ වෙතත් එදිනෙදා ගමන් බිමන් යාමේදී ලොව වටා යෙදෙන සංචාරයන්වලදී මතකයන් රැස්කරන්න කරන්න gopro hero 8 black කැමරාව ඔබට පහසුවක් වේවි.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

507 Views

Comments

arrow-up